චීනය සමඟ ව්‍යාපාර සිදු කිරීම

mahinda-china.jpg

නිදහස් වෙළඳ ගිවිසුම සහ ඉන් ඔබ්බට

නොවැ 13, 2014 (විමසුම) – චීනය සමඟ ව්‍යාපාර සිදු කිරීම, නිදහස් වෙළඳ ගිවිසුම සහ ඉන් ඔබ්බට යන මැයෙන් විශේෂ සම්මන්ත‍්‍රණයක් සංවිධානය කිරීමට ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම පර්යේෂණ සහ මූලෝපාය සමාගමක් වන වෙරිටේ රිසර්ච් සහ ලංකා වාණිජ මණ්ඩලය යටතේ පවතින ශී‍්‍ර ලංකා අපනයනකරුවන්ගේ සංගමය එක් වෙයි.

ශී‍්‍ර ලංකා ආර්ථිකයේ චීනය වැඩි වැඩියෙන් රඟ දක්වන භූමිකාව ගෙන හැර බලන කළ මෙම සම්මන්ත‍්‍රණය ඉතා කාලීන වේ.

ණය දෙන්නෙකු, ආයෝජකයෙකු, ව්‍යාපාර හවුල්කරුවෙකු සහ සංචාරකයින්ගේ ප‍්‍රභවයක් ලෙසින් චීනයේ වැදගත්කම ඉතා ගම්‍ය වන අතර, යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම මඟින් දෙරට අතර පවතින ආර්ථික සබඳතාව තවදුරටත් ශක්තිමත් වනු ඇත.

චීන-ලංකා ආර්ථික සබඳතාවන්හි හැඩරුව සහ ව්‍යාපාරවලට අත් කරගත හැකි ලාභ සහ අලාභ සම්බන්ධයෙන් වෙරිටේ රිසර්ච්හි විශ්ලේෂණයන් මෙහිදී බෙදා හදා ගනු ඇත.

එහි ආර්ථික පර්යේෂණ ප‍්‍රධානී සහ වෙළඳ කටයුතු පිළිබඳ විශේෂඥවරියක වන සුභාෂිනී අබේසිංහ මෙහිදී ප‍්‍රධාන දේශණය පවත්වයි.

නිදහස් වෙළඳ ගිවිසුමට අමතරව, දෙරට අතර ආර්ථික සබඳතා මෙන්ම, ලොව ඉදිරියට එමින් තිබෙන අනෙකුත් ආර්ථිකයන් සමඟ චීනයේ සබඳතා සංසන්දනය කිරීම් පිළිබඳව ද ඇය අදහස් දක්වනු ඇත.

ශී‍්‍ර ලංකාව සහ කලාපයේ අනෙක් ප‍්‍රමුඛතම ආර්ථිකයට හිමිකම් කියන ඉන්දියාව අතර සංසන්දනය කිරීමක් ද, ඉන්දියාව සහ චීනය සමඟ සබඳතා පැවැත්වීමේදී තිබෙන සමානතා මෙන්ම වෙනස්කම් සම්බන්ධයෙන් ද ඇය සංසන්දනයක් සිදු කිරීමට නියමිත වේ.

වසර 1952 දී දෙරට අතර රබර්-හාල් ගිවිසුම අත්සන් තැබුණු කාලයේ පටන් චීනය සමඟ ශී‍්‍ර ලංකාවේ තිරසාර ද්විපාර්ශ්වීය සබඳතාවක් පැවතින.

පසුගිය දශකයක කාලය තුල එම සබඳතා ක‍්‍රමානුකූලව ශක්තිමත් වූ අතර, මේ වන විට පවතින චීන-ලංකා සබඳතාව ඉතිහාසයේ ඉහළම මට්ටමට ළඟා වී ඇත.

චීන-ලංකා ගිවිසුම සම්බන්ධයෙන් හා ද්විපාර්ශ්වීය නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් තැබීමට ඇති හැකියාව පිළිබඳව වන ශක්‍යතාව පිළිබඳව ජනතාව අතර උනන්දුව ඉහළ යෑමට සැප්තැම්බර් මාසයේදී චීන ජනාධිපති ෂී ජින්පින් මෙරට සිදු කළ චාරිකාව ඉවහල් විය.

ඇමෙරිකානු ඩොලර් ටි‍්‍රලියන 9.2ක් වන චීන ආර්ථිකය ලොව දෙවැනි විශාලතම ආර්ථිකය වේ.

එමෙන්ම, ලොව විශාලතම අපනයනකරුවා සහ දෙවැනි විශාලතම ආනයනකරුවා වන්නේ ද චීනයයි.

මෙවැනි විශාලත්වයකින් යුත් ආර්ථිකයක් සමඟ සමීප ආර්ථික සබඳතා ඉදිරියට ගෙන යෑම මඟින් බොහෝ අවස්ථා උදා කර දෙන අතරම, ශී‍්‍ර ලාංකීය ව්‍යාපාරික ප‍්‍රජාවට නොයෙකුත් අභියෝගවලට මුහුණ දීමට ද සිදු වේ.

විකාශයට පත් වන මෙම සබඳතාවේ ගතිකයන් අවබෝධ කර ගැනීම හරහා උදා වන අවස්ථාවලින් ප‍්‍රයෝජන ගැනීම සහ අභියෝගවලට මුහුණ දීම ඉතා වැදගත් වන අතර, මෙම සම්මන්ත‍්‍රණය චීනය සමඟ සබඳතා ඇති කර ගැනීමට බලා සිටින ව්‍යාපාරවල තීරණ ගැනීමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පැසසුමට ලක්වනු ඇත.

ඉදිරියේදී අත්සන් කිරීමට නියමිත නිදහස් වෙළඳ ගිවිසුම සහ චීනය සමඟ ව්‍යාපාර සිදු කිරීම හැසිරවීම සඳහා වන අවස්ථා සහ අභියෝග සම්බන්ධයෙන් සොයා බැලීම නොවැම්බර් 26 වැනිදා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී පැවැත්වෙන මෙම සම්මන්ත‍්‍රණයේ ප්‍රධාන අරමුණ වේ.

scroll to top