ජැක්සන්ගේ අලුත්ම වචනය එළි දකී, ඒ මහින්දවාදයයි

නොවැ 18, 2014 (විමසුම) – ප්‍රවීණ සිනමා නළුවකු හා අධ්‍යක්ෂවරයෙකු වන ජැක්සන් ඇන්තනි මහතා එළැඹෙන ජනාධිපතිවරණය සඳහා “මහින්දවාදය” (Mahindaism) යනුවෙන් නව වදනක් එළි දක්වා ඇත.

ජනාධිපතිවරයාගේ කුළුපග මිතුරකු වන ඔහු පසුගිය මැතිවරණ වල දී ජනාධිපතිවරයාව හඳුන්වා දෙන ලද්දේ “ජන මූල නායකයා” යනුවෙනි.

Charismatic Leadership යන්න “අනුහස් සහිත නායකයා” යනුවෙන් සිංහලට පරිවර්තනය කරමින් මීට පෙර සිය පක්ෂ පාතීත්වය ජනාධිපතිවරයාට පෙන් වූ ඔහු අද දින සිය 69 වන උපන් දිනය සමරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන ක්‍රමය වනාහී මහින්දවාදයයැයි හඳුන්වා දෙයි.

“මේ වචනය අදට වඩා හෙට දවසේ දී භාවිත වනු ඇති,” ජැක්සන් පවසයි..

scroll to top