ගංවතුර, නායයෑම්වලට ලක්වූ පුද්ගලයින්ට ප්‍රථමාධාර කිරීම සඳහා කැනඩා රජයේ ආධාර

Thalatha-2-1.jpg

රත්නපුර දිස්ති්‍රක්කයේ ඇතිවන ගංවතුර තර්ජනවලදී හා නායයෑම්වලදී ඉන් පීඩාවට පත්වන ජනතාවට ප්‍රථමාධාර කිරීම සඳහා කැනඩා රජයේ පාර්ලිමේන්තු මන්ති්‍රවරුන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඇලපාත, පලාවෙල සෞඛ්‍ය නිළධාරී කාර්යාලයේදී ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සායනයක් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය, කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැක්කිලීන් හා කැනඩා රජයේ පාර්ලිමේන්තු මන්ති්‍රවරුන් පිරිසකගේ මූලිකත්වයෙන් 2017.11.11 වන දින විවෘත කරන ලදී.

මෙම ගොඩනැගිල්ල සඳහා රුපියල් ලක්ෂ 12ක වියදමක් දරා ඇති අතර, හදිසි අවස්ථාවන්වලදී ජනතාවට වඩා ඉක්මණින් ප්‍රථමාධාර සිදුකිරීමට මෙතුළින් හැකියාව උදාවේ. මෙම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සායනය රත්නපුර දිස්ති්‍රක්කයේ ඇලපාත පලාවෙල ප්‍රදේශයට ලබාදීමට කටයුතු කළ කැනඩා රජයේ පාර්ලිමේන්තු මන්ති්‍රවරුන්ට අමාත්‍යතුමිය ස්තූතිය පළකළ අතර, දෙරටේ සහයෝගීතාවය මෙමගින් ශක්තිමත් වන බවද අමාත්‍යතුමිය මෙහිදී ප්‍රකාශ කළාය. මෙම මධ්‍යස්ථානයේ නිසි ප්‍රයෝජනය ජනතාව විසින් ලබාගනු ඇතැයි විශ්වාසකරන බවත් අමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම අවස්ථාවට කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක ජෙනිෆර් හාට් (Jennifer Hart) , කැනේඩියානු පාර්ලිමේන්තු කණ්ඩායම් ප්‍රධානී යස්මින් රටන්සි (Yasmin Ratansi), සංක්‍රමණය සදහා වන ජාත්‍යන්තර සංවිධානයේ ආයතන ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී ජොසෙපි ක්‍රොසෙටි (Giuseppe Crocetti), පාර්ලිමේන්තු මන්ත්‍රී තෝමස් මල්කෙයා (Thomas Mulcair), මැටි ජෙනරැක්ස් (Matt Jeneroux), මැකි ෂෝඩාන් (Marilou McPhedran) සෙනට් සභාව කැනේඩියානු පාර්ලිමේන්තුව, රෙම් බොගෝල්ට් (Remi Bourgault) විධායක ලේකම් පෙඩරල් ශාඛාව කැනේඩියානු පාර්ලිමේන්තුව, සබරගමුව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මැතිතුමා, කලවාන එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක සරත්චන්ද්‍ර රාමනායක, සබරගමු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

scroll to top