ඩෙංගු මර්ධනය සඳහා වෝටර්ස් එජ් දායකත්වය

WE.jpg

රෝහල් වල ඉඩ පහසුකම් නැති තරමට ජනතාව පිඩාවට පත් කරමින් ඩෙංගු උවදුර සීග්‍රයෙන් පැතිරී යන කාලයක ජාතියක් වශයෙන් බොහෝ දෙනෙකු ඩෙංගු උවදුර මුලිනුපුටා දැමීමේ දැවැන්ත උත්සාහයක යෙදී සිටින අතර වෝටර්ස් එජ් ද ඒ සඳහා එක්වෙමින් හෝටල් කාර්ය මණ්ඩලය හා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (08) දින දියත් කරන ලදී.

ඩෙංගු උවදුර වූ කලී හුදෙක් සෞඛ්‍ය ගැටළුවක් පමණක් නොවන බවත්, සංචාරක කර්මාන්තයේ සැලකිය යුතු ගැටළු සහගත තත්වයක් බවට අවබෝධ කරගත් වොටර්ස් එජ් සභාපති චමත් ද සිල්වා මහතා, බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මැතිතුමාගේ අදහසකට අනුව මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යංශයේ පූර්ණ අනුමැතිය ද ඇතුව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩපිළිවෙල “වෝටර්ස් එජ් ඩෙංගු නිවාරණ වැඩසටහන” යටතේ ක්‍රියාත්මක කෙරීය.

මෙරට සංචාරක කර්මාන්තයේ වගකිවයුතු ආයතනික පුරවැසියෙකු හා නියෝජිතයෙකු ලෙස වෝටර්ස් එජ් මෙම ඩෙංගු නිවාරණ වැඩසටහනෙහි පුරෝගාමියෙකුව කටයුතු කරන අතර, ඩෙංගු මර්ධන සහ වැළක්වීමේ ක්‍රම පිළිබඳව කාර්ය මණ්ඩලය හා මහජනතාව දැනුවත් කිරීම හා ඩෙංගු මර්ධනය සඳහා අනුගමනය කලයුතු ක්‍රමවේද අනුගමනය කිරීම සඳහාද ඔවුන් මූලික පියවර ගෙන ඇති බව උත්සවය අමතා වෝටර්ස් එජ් සභාපති චමත් ද සිල්වා මහතා පැවසීය.

ඩෙංගු උවදුර යනු මේ දිනවල සමාජයේ වැඩි කතා බහට ලක්වෙන මාතෘකාවක් නිසා ප්‍රධාන වශයෙන්ම ඩෙංගු නිවාරණ ක්‍රම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා වන මෙම වැඩසටහනට විශාල පිරිසක් සහභාගී වීම දක්නට ලැබුණි.

මෙම වැඩසටහන තුළදී ඩෙංගු නිවාරණ ක්‍රම පිලිබඳ ඔවුන් දැනුවත් කිරීම සඳහා වෝටර්ස් එජ් හි කාර්ය මණ්ඩල කණ්ඩායම් ලෙසින් නිවෙස් සහ කාර්යාල නිරීක්‍ෂණය කර ඔවුන් අනුගමනය කළ යුතු ඩෙංගු නිවාරණ ක්‍රම පිලිබඳ ඔවුන්ව දැනුවත් කිරීම සිදු කර අතර, වෝටර්ස් එජ් අසල පදිංචිකරුවන් සඳහා ඉහත සඳහන් කළ ආකාරයට දැනුවත් කිරීම් සිදු කර “ඉන්දියන් තුල්සි” මදුරු මර්ධන පැල ද ලබා දීමක්ද සිදු කෙරුණි. එසේම මෙම වැඩසටහන සමාරම්භක දවසේදී නිවාස 100 සඳහා “පැඟිරි තෙල්” ද නොමිලයේ ලබා දීමට ඔවුන් කටයුතු සලසා තිබීම විශේෂත්වයකි.

scroll to top