ජනාධිපතිතුමා රුසියන් සමූහාණ්ඩුවේ නිල සංචාරයක

ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මැතිතුමාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2017 මාර්තු 22-24 දිනවල රුසියන් සමුහාණ්ඩුවේ නිල සංචාරයක නිරතවීමට එකඟ වී ඇත. 1974 වර්ෂයේදී අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මොස්කව් නගරයෙහි කළ නිල සංචාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු රුසියන් සමූහාණ්ඩුවේ නිරතවන ප්‍රථම නිල සංචාරය මෙයයි. දෙ රට අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපනය කිරීමෙන් පසුව හැට වන සාංවත්සරික උත්සවය දෙ රට විසින් මෙම සංචාරය අතරවාරයේ දී පවත්වනු ඇත.

මෙම සංචාරය අතරවාරයේ දී ජනාධිපති සිරිසේන මැතිතුමා 2017 මාර්තු 23 වන දින රුසියන් ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මැතිතුමන් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. දෙ රට අතර වෙළඳ හා ආයෝජන කටයුතු ප්‍රවර්ධනය කිරීමේ කටයුතු ඉදිරියට ගෙනයාම ඇතුළුව දීර්ගකාලීන ද්වීපාර්ශ්වික සම්බන්ධතාවල ප්‍රගතිය මෙම නිල සාකච්ඡා අතරවාරයේ දී සමාලෝචනය කිරීමට අපේක්ෂිතය.
ධීවරකටයුතු, සංචාරණය, සංස්කෘතික විද්‍යා හා තාක්ෂණික අංශ ඇතුළු අධ්‍යාපනික සහයෝගිතාව යන ක්ෂේත්‍රවල ද්වීපාර්ශ්වික ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමට නියමිතය.

දෙ රට අතර වෙළඳ හා ව්‍යාපාරික සම්බන්ධතා ක්‍රියාශීලි අන්දමින් ප්‍රවර්ධනය කිරීම අරභයා ශ්‍රී ලංකා – රුසියා ව්‍යාපාරික සංසදය මොස්කව්හිදී පවත්වනු ලබන අතර ශ්‍රී ලංකා රුසියා ව්‍යාපාරික කවුන්සිලයේ නියෝජිත පිරිසක් විසින් ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබනවා ඇත.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඇතුළු තවත් කැබිනට් ඇමතිවරුන් පස්දෙනෙක් ජනාධිපතිතුමා සමග රුසියන් සමූහාණ්ඩු නිල සංචාරයට සහභාගීවීමට නියමිතය.

  • Chamara

    මෙය ඉතාමත් දුර්ලබ අවස්ථාවක් මෙයින් උපරිම ප්‍රයෝජන ගනී කියා බලාපොරොත්තු වෙනවා. උණුසුම් සුබ පැතුම්.

scroll to top