ජල විදුලි බලාගාරවල ඉදිරියේදී විදුලි සැපයුම අඩු වුවත් විදුලි කප්පාදුවක් නෑ

ranjith-siyambalapitiya.jpg

ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල මට්ටම් වැසි නොලැබීම හේතු කොටගෙන ඉදිරියේදී අඩු වුවහොත් එය ජාතික විදුලිබල පද්ධතියට බලනොපාන අන්දමින් කළමනාකරණය කිරීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා වව්නියාව නගර ශාලාවේ පැවති නැගෙනහිර පළාතේ පාසල් බලශක්ති සමාජ පිහිටුවීමේ උත්සවයට එක්වෙමිනි.

“අපට දිනකට මෙගාවොට් 2200ක පමණ ඉල්ලූමක් පවතිනවා. නමුත් මේ දිනවල ඒ තත්ත්වය ඒකක 200කින් පමණ වැඩි වී තිබෙනවා. කෙසේ නමුත් එම තත්ත්වය කළමනාකරණය කරමින් තමයි අද දවසේ අපි මේ තත්ත්වයන්ට මුහුණ දෙන්නේ. සියලු දෙනාම එක්ව කැපවීමෙන් මෙගාවොට් 400ක ඉතිරියක් කරගන්නට පුළුවන්නම් අපට කිසිම අභියෝගයක් නෑ. එය ආත්මීය වගකීමක් විදියට සැලකීම ඉතා වැදගත්” යැයි පැවසීය.

scroll to top