ඩර්ඩන්ස් රසායනාගාර සේවාව රෝග වැළැක්වීමේ පුරෝකථන පරීක්ෂණ කිහිපයක් අලූතින් හඳුන්වා දෙයි

Medical.jpg

Joint Commission International සහතිකකරණය හිමි ඩර්ඩන්ස් රෝහලේ පූර්ණ පහසුකම් සහිත රසායනාගාර සේවා අංශය වන ඩර්ඩන්ස් රසායනාගාර සේවාව මෑතකදී නව පරීක්ෂණ කිහිපයක් අලූතින් හඳුන්වා දීමට කටයුතු කළේ ය. අනාගතයේදී ඇතිවීමට ඉඩකඩ පවතින රෝග කල්තබා හඳුනාගැනීමේ “පුරෝකථන පරීක්ෂණ” මේ අතරින් ප්‍රධාන තැනක් ගනී. ඒ අනුව, අතිනවීන පහසුකම් සහ විශිෂ්ට කාර්ය මණ්ඩලයක් සහිත ඩර්ඩන්ස් රසායනාගාර සේවාව වෙතින් ජනතාවට වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා මනා අත්වැලක් හිමිවනු ඇත.

මෙසේ අලූතින් හඳුන්වා දුන් පරීක්ෂණ අතරට ‘Neonatal TSH (NEO-TSH)’ ලෙස හඳුන්වනු ලබන, ළදරුවන් සඳහා වන THS පරීක්ෂණය ප්‍රධාන තැනක් ගනී. මෙම පරීක්ෂණය මගින් අලූත උපන් දරුවන්ගේ ශරීර තුළ THS නිෂ්පාදන මට්ටම පරීක්ෂාවට ලක්කරනු ලබන අතර ඔවුන්ගේ වර්ධනය සාමාන්‍ය ආකාරයට පවත්වා ගැනීම සඳහා ගතයුතු පියවර හඳුනාගැනීම සිදුකෙරේ. අලූත උපන් බිලිඳුන් අනිවාර්යයෙන්ම පරීක්ෂාවට ලක්කිරීම සම්බන්ධ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට සමගාමීව දීපව්‍යාප්ත ඩර්ඩන්ස් රසායනාගාර සේවාව මගින් මෙම පරීක්ෂණය මෙරට රෝහල්, මාතෘ නිවාස සහ අනෙකුත් වෛද්‍ය සේවා ආයතන වෙත සපයනු ලබනු ඇත.

දියවැඩියා රෝගය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මෙවන් වකවානුවක ජනතාවට දියවැඩියාවෙන් මිදීමට අත්වැලක් වීම සඳහා ඒ සම්බන්ධ පරීක්ෂණ හඳුන්වා දීමටද ඩර්ඩන්ස් රසායනාගාර සේවාව කටයුතු කර තිබේ. දියවැඩියාව සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් සිදුකෙරෙන පරීක්ෂණ [Wod( Blood sugar test, Oral glucose tolerance test, Glycohaemoglobin (=HbA1C) test, Frucotsamine test] ඵලදායී වන්නේ දැනටමත් දියවැඩියා තත්ත්වයන්ට මුහුණ දී සිටින රෝගීන් උදෙසා පමර්‍ණ. කෙසේ වුවද මේ වනවිට ක්‍රමක්‍රමයෙන් තරුණ පරපුර අතරද දියවැඩියාව පැතිරෙමින් ඇති නිසා එම රෝග තත්ත්වය කල්තබා හඳුනාගැනීමේ අතිනවීන රසායනාගාර පරීක්ෂණ දෙකක් හඳුන්වා දීමට ඩර්ඩන්ස් රසායනාගාර සේවාව පියවර ගෙන ඇත. මේ අතරින් ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිරෝධය සහ අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක්කෙරෙන ‘HOMA-IR Index’ පරීක්ෂණය මගින් අනාගතයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අනුමාන කළ හැකි වේ. ඒ සඳහා රෝගියා කළ යුතු වන්නේ එක් රාත්‍රියක් ආහාර ගැනීමෙන් වැළකී හිඳ පසුදා රුධිර සාම්පලයක් ලබාදීම පමර්‍ණ. එමගින් අදාළ රෝගියාට අනාගතයේ දියවැඩියා රෝගය වැළඳීමේ අවදානම හඳුනාගෙන ඒ සඳහා නිසි පියවර ගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබේ.

