ගියාට කමක් නෑ; මනුස්සකමක් තියනවනං කියල යන්න

නොවැ 22, 2014 (විමසුම) – ආණ්ඩුව හැර යන්නේ නම් ඒ බව පවසා යාමට තරම්වත් මනුස්සකමක් තිබිය යුතු යැයි ජනාධිපතිවරයා පැවසූ බව විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර පවසයි.

“දැන් ඊයේ අපේ අතිගරු ජනාධිපතිතුමා, රෑ දහය හමාරයි අපේ සාකච්ඡාව ඉවර වෙන කොට. එතුමා එක්ක අපි සාකච්ඡාව යන අතරේ එතුමා කියනවා, තව ගියත් කමක් නෑ. යනව නං අර මනුස්සකමක් තියනවනං පොඩ්ඩක් කියල යන්න කියලා…”

ශ්‍රීලනිපයේ හිටපු මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව එජාපයේ පොදු අපේක්ෂකයා ලෙස ඡන්ද සටනට පිවිසීම මේ ප්‍රකාශයට හේතු වී තිබේ.

වැඩිදුරටත් අදහස් දැක් වූ ජයසේකර මහතා අවධාරණය කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදු වන්නේත් සරත් ෆොන්සේකා මහතාට සිදු වූ දේම බවයි.

පැතිර යමින් පවතින විවිධ කටකතා ප්‍රතික්ෂේප කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තමා කිසිසේත් විපක්ෂයට නොයන බවයි.

“අපේ කෑල්ලක්වත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව දාලා යන්නේ නෑ.”

scroll to top