ගංවතුරෙන් හානි වූ ප්‍රදේශවල ආර්ථිකය ගොඩනැගීම රජයේ ඊලග ඉලක්කයයි…

පසුගියදා ඇතිවූ ගංවතුරෙන් හානි වූ ප්‍රදේශවල ජනජීවිතය යලි ගොඩනැගෙමින් පවතින අතර එම ප්‍රෙද්ශවල ආර්ථිකය නැවත ගොඩනැගීම රජයේ ඊලග ඉලක්කය බව ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල ආර්ථික කටයුතු පුනර්ජීවනය කිරීම සඳහා පත් කළ කමිටුවේ කැදවුම්කරු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා පවසනවා.

ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල ආර්ථික කටයුතු නගා සිටුවීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කල කමිටුව අද දින දෙවන වරටත් රැස්වු අවස්ථාවේ ගන්නා ලද තීර්ණ පිළිබද මාධ්‍ය මගින් විමසු අවස්ථාවේ අමාත්‍ය කබීර් හෂිම් මහතා මේ අදහස් පල කලා.

මෙහිදී වැඩි දුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා, 2016 වසරේ ශ්‍රී ලංකාවේ ඇති වු ව්‍යසනයෙන් අපගේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදු වුනා. එහෙම උනත් අපේ ආර්ථික වර්ධන වේගය 2016 වර්ෂයේ 4.8% ක ඉලක්කයකට ස්ථාවර කිරීමට අපට පුළුවන් උනා. මේක රජයේ හැකියාව හා දක්ෂ කමයි. මෙවර සිදු වූ ගංවතුර ගැලීමෙන් අපගේ ආර්ථිකයට විශාල බලපෑමක් මෙවරත් සිදුවන්න පුළුවන්. එපමණක් නොවෙයි මේ නිසා අපගේ දළ දේශීය නිශ්පාදනයට බලපෑමක් සිදු වුනොත් අපගේ ආර්ථික වේගයට මෙන්ම රටේ සංවර්ධනයට විශාල බලපෑමක් මෙයින් සිදු වීමට පුළුවන්. ඒ නිසයි අග්‍රාමාත්‍යවරයා මැදිහත් වී මෙවැනි වැඩ පිළිවෙලක් සකස් කළේ යනුවෙන් පැවසීය.

අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිළි කරමින්, මේ වන විට ඒ සඳහා අවශ්‍ය නීති රීති සහ අවශ්‍ය චක්‍රලේඛන සකස් කර බිම් මට්ටමේ සිට සහයෝගය ලබා දීමට කටයුතු කරන බව පෙන්වා දුන්නේය. එසේම ආර්ථිකයට සිදු වු බලපැම අවම කර, යළි ආර්ථිකය ගොඩනැගීමට අවශය පියවර කීපයක් ගත් බවත්, මේ සඳහා අමාත්‍යවරුන් කීප දෙනෙක් සහ මහ බැංකුවේ ප්‍රධානීන් පෞද්ගලික හා රාජ්‍ය මුල්‍ය ආයතන නිලධාරින් සමඟ සාකච්ඡා කරමින්, දේශිය ව්‍යාපාර ශක්තිමත් කිරීමට පියවර කීපයක් ගත් බවත් පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම රාජ්‍ය හා පෞද්ගලික මූල්‍ය ආයතනවලට ණය වාරික ලබා ගැනිමට කල් තැබීමක් හරහා උපරිම ණය ගෙවීමක් පමණක් නොවේ, බැංකු, චෙක්පත් ගෙවිම් සඳහා ද විශේෂ කාරණයක් ලෙස සලකා එම ගෙවිම් ප්‍රමාද කිරීමට උපදෙස් ලබා දුන් බව මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඊට අමතරව බැංකුවලට, ව්‍යාපාරවලට වු හානි සඳහා ප්‍රතිපාදන ලබා දීමට උපදෙස් ලබා දුන් බවත් මීට අමතරව ජාතික රක්ෂණ භාරකාර අරමුදල හරහා වන්දි ලබා දිමටත් තීරණය කළ බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කුඩා හා සුළු මට්ටමේ ව්‍යාපාර නිවෙස්වලට වු හානි සදහා රුපියල් ලක්ෂ 25 ක් උපරිම මුදලක් ලබා දිමට තීරණය කළ බවත් අගමැතිතුමාගේ උපදෙස් මත රුපියල් මිලියන 2000 ක් නිකුත් කිරීමට කටයුතු කළ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම මුදලින් සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර ගොවීන්ට, ස්වයං රැකියාකරුවන්ට, ගොවීන්ගේ විනාශ වු වගාවන්ට වන්දි ගෙවීම සදහා මේ මුදල් භාවිත කරන බවත් අමාත්‍යවරයා පැවසීය..

මේ වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළුව බිම් මට්ටමෙන් ද අනුකමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රාජ්‍ය ආයතනවලට හා හානි වු දේපලවලට සහන ලබා දීමට මෙ‘මඟින් කටයුතු කරන බව පෙන්වා දුන්නේය.

ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල ආර්ථික කටයුතු පුනර්ජීවනය කිරීම සඳහා පත් කළ කමිටුව නැවත ජූනි 09 වන සිකුරාදා රැස්වීමට නියමිතය.

scroll to top