ණයකර අක‍්‍රමිකතා සොයන්න ති‍්‍රපුද්ගල කමිටුවක්

මාර්තු 9, 2014 (විමසුම) – ශී‍්‍ර ලංකා මහ බැංකුව මගින් බැංකු ණයකර නිකුත් කිරීමේදී අක‍්‍රමිකතා සිදුවී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබදව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ විශේෂ අවධානය යොමුවී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ පිළිබද යථා තත්ත්වය වාර්තා කිරීම සදහා ති‍්‍රපුද්ගල කමිටුවක් වහාම පත්කිරීමට ජනාධිපති ලේකම්තුමා වෙත උපදෙස් ලබා දුන් ජනාධිපතිතුමා එම කමිටුවේ විමර්ශන මත මෙම බැංකු අණකර නිකුත් කිරීමේදී යම් අක‍්‍රමිකතාවක් සිදුවී ඇති බවට හෙළිදරව් වන්නේ නම් එයට සම්බන්ධ බවට වාර්තා වන කවර මට්ටමක හෝ නිලධාරින්ට / පුද්ගලයන්ට එරෙහිව නීති ප‍්‍රකාරව දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා ලෙසද වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.

  • Nimal

    කමිටු කොතරම් තිබුනත් එය ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණක්

  • Tilak

    නිලධාරීන් කුමන තරාතිරමක වුවත් නීතිය ක්‍රියාත්මක කල යුතුයි

  • Sumane

    නිලධාරීන් කුමන තරාතිරමක වුවත් නීතිය ක්‍රියාත්මක කල යුතුයි

  • Nimal

    කමිටු කොතරම් තිබුනත් එය ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණක්

scroll to top