ජපන් රැකියා ලබාදෙන බව පවසා හාර කෝටියක් වංචා කළ කත අත්අඩංගුවට…

Passport.jpg

ජපන් රටේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 4ට අධික මුදලක් වංචාකළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 50කට අධික ප්‍රමාණයකින් මුදල් ලබාගත්තද, එම රැකියා ලබානොදුන් බවට පුද්ගලයෙකු විසින් ඔක්තෝම්බර් මස 13 වන දින කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව කි්‍රයාත්මක වූ කාර්යාංශ නිළධාරීන් සිදුකළ රහසිගත ආවේක්ෂණිය විමර්ෂණයකින් අනතුරුව ඔක්තෝම්බර් මස 14 වන දින කඩවත, සූරියපාලූව, අංක 313A දරණ නිවසේදී හඳුවලගේ ශර්මිලා ජයරත්න (අවු. 45) නම් ප්‍රධාන සැකකාරිනිය අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇයගේ නිවසේ තිබී ගුවන් ගමන් බලපත්‍ර 80ක්, ජපානයේ රැකියා සඳහා රැකියා එක`ගතා ගිවිසුම් විශාල ප්‍රමාණයක්, රැකියාවට අවශ්‍ය යෝග්‍යතා සහතික, දිව්රුම් ප්‍රකාශද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ. එසේම මෙහි තිබී ව්‍යාජ නිල මුද්‍රා 14ක්ද අත්අඩංගුවට ගත් අතර, ඒ අතර තිබී ජපන් නොතාරිස් මුද්‍රා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුද්‍රා 02 ක්ද හමුවිය.

මෙම කාන්තාව එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 7-9ත් අතර මුදලක් ජපාන රැකියා ලබාදෙන බව පවසා ලබාගෙන ඇති අතර එමගින් රුපියල් කෝටි 4 ලක්ෂ 5කට අධික මුදලක් වංචා කර ඇත. මෙම රැකියා ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණයවීමෙන් අනතුරුව එයට හසුවූ පුද්ගලයින් කාර්යාංශයට පැමිණිලි කරමින් සිටින අතර, ඒ අනුව සැකකාරිය වංචාකළ මුළු මුදල රුපියල් කෝටි 10ට අධික විය හැකියැයි විමර්ශන නිළධාරීහු විශ්වාස කරති.
ඇය ඔක්තෝම්බර් මස 15 වන දින මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අතර, ඔක්තෝම්බර් මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. මෙම ජාවාරමට සහය වූ එක් සැකකරුවෙකු විදේශ ගතවී ඇති අතර, අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කාර්යාංශය පරීක්ෂණ මෙහෙයවයි.

අදාළ සැකකාරිණිය කොළඹ ප්‍රධාන පෙලේ පාසලක ජපන් භාෂා ගුරුවරියකි. මෙම කාන්තාව ජපන් භාෂා විශේෂ උපාධියකට හිමිකාරිණියක වන අතර, මීට පෙර අධ්‍යාපන වීසා මත සිසුන් ජපානයට යොමුකර තිබේ. ඉන් අනතුරුව 2012 වර්ෂයේ සිට මෙම රැකියා ජාවාරම මෙහෙයවා තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, මේ ජාවාරම සම්බන්ධයෙන් කාර්යාංශයට තොරතුරු ලබාදුන් හා මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු මෙහෙය වූ කාර්යාංශයේ සියළු නිළධාරීන්ට ස්තූතිවන්ත වන බවයි. එසේම මෙවැනි වංචාකරුවන්ට එරෙහිව නීතිය කි්‍රයාත්මක කිරීමට කිසිසේත්ම පසුබට නොවන බවද අමාත්‍යතුමිය සඳහන් කළාය. මෙවැනි වංචාකරුවන් පිළිබඳව තොරතුරු දන්නේනම් කාර්යාංශයේ පැය 24 තොරතුරු සේවාවේ පහත සඳහන් දුරකතන අංකයන්ට දැනුම් දෙන ලෙසත් අමාත්‍යතුමිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

කාර්යාංශයේ දුරකතන අංක 009411-2879900, 009411-2879901, 009411-2879902

මෙම වැටලීම සඳහා කාර්යාංශයේ කි්‍රයාකාරී අධ්‍යක්ෂක නීතීඥ උපුල් දේශපි්‍රය හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නීතීඥ කීර්ති මුතුකුමාරණ යන මහත්වරුන්ගේ ම`ගපෙන්වීම මත විමර්ශන ඒකකයේ කළමණාකරු ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.ජී.වෙළගෙදර, නිති කි්‍රයාත්මක කිරීමේ නිළධාරී පොලිස් පරීක්ෂක එම්.ඒ.එස්.ෙජ්.අබේධීර, උප පොලිස් පරීක්ෂක මංජුල ජයවර්ධන, උප පොලිස් පරීක්ෂක ප්‍රදිප් කුමාර යන නිළධාරීන් හා කාර්යාංශ මාණ්ඩලික සහකාරිණි අසංකි හුළුගල්ල, රියදුරු එම්.ඒ.අජිත් අය එක්වූහ.

scroll to top