ටොයොටා වාර්ෂික අලෙවි නියෝජිත සම්මේලනයේදී “ශූරයින්” හඳුනාගනී

Toyota2.jpg

ටොයොටා වාහන සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම සිය වාර්ෂික සේවා සහ අමතර කොටස් බෙදා හැරීමේ නියෝජිත සමුළුව පසුගිය දා මීගමුව Jetwing Blue හෝටලයේදී පැවැත්විය.මේ සඳහා ටොයොටා ලංකා සමාගමේ දිවයින පුරා විසිරුණු අලෙවි නියෝජිත ජාලයේ සාමාජිකයින්150 කට අධික පිරිසක් සහභාගී වූ අතර ශ්‍රී ලංකා මළල ක්‍රීඩක සුගත් තිලකරත්න එදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

මෙම සම්මාන රාත්‍රියේ ජයග්‍රාහකයින් ලෙස ටොයොටා 1S Dealers අංශයෙන් ශූරතාවය විස්කම් මෝටර්ස් හා එහි අනුශූරතාවය ලොයිඩ්ස් ඔටෝ මාට්ස් දිනා ගත අතර ටොයොටා 2S Dealers අංශයේ ශූරතාවය කුරුනෑගල ඔටෝ වර්ල්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් විසින් දිනා ගන්නා ලදී. ඒ සමගම එම අංශයේම පළවන අනුශූරතාවය හා දෙවන අනුශූරතාවය පිළිවෙලින් මහනුවර කුණ්ඩසාලේ ඔටෝ සර්විස් හා සමරසිංහ මෝටර්ස් විසින් දිනා ගන්නා ලදී.

ටොයොටා මෝටර් කෝපරේෂන් සමාගම 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලෙහි ලෝක ව්‍යාප්ත හවුල් කරුවෙකු ලෙස එයට අනුග්‍රහය දැක්වීමට නියමිතව ඇති බැවින් ඔලිම්පික් තේමාකොට ගෙන පැවැත්වූ මෙවර අලෙවි නියෝජිත සමුළුවේදී 2016 හා 2017 මූල්‍ය වර්ෂ තුළ කැපී පෙනෙන දක්ෂතා පෙන්වූ “ශූරයින්” වෙත ටොයොටා Genuine Parts (TGP) හා ටොයොටා Genuine Motor Oil (TGMO) කාණ්ඩ යටතේ ත්‍යාග පිරිනමන ලදී.

TGMO සහ TGP අලෙවි නියෝජිතයින් අතරින් ත්‍යාග පිරිනැමීම සඳහා විශිෂ්ඨයින් 123 තෝරා ගෙන එයින් 33 දෙනෙකු ජපානයේ සංචාරයක්දිනා ගත් අතර, 66 දෙනෙකු වියට්නාම සංචාර දිනා ගත්තේය. 24 දෙනෙක් ඕස්ට්‍රේලියාවේ සංචාරයක් දිනාගැනීමට වාසනාවන්ත විය. 2016 ජූලි සහ 2017 මාර්තු අතරතුර පවත්වන ලද Business to Business (B2B) විශේෂ විකුණුම් වැඩසටහනෙහි පිරිවැයෙන් මෙම ත්‍යාග සඳහා වෙන් කර ඇත.

මෙහි දී ටොයොටා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂක Shungo Yoshioka ජයග්‍රාහකයින්ට සුභ පැතූ අතර පසුගිය වසර කිහිපය තුළ කණ්ඩායමක් ලෙස ඔවුන් බොහෝ දේවල් අත්පත් කර ගත බවත්, ගුණාත්මක සේවාවන් මගින් පාරිභෝගිකයන් තෘප්තිමත් කිරීමට හැකි වූ බවද පවසන ලදී.

අලෙවි නියෝජිතයින් පසුගිය වසරේ ටොයොටා ලංකා වෙත ඔවුන්ගේ උපරිම සහය ලබා දුන්අතර මෝටර් රථ කර්මාන්තයේ මෙපමණ දුරක් පැමිණීමට වසර ගණනාවක් ඔවුන්ගේ සහයෝගය ලැබුන බවත් මෙම සාර්ථකත්වය පිටුපස ඇත්තේ ඔවුන්ගේ ද උත්සාහය සහ පක්ෂපාතීත්වයයි යනුවෙන් පසුගිය වසර පුරා සිය කාර්ය සාධනය ඇගයීමට ලක් කරමින් ටොයොටා ලංකා හි ප්‍රධාන මෙහෙයුම් නිළධාරී මනෝහර අතුකෝරාල කියා සිටියේය.

පසුගිය වසරවලදී ටොයොටා ලංකාසමාගම හා සහයෝගයෙන් සියලුම අභියෝග වලට මුහුණ දෙමින්, සමාගම හා රැඳෙමින් අත්පත් කර දුන් මෙම සාර්ථකත්වය වෙනුවෙන් සියලු දෙනාට ස්තුති කරන අතර ඉදිරියේදීත් සමාගම හා රැඳී සිටින බව තමන් විශ්වාස කරන බව අවසාන වශයෙන් උත්සව සභාව ඇමතූ අමතර කොටස් අංශයේ කළමණාකාර විපුල් බණ්ඩාර පැවසීය.

scroll to top