ටයිටැනික් ගිලෙද්දී හැඬූ වයලීනය ඉතිහාස ගතවේ

Titanic violin sold for world record $1.4 million

මුළු ලොවම කඳුළු සයුරේ ගිල්වමින් 1912 අප්‍රේල් 15 වනදා අත්ලාන්තික් සාගරයේ ටයිටැනික් නෞකාව ගිලෙද්දී හාර්ට්ලි නම් ගාන්ධර්වයා වැයූ වයලීනය දැවැන්ත මිලකට වෙන්දේසි වී තිබේ.

ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ ටයිටැනික් සංගීත කණ්ඩායමේ නායකයා වූ වොලස් හාර්ට්ලිගේ නිසල දේහය මත තිබී සොයාගත් මෙම වයලීනය ඊයේ ලන්ඩනයේ පැවති වෙන්දේසියේදී අලෙවි වූයේ ඩොලර් මිලියන 1.4 ක් තරම් ඉහළ මිලකට බවයි.

ටයිටැනික් නෞකාව අයිස් කන්දක හැපී විනාශ වූ අතර මෙම ඛේදවාචකයෙන් හාර්ලිගේ සංගීත කණ්ඩායමේ සියළුම සගයින් ඇතුළු අති විශාල පිරිසක් මරුවා ගිල ගත්තේය.

සඳහන් වන ආකාරයට අනතුර සිදුවූ මොහොතේ කුලප්පු වූ පිරිස සන්සුන් කිරීමේ අටියෙන් හාර්ට්ලිගේ සංගීත කණ්ඩායම නොනවත්වාම සිය සංගීතය සපයා තිබේ.

ඉහත දැක්වෙන්නේ එහිදී හාර්ට්ලි විසින් වැයූ එම ඓතිහාසික වයලීනයයි.

පහත මුල් වීඩියෝවෙන් 1912 දී ටයිටැනික් නෞකාව විනාශ වී තිබූ අයුරු දැක්වේ.

මෙම වීඩියෝව එම ඛේදවාචකය ඇසුරින් තැනූ ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ ටයිටැනික් චිත්‍රපටයෙනි.

පහත සේයාරුවෙන් දැක්වෙන්නේ ටයිටැනික් නෞකාවේ සංගීතය සැපයූ වොලස් හාර්ට්ලිගේ සංගීත කණ්ඩායමයි.

WallaceHartleyBand

scroll to top