ගෞරවණීය භික්‍ෂූන් වහන්සේලාගේ අවවාද අනුශාසනා, මග පෙන්වීම රටට වැඩි වශයෙන් අවශ්‍ය කාලයක්

මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ”සිහිලැල් දැහැන” ව්‍යාපෘතිය යටතේ විහාරස්ථානයනිහි දහම් පාසල් වැඩිදියුණු කිරීමේ වැඩසටහනට එක්වෙමිනි. මහානගර සැළසුමට අනුව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නංවයි.

රජවරුයි, භික්ෂුවයි ජනතාවයි එකට ගැටගැහිච්ච, ආර්ථික සංවර්ධනය ආගමික ආධ්‍යාත්මික සංවර්ධනය එකට බැඳුණු වෙන් කරන්න බැරි කි‍්‍රයාවලියක් හැටියට තමයි අපේ සංවර්ධන කි‍්‍රයාවලිය ගමන් කර තිබෙන්නේ. එය තමයි යහපත් තිරසර මාර්ගය හැටියට හඳුනාගෙන තිබෙන්නේ. ඒ නිසා තමයි නාගරික සැලසුම ඇති කරන අවස්ථාවේ ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය ඒ වගේම පරිසර සංරක්‍ෂණය හා ආධ්‍යාත්මික ගුණවගාව වැඩිදියුණු කිරීම කියන ඒ කරුණු එකට එකතු කළේ. ඒ අනුව තමයි මේ ”සිහිලැල් දැහැන” ව්‍යාපෘතිය ආරම්භ කළේ.

අපි පසුගිය වසරේ මේක සීමා කළා විශේෂයෙන්ම ආරණ්‍ය සේනාසනවලට, භාවනා මධ්‍යස්ථානවලට. මේ වසරේ තමයි මේ අනෙකුත් ආගමික ස්ථානවලට ගමන් කළේ. ලබන වසරේ අපි බොහෝ දුරට කරන්නේ ගොඩනැගිලි ඉදිකරනවා වෙනුවට ඒ පන්සල්වල පරිසර පද්ධතිය විධිමත් කරන්න වැඩිදියුණු කරන්න කටයුතු කිරීමයි. මොකද පන්සලෙන් තමයි පරිසර සංරක්‍ෂණයට, ඒ වගේම අද ඔය බරපතල ගැටළුවක් බවට පත්වූ තිබෙන කසළ කළමණාකරණය වැනි ගැටළුවලට ඒ විධිමත් විසඳුමක් ඕනේ. අපේ විහාරස්ථානය නිරන්තරයෙන්ම පාරිසරික සංරක්‍ෂණයට කටයුතු කළ යුතුයි. අදටත් අපේ අනුරාධපුර යුගයේ පැරණි විහාරස්ථානවලට ගියහම අපට පේනවා කොච්චර විධිමත් වාස්තු විද්‍යා නිර්මාණයක් ද, කොතරම් විධිමත්ව පරිසරයත් සමග ඒවා ගොඩනගලා තිබෙනවා ද කියන එක. පන්සල්වල දැන් තෙල්මල් පහන් සුවඳ නැහැ, ඒ වෙනුවට තිබෙන්නේ සිමෙන්තියි හුණු ගලූයි පේන්ට් සුවඳයි කියලා. හැමතැනම තිබෙන්නේ ඉදිකිරීම් කියලා. අපේ විහාරස්ථානත් ගොඩනැගෙන්න ඕනේ. භෞතිකව විධිමත් වෙන්න ඕනේ. ඒ අතරේ ඒ පරිසර පද්ධතිය විධිමත් විය යුතුයි.

අද ගෝල්පේස් පිට්ටනියට ගියහම පේනවා විශාල නගරයක් මුහුදේ ඉදිවෙනවා. ලබන වසරේ එම ස්ථානයේ ඉතාම වැදගත් ලෝකයේ තිබෙන බැංකු, මූල්‍ය ආයතන එන ස්ථානයක් බවට පත්වෙනවා. ඒ වගේම ඉස්සර එතන කාර් රේස් යන්න, කැසිනෝ හදන්න තීරණය කර තිබුණා. නමුත් අපි දැන් තීරණය කර තිබෙනවා, විහාර මහා දේවී උද්‍යානය වගේ කිහිප ගුණයක් විශාල අක්කර 250 ක් පමණ විශාල මහා උද්‍යානයක් ඒ මුහුදු නගරයේ ඉදිකරන්න. එය තමයි අපි ලබන අවුරුද්දේ ජූනි මාසේ ආරම්භ කරන්නේ. ඒ වගේම මේ බත්තරමුල්ල ප‍්‍රදේශය ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් සමග රජයේ කාර්යාල සඳහා විශාල ගොඩනැගිලි 3 ක් ඉදිවෙනවා. ඒ වගේම සැහැල්ලූ දුම්රිය පද්ධතියක් මගින් කොළඹ නගරය යා කරන්න කටයුතු කරනවා. ඒ වගේම අද දැවෙන මේ මාර්ග තදබදය සඳහා බස් ප‍්‍රමුඛතා පද්ධතියක් හඳුන්වා දුන්නා. එහි මූලික ව්‍යාපෘතිය අවසන්. ඊළ`ග ව්‍යාපෘතිය අපි මේ මාසයේ ආරම්භ කරනවා. පොදු ප‍්‍රවාහණයට මුල්තැන දෙන්න.

