චොකොලාටේ පොන්ඩ්ස් MDFD 2017 තරඟයේ සම්මාන සියල්ල නිසංසලා නතුකරගනී

Nisansala-Deegala.jpg

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම යොවුන් සඟරාවක් වන චොකොලාටේ සඟරාව පොන්ඩ්ස් හා එක්ව සංවිධානය කරන චොකොලාටේ MDFD තරඟය 8 වෙනි වරටත් 2017 මැයි මස 27 දින රාත්‍රියේ දක්ෂතම මෝස්‌තර නිර්මාණ ශිල්පීන් 14 ක් සමගින් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී අපක්ෂපාතී විනිසුරු මඩුල්ලක් මධ්‍යයේ පැවැත්විණි.

තම නිර්මාණ වලින් මුළු විනිසුරු මඩුල්ලම නතු කරගත් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම් කටයුතු කරන 26 හැවිරිදි නිසංසලා දිගල එදින රැයේ සියලුම තරඟ අංශ වල ජයග්‍රාහිකාව විය.

Swinburne තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන මහෝෂදී ද සිල්වා එදින අනුශූරතාවය දිනා ගත් අතර ශ්‍රී ලාංකික සම්ප්‍රදායී නැටුම් අංග ඇගේ නිර්මාණ එකතුව සඳහා තේමාව කරගත්හ.

මෙදින තූන්වන ස්ථානය විසි එක් හැවිරිදි රන්චන අබේරත්න විසින් දිනා ගත් අතර ඔහු දැනට ශ්‍රී ලංකා පේෂ කර්ම හා ඇඟලුම් ආයතනයෙහි සිය උසස් අධ්‍යාපන කටයුතු කරමින් සිටියි. ඔහුගේ ප්‍රධාන වර්ණ ලෙස කළු සහ රන් පැහැය භාවිතා කර අතර පැරණි ඊජිප්තු වටාපිටාව තේමා කරගෙන තිබුණි.

එසේම මෙදින රැයේ හොඳම නිරූපණ ශිල්පී මව හා දියණිය ලෙස නිලූ සහ සසින්දී සේනානායක දෙපල තේරී පත් විය.

එදින රාත්‍රියේ ජයග්‍රාහකයින් තෝරා ගැනීමේ විනිසුරු මඩුල්ල වෙනුවෙන් යෝලන්ඩ් අලුවිහාරේ, ඔනෙලා ගුණසේකර, මයිකල් විජේසූරිය, සම්මානි පතිරණගම, යසිසුරි කිරිබණ්ඩාර සහ ධනූ ඉන්නසිතම්බි යන දිවයිනේ ප්‍රමුඛතම මෝස්‌තර නිරූපණ ශිල්පීන් සහ මෝස්‌තර නිර්මාණ ශිල්පීන් පෙනී සිටි අතර ඔවුන් ඒ සඳහා ඔවුන්ගේ උපරිම සහය දැක්වීය.

scroll to top