තැත්තන් වෙළදාම සම්බන්ධයෙන් අවදානම් කලාපයේ සිටි අපේ රට දෙවන පියවර දක්වා උසස් තත්වයකට

Thalatha-2.jpg

පසුගිය වසර කිහිපය තුළ තැත්තන් වෙළදාම සම්බන්ධයෙන් අවදානම් කලාපයේ සිටි අපේ රට අද වන විට දෙවන පියවර දක්වා උසස් තත්වයකට පත් කර තිබීම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව ලැබු ජයග්‍රහණයක් එම තත්වය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට කැපවී කටයුතු කළ යුතුයි- ඇමතිනී තලතා අතුකෝරල පවසයි.

අධිකරණ හා විදේශ රුකියා කටයුතු ඇමතිනී නීතිඥ තලතා අතුකෝරල මහත්මිය මෙම අදහස් පළ කළේ තැත්තන් වෙළදාම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරය නිල වශයෙන් දියත් කිරිම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ හමුවකට 2017-09-06 (අද) පෙරවරුවේ එක්වෙමිනි.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වු ඇමතිනිය මෙසේ ද පැවසුවාය.

පසුගිය වසර අටක් දහයක් තිස්සේ අපේ රට මිනිස් ජාවාරම සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න රුසකට මුහුණ දී සිටියා.පසුගිය වසරේ අධිකරණ අමාත්‍යාංශය යටතේ මිනිස් ජාවාරම සම්බන්ධ කාර්ය සාධක බලකාය මෙන්ම සියලු ආයතන එක්ව එම තත්වයෙන් මිදීමට අපිට හැකි වුණා.ඒ සදහා විදේශ රුකියා අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන වැඩ සටහන් රාශියක් දියත් කළා . විදේශ රුකියා අමාත්‍යාංශය යටතේ අපි නීති රීතී ඇති කළා.විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා දැනුවත්වීම් සිදු කළා.විදේශ රුකියා සදහා යවන ශ්‍රමිකයින්ගේ පුහුණුවීම් විධිමත් කළා .පවතින නීති නිසි පරිදි ක්‍රියාත්මක කළ බව ද ඇමතිනීය සදහන් කළාය.

මේ සියලු උත්සාහයන්හි ප්‍රතිඵලයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාව දෙවන පෙළ සෝදිසි ලැයිස්තුවේ සිට දෙවන පෙළ දක්වා උසස් කළා . ශ්‍රී ලංකාව දෙවන පෙළ සෝදිසි ලැයිස්තුවේ සිටියා නම් අපේ රටට විවිධ සම්බාධක පැනවීමේ අවධානමක් ද පැවතුණා.එම තත්වයෙන් නිදහස්වීම නිසාම අපේ රටට ජාත්‍යන්තර වශයෙන් වාසි රුසක් අත් වුණා.මේ සදහා ඕස්ට්‍රේලියානු රජය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රටවල් අපේ රටට සහයෝගය ලබා දුන්නා .මේ දෙවන මට්ටම ලබා ගැනීම සදහා අපි පසුගිය වසර තුළ සාමුහිකව විශාල කැප කිරිමක් කලා එය තවදුරටත් ආරක්ෂා කර ගත යුතුයි .අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති කාර්ය සාධක බලකාය හා ඕස්ට්‍රේලියානු රජය ලබා දුන් සහයෝගය මෙහිදී අගය කළ යුතුයි.දෙවන පියවරට උසස් වු පමණින් අපේ අරමුණු සම්පුර්ණ වන්නේ නැහැ.අපි දෙවන පියවරේ සිට තවදුරටත් ඉදිරියට යා යුතුයි.විශේෂයෙන් ම අවදානම් කලාපයෙන් ඉවත් වීම මගින් ජාත්‍යන්තර වශයෙන් ණය ලබා ගැනීම වෙළද ගිවිසුම් අත්සන් කිරීම සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රගතියට හේතු වෙන බව ද අමාත්‍යවරිය පැවසුවාය.

පසුගිය කාලය පුරාවටම මේ මිනිස් වෙළදාම මැඩලීම සදහා ගෙන ගිය කටයුතු සදහා විදේශ රුකියා අමාත්‍යාංශය විශාල දායකත්වයක් ලබා දුන්නා.දැන් අධිකරණ අමාත්‍යාංශය සහ විදේශ රුකියා අමාත්‍යාංශය යන දෙකම ලැබීම තුළින් තවදුරටත් මිනිස් වෙළදාම මැඩලීමේ කාර්යය ශක්තිමත්ව ක්‍රියාත්මක කළ හැකියි.මිනිස් වෙළදාම සම්බන්ධයෙන් විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සදහා විදේශ රුකියා අමාත්‍යාංශය යටතේ සෑම ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයකටම අනුයුක්තව නිලධාරීන් 1080 ක් පමණ සිටිනවා .ඒ සියලු දෙනා හරහා අපි ජනතාව දැනුවත් කිරිමට පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන් බිම් මට්ටමේ ග්‍රාමීය ජනතාව විදේශ ගතවීමේදි තමයි ප්‍රශ්න තියෙන්නේ නිසි පුහුණුවක් ඇති විධිමත් රුකියා සදහා ශ්‍රමිකයන් යැවීම අපේ අරමුණ හා බලාපොරොත්තුවයි. මිනිස් වෙළදාම සම්බන්ධයෙන් පවතින නීති රීති ප්‍රමාණවත් බවත් ඒවා ක්‍රියාත්මක කිරීම නිසි පරිදි සිදු කළ යුතු බවත් ඇමතිනීය ප්‍රකාශ කළාය.