අපේ විහාරස්ථානයන්හි පරිසර පද්ධති විධිමත් කරමින් දැනට අර්බුදයක්ව පවතින කසළ කළමණාකරනය සඳහා හොඳ ආදර්ශයක් විහාරස්ථානවලින් ලබාදෙන්න පුළුවන්. ඒ සඳහාත් ඉදිරියේදී ඔබ වහන්සේලා කි‍්‍රයා කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ රටේ ඓතිහාසිකව, අපි ඉන්දියාව අසබඩ පුංචි දිවයිනක් උනත් ඉන්දියාවේ නොමැති අපටම ආවේණික භාෂාවක් අපි හදාගෙන තිබෙනවා. ඒ භාෂාව අවුරුදු 3000 ක් අපි පවත්වාගෙන විත් තිබෙනවා. ඉන්දියාවට මෙවැනි ඉතිහාසයක් නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ හරහා බුදු දහම ඉන්දියාවේ පැවති බව සත්‍යයක්. නමුත් මේ ශාසනය වසර 2300 කට අධික කාලයක් අඛණ්ඩව ආරක්‍ෂා කළා. එවැනි සම්ප‍්‍රදායක් අද ලෝකයේ කිිසිම තැනක නැහැ. ඒ වගේම අද ලෝකයේ යන යන තැන ආගමික ඝට්ඨන තිබෙනවා. දකුණු පිලිපීනයේ මින්දනාවෝ වල ජීවත්වන කි‍්‍රස්තියානි භක්තිකයින් දස දහස් ගණනක් ඝාතනය කරමින් පල්ලි ගිණි තබමින් ඔවුන්ව පළවා හරිනවා. ඉස්ලාමීය අන්තවාදීන් විසින්. ඒ වගේම එය අනෙක් පැත්තටත් වෙනවා. ඊජිප්තුවේ කි‍්‍රස්තියානීන්ට ගහනවා. සිරියාවේ ගහනවා. ඒ වගේම යුරෝපා රටවල මුස්ලිම් මිනිස්සුන්ට ගහනවා. අපට පෙන්නුවේ නැති උනාට පල්ලි ගිනි තියනවා, පල්ලිවලට පහර දෙනවා. මේ ලංකාවේ පමණක් අපේ බෞද්ධ භික්ෂුවකට චෝදනා කළාට, මීට වඩා ලෝකේ පුරාම භයානක විදිහට ඒ කටයුතු සිදුවෙනවා. ඒ නිසා අපි තවමත් වාසනාවන්ත තත්වයකට තිබෙන්නේ. ඒ සංහිඳියාව ආරක්‍ෂා කරගන්න ප‍්‍රධාන වශයෙන් උපස්ථම්භක වෙලා තියෙන්නේ තමන්ගේ ආගම ව්‍යාප්ත කිරීම සඳහා ලේ බිඳක්වත් නොසොල්වපු අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ ශාසනික කි‍්‍රයාවලයයි. ඒ කි‍්‍රයාවලිය අපි ගෞරවයෙන් යුතුව ආරක්‍ෂා කර ගන්න ඕනේ. අපට ඇ`ගිල්ල දිගු කරන්න අපට අපහාස කරන්න තවත් විශාල පිරිසක් බලා ඉන්න හින්දා ගරුත්වයෙන් යුතුව අපේ ශාසනික සම්ප‍්‍රදාය, සිවුරේ ගරුත්වය ඒ් වගේම ගිහියෝ එය ආරක්‍ෂා කරන්න වගකිමක් තිබෙනවා. ඒ සඳහාත් මේ ”සිහිලැල් දැහැන” ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයන්න අපේ මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු මෙතන වැඩමකර සිටින අපේ සියළුම ගෞරවනීය භික්ෂූණ් වහන්සේලාගේ අවවාද අනුශාසනා මගපෙන්වීම රටට අවශ්‍ය කාලයක්. ඒවා භාරගන්න අපි සැදී පැහැදි සිටිනවා.

scroll to top