සාමාන්‍යයෙන් බහිස්ස්‍රාවී පද්ධතිය ආශ්‍රිතව ගල් ඇතිවන පුද්ගලයන් යළියළිත් එම තත්ත්වයට මුහුණ දෙන බවට විශ්වාසයක් ඇත. එම අවදානම හඳුනාගැනීම සඳහා සිදුකරනු ලබන, ශරීරයෙන් ඉවත් වී ගිය හෝ සැත්කම් මගින් ඉවත් කරන ලද ගල් පරීක්ෂාවට ලක්කෙරෙන .’Infrared Spectroscopy Kidney Stone Analysis (FTIR)’. පරීක්ෂණයද ඩර්ඩන්ස් රසායනාගාර සේවාවෙන් පමණක් ලබාගත හැකි පරීක්ෂණයකි. මෙම පරීක්ෂණය මගින් අනාගතයේදී නැවත මූත්‍රා මාර්ගය ආශ්‍රිතව ගල් ඇතිවීමේ අවදානම හඳුනාගෙන එය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගත හැකි වේ. මේ සඳහා අදාළ පරීක්ෂණයට ලක්වන පුද්ගලයා කළ යුතු වන්නේ උදෑසනම පිටවන මූත්‍රාවලින් මිලිලීටර 10 ක සාම්පලයක් ලබාදීම පමර්‍ණ. මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව වෛද්‍යවරුන්ට එම රෝගියා සම්බන්ධයෙන් ඉදිරියට ගත යුතු රෝග වැළැක්වීමේ පියවර මොනවාද යන්න තීරණය කළ හැකි වේ.

ඩර්ඩන්ස් රසායනාගාර සේවාවේ අතිනවීන පහසුකම් සහිත ක්ෂුද්‍ර පටක විද්‍යා අංශයේද සුදුසුකම් සපිරූ, අත්දැකීම් බහුල වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන් කණ්ඩායමක් සේවය කරන අතර රටේ ප්‍රමුඛ පෙළේ ක්ෂුද්‍ර පටක විද්‍යා වෛද්‍යවරුන් විසි දෙනෙකුට අධික සංඛ්‍යාවක් අවශ්‍ය මොහොතකදී සිය සේවාව ලබාදීමට සූදානමින් සිටිති. එම නිසා වඩාත් ඉක්මන් සහ නිවැරදි පරීක්ෂණ ප්‍රතිඵල ලබාදීමේ හැකියාව මෙම සේවය සතු ය.

ISO 15189 සහතිකකරණය ලබා ඇති ඩර්ඩන්ස් රසායනාගාර සේවාව දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ අස්ථීවල සෞඛ්‍යය පරීක්ෂා කිරීම සඳහා සිදුකරනු ලබන විටමින් D මට්ටම් පරීක්ෂාවද සිදුකරයි.

රට පුරා විවිධ ස්ථානවලදී සාම්පල එකතු කිරීම සහ පරීක්ෂණ ප්‍රතිඵල රෝගීන් වෙතටම ගෙනගොස් භාරදීම වැනි සේවාවන් රැසක්ද ඩර්ඩන්ස් රසායනාගාර සේවාව වෙතින් හිමි වේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර 0773 427931 අංකයෙන් හෝ 0115 410469 අංකයෙන් ඩර්ඩන්ස් රෝහල ඇමතීමෙන් ලබාගත හැක.

scroll to top