මාධ්‍යෙව්දීන් යොමු කළ ප්‍රශ්න කිහිපයක් සදහා පිළිතුරු ලබා දුන් ඇමතිනිය තවදුරටත් මෙසේ සදහන් කළාය.

ප්‍රශ්නය-සරත් පොන්සේකා මහතා ප්‍රකාශ කරලා තිබුනා ජනරාල් ජගත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් චෝදනා තියෙනවා අපරාධ කරලා තියෙනවා .දේශිය අධිකරණයක් තුළින් සාක්ෂි දෙන්න සූදානම් කියලා .ඔබතුමිය සූදානම් ද දේශිය අධිකරණයක් පිහිටුවලා ඒ කරුණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න.
පිළිතුර-මාතෘකාවෙන් පිට දෙයක් .ඒත් මං උත්තරයක් දෙනවා.ඒක මේ එක පුද්ගලයෙකුට වුනු දෙයක් නෙමෙයි.රටේ ඕනම කෙනෙකුට මොකක් හරි වරදක් කරලා තිබෙනවා නම් හරි එහෙම තිබුණොත් අයිතියක් තිබෙනවා මේ රටේ නීති පද්ධතිය තුළ නීතිය ක්‍රියාත්මක කරන්න .නඩු විභාගයකින් පසුව ඒක පුද්ගලයෙකුට අදාළ නැහැ කියපු පුද්ගලයා අදාළත් නැහැ දෙකම අදාළ නැහැ.

ප්‍රශ්නය-සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රිතුමා මාතර දී ප්‍රකාශ කරලා තිබුණා ඔබතුමිය අධිකරණ ඇමති වුණු නිසා හිටපු විදේශ රුකියා ඇමති ඩිලාන් පෙරේරා මහතාගේ කාලයේ වුණු හොරකම් සම්බන්ධයෙන් දැන් විසදන්න පුළුවන් නේද කියලා .ඒ ගැන මොකද කියන්නේ.

පිළිතුර-මං හිතන්නේ අපි මාතෘකාවට හිටියොත් හොදයි නේද .මට කියන්න තියෙන්නේ දේශපාලනය කරන කොට දේශපාලඥයින්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන් .විශේෂයෙන්ම ඒ කටයුතු මං භාරයේ තියෙන දෙයක් නෙමෙයි මං අධිකරණ ඇමති වුණාට.

අධිකරණ අමාත්‍යාංශය යටතේ මෙන්ම ප්‍රධාන පෙලේ රාජ්‍ය ආයතනවල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය තැනැත්තන් වෙළදාම වැලැක්වීම මැඩලීමේදි මහජනයා දැනුවත් කිරීම සදහා 2015-2019 වසර දක්වා විශේෂිත සැළැස්මක් ක්‍රියාවට නංවා තිබේ.තැනැත්තන් වෙළදාම අවම කිරීම සම්බන්ධයෙන් සහායවීම නඩු කටයුතු පැවරීම සහ වැඩිදුර තොරතුරු සැපයීම සම්බන්ධයෙන් වු අන්තර්ජාතික සංවිධානය විසින් ක්ෂණික දුරකථන ඇමතුම් සේවාවක් ක්‍රියාත්මක වන අතර ඒ අනුව ඕනෑම තැනැත්තෙකුට 0766588688 යන දුරකථන අංකයට මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දිය හැක.

තැනැත්තන් වෙළදාම මැඩලීම පිළිබදව මහ ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරය සදහා ඕස්ට්‍රේලියානු රජයේ විදේශ කටයුතු සහ වෙළද දෙපාර්තමේන්තුව විසින් මූල්‍ය අනුග්‍රහය ලබා දී තිබේ.මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු ශ්‍රී ලංකාවේ පිහිටි සංක්‍රමණිකයින් සම්බන්ධව අන්තර්ජාතික සංවිධානයේ iomcolombo@iom.int විද්්‍යුත් ලිපිනයෙන් හෝ 0115325300 දරණ දුරකථන අංකයෙන් ලබාගත හැකිය.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්රීස් හචිසන් (BRYCE HUTCHESSON) ,සංක්‍රමණිකයින් සදහා වු ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානී GIUSEPPE CROCETRI ,අධිකරණ අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් සුනිල් සමරවීර යන මහත්වරුන් ද අදහස් දැක්වීය.

scroll to top