ජාතික ආරක්ෂාවට හානිවන කිසිදු පියවරක් ගන්නේ නෑ: මෛත්‍රී

නොවැ 30, 2015 (විමසුම) – රටට දැඩි ලෙස ආදරය කරන තමා රටේ ජාතික ආරක්ෂාවට හානිවන කිසිදු ආකාරයේ පියවරක් නොගන්නා බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ප‍්‍රංශයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින්ගේ එකමුතුව සමග ඊයේ (29) රාති‍්‍රයේ පැවති හමුවකට එක් වෙමිනි.

ප‍්‍රංශයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මෙම හමුවට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය ඇතුථ පක්ෂවලට අයත් එරට වෙසෙන නියෝජිතයින්ද එක්ව සිටියහ.

ජාත්‍යන්තරයේදී පථදු වූ ශී‍්‍ර ලාංකික නාමය ඉතාමත් යහපත් තත්ත්වයකට ගෙන ඒමට තමාට හැකිවූ බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා අද ශී‍්‍ර ලංකාව ලෝකයේ හොද හිත දිනාගත් රටක් බවද ප‍්‍රකාශ කළේය.

මෝල්ටා රාජ්‍යයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුථව අතරතුර පැය 12 ක් වැනි කෙටි කාලයකදී ලෝකයේ ප‍්‍රබලතම නායකයින් වන බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඬේවිඩි කැමරන්, ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රමාත්‍ය මැල්කම් ටර්න්බුල්, කැනඩා අග‍්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ යන මහත්වරුන් සමග සාකච්ඡා පැවැත්වීමට හැකිවීම ඊට කදිම නිදසුනක් බවද පැවසූ ජනාධිපතිතුමා එය ශී‍්‍ර ලාංකික ජනාධිපතිවරයෙකුට මෑත කාලයේ හිමි වූ ස්වර්ණමය අවස්ථාවක් බවද කියා සිටියේය.

එම රටවල් පසුගිය කාලය තුළ ශී‍්‍ර ලංකාව පිළිබද ඇතිකරගෙන තිබූ අහිතකර තත්වයන් කිසිවෙකුට අමතක කළ නොහැකි බවද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

විදේශගත ශී‍්‍ර ලාංකිකයින් සියලූදෙනා මාතෘ භූමිය වෙනුවෙන් ඉටු කරන සේවාව මෙහිදී අගය කළ ජනාධිපතිතුමා ඉදිරි කාලය තුළ ලොව විදේශගත සියලූම ශී‍්‍ර ලාංකිකයින් හමුවීමට තමන් අපේක්ෂා කරන බවද කියා සිටියේය.

ජනවාරි 08 වෙනිදා රටේ සිදුවූ නව පරිවර්තනය සදහා පෙළ ගැසුණු තමන් මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා ලෙස පත්වීම පිළිබදව ඉතා සතුටු වන බව ප‍්‍රකාශ කළ ප‍්‍රංශයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් පසුගිය මාස කිහිපය තුළ ජනාධිපතිතුමා ගත් දේශපාලන තීන්දු තීරණවලින් එතුමා කෙරෙහි තිබු විශ්වාසය තවදුරටත් තහවුරු වූ බවද ප‍්‍රකාශ කළහ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙලට සිය උපරිම සහය ලබා දෙන බවටද ඔව්හු ප‍්‍රතිඥා දුන්හ.

මේ අතර එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව අද (30) උදෑසන පැරිස් නුවරදී ආරම්භ කෙරුණු අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එරට වේලාවෙන් අද ප.ව 3.00 පමණ සමුළුව අමතා සිය විශේෂ දේශනය සිදු කිරීමට නියමිතය.

ms

scroll to top