ටොයෝටා ලංකා සමාගමට විශිෂ්ඨ පාරිභෝගික සේවා නායකත්ව සම්මානයක්

Toyota.jpg

ටොයෝටා වාහන සඳහා ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වූ ටොයෝටා ලංකා පුද්ගලික සමාගමට විශිෂ්ඨ පාරිභෝගික සේවා නායකත්ව සම්මානයක් ප්‍රධානය කිරීම ටොයෝටා මෝටර් කෝපරේෂන් තීරණය කර ඇති අතර, ටොයෝටා මෝටර් කෝපරේෂන් හි ප්‍රධාන කළමනාකාර යොෂිටකා නකමුරා (Yoshitaka Nakamura), ජ්‍යෙෂ්ඨ කළමනාකාර කසුයිරෝ සටෝ (Kazuhirio Sato) සහ ටොයෝටා මෝටර්ස් ඒසියා පැසිෆික් හි විධායක උප සභාපති මහේෂ් සල්කර් (Mahesh Salkar), ටොයෝටා සුෂෝ ඒසියා පැසිෆික් හි ප්‍රධාන කළමනාකාර යෂිරෝ මියුරා (Yasuhiro Miura) සහ ටොයෝටා සුෂෝ ඒසියා පැසිෆික් කණ්ඩායම් නායක ටොෂිකි හිරාණෝ (Toshiki Hiriano) යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හි දී මෙම සම්මානය පිළිගන්වන ලදී.

මෙම විශිෂ්ඨ පාරිභෝගික නායකත්ව සම්මානය ටොයෝටා මෝටර් කෝපරේෂන් විසින් දෙනු ලබන්නේ පාරිභෝගික සේවා තෘප්තිය අතින් ඉහලින් සිටින්නා වූ නියෝජිත සමාගම් වලට ය. එසේම පිට පිටම පස් වරක් “Outstanding Customer Service Award” සඳහා නියෝජිත සමාගමක් සම්මාන ලබා ගැනීමේ පළවැනි වතාවද මෙය වේ. ටොයෝටා යනු වාහන සඳහා පමණක් නොව ලොව පුරා පාරිභෝගිකයන් මිලියන ගණනකගේ හදවත් දිනා ගත් කැපී පෙනෙන පාරිභෝගික සේවා සපයන සමාගමක් ලෙසද හැඳින්විය හැක.

මෙම විශේෂ සම්මානය වූ කලී, ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු තුල තාක්ෂණික සේවා කුසලතා, පාරිභෝගික සේවා වැඩිදියුණු කිරීම් හා අලෙවියෙන් පසු සේවා යන කටයුතු විශ්ලේෂණය කර විශේෂ විනිසුරු මඩුල්ලක් හා සම්බන්ධව තීරණය කොට තෝරා ගත්තකි. එසේම ටොයෝටා සමාගම පෙන්වා දෙන ආකාරයට ප්‍රබල අලෙවි නියෝජිත ජාලයක් සමගින් තරඟකාරී වෙළඳපොළක් නිර්මාණය කිරීම මෙහි අරමුණ යි.

පිට පිටම 5 වැනි වරටත් රන් සම්මානය ලබා ගත් ටොයෝටා ලංකා සමාගම 2008 හා 2009 වර්ෂ වලදී ලෝකඩ සම්මාන සහ 2010 සහ 2011 වර්ෂ වලදී රිදී සම්මාන ද ලබා ගෙන ඇති අතර එමගින් ගෝලීය මට්ටමේ පිළිගැනීමක්ද ලබාගෙන ඇත.

මෙම ජයග්‍රහණය හුදෙක් ටොයෝටා ලංකා පමණක් ලද ජයග්‍රහණයක් නොවන බව හා පාරිභෝගිකයාට ගුණාත්මක සේවාවක් ලබා දීම සඳහා තම සමාගම දිවා රෑ වෙහෙසීමේ ප්‍රතිඵලයක් බවත් මේ ජයග්‍රහණය මුළු මහත් ශ්‍රී ලංකාවම ලද ජයග්‍රහණයක් බව ටොයෝටා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ෂුන්ගෝ යොෂිකා (Shungo Yoshioka) අදහස් දැක්වීය.

scroll to top