ජනපති මෛත්‍රී සහ ඇමති නිරෝෂන් නිපෝන්මාරුවේ සංචාරයක

Nippon-2.jpg

Nippon-1

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ රාත්‍රි ජපන් මිත්‍රත්වයේ නිපෝන්මාරු ලෝක තරුණ නෞකාව තුල විශේෂ සංචාරයක නිරතවුහ.

ඊයේ (14) පෙරවරුවේ ලංකාවට පැමිණි ජපන් මිත්‍රත්වයේ නිපෝන්මාරු ලෝක තරුණ නෞකාවේ සුහද හමුව ඊයේ (14)  රාත්‍රියේදී පැවැත්විය.  ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සුහද හමුව අතරතුර අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙම අවස්ථාවට එක්විය. පසුව  අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිස නෞකාව තුල විශේෂ සංචාරයකද නිරතවුහ.

රටවල් 11ක් නියෝජනය වන පරිදි තරුණ තරුණියන් 243න් දෙනෙකු මෙම චාරිකාවට සහභාගීවී තිබේ. නිපොන්මාරු නෞකාව පෙබරවාරි 14 දින සිට 17 දින දක්වා කොළඹ වරායේ නැංගුරම් ලා සිටින අතර ලංකාවට පැමිණි  තරුණ පිරිස කොළඹ  අවට විශේෂ ස්ථාන රැසක සංචාරය කිරීමටද නියමිතයි. 17 වනදා ලංකාවෙන් පිටත්ව යන නිපොන්මරු නෞකාවේ මීළග නවාතැන වන්නේ සිංගප්පුරුවයි.

මෙම අවස්ථාවට ජපන් රජයේ ශ්‍රී ලංකා තානාපති කෙනෙචි සුගුනුමා (kenechi sugunuma) මහතා ඇතුළු ජපන් රජයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.අයි.එම්. රෆීක් මහතා ඇතුළු ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද, ජපන් මිත්‍රත්වයේ නිපෝන්මාරු ලෝක තරුණ නෞකාව සමග පැමිණි තරුණ පිරිසද සහභාගී වුහ.

scroll to top