ගූගල් බැලුනේ හුලන් ගියේ ඇයි ?

Harin.jpg

සමස්ත ශ්‍රී ලංකාවටම නොමිලේ වයි ෆයි ලබාදීමේ අරමුණින් ඇරඹු ගූගල් බැලුන වැඩසටහන අතරමග නතර වීමට හේතු ලෙස අමාත්‍ය හරින් ප්‍රනාන්දු සඳහන් කලේ ඊට අදාල සංඛයාත නොලැබීම බවයි .විදුලි සංදේශ නියාමන කොමිසම මගින් ලබා දිය යුතු මෙගා හර්ට්ස් 700 ක අදාල සංඛයාත නොලැබීම නිසා එය ලංකාවට අහිමි වී යාමේ අවදානමක්ද ඇති බව ඔහු පවසයි. තමා ටෙලෙකොම් ඇමති වුවත් මේ වනතෙක් තම බදුල්ලේ ජනතාවට එකදු රැකියාවක් හෝ දීමට තමාට නොහැකි වූ බව ඔහු වැඩි දුරටත් පවසයි. පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය .

scroll to top