ගංවතුරෙන් හානිවු ව්‍යවසායන් නඟා සිටුවිමට රජයෙන් රුපියල් මිලියන 2000 ක්

Kabir.jpg

ගංවතුර ගැලීමෙන් හා නාය යෑමෙන් හානියට පත්වු සුළු පරිමාන ව්‍යාපාරිකයන්ට, ස්වයං රැකියාකරුවන්ට තම ව්‍යාපාර නැවත පිළිසකළ කර ඒවා යළි ආරම්භ කිරීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 2000 ක් වෙන්කර ඇති බව, ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල ආර්ථික කටයුතු පුනර්ජීවනය කිරීම සදහා පත් කල කමිටුවේ කැදවුම්කරු, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ගරු කබිර් හෂීම් මැතිතුමා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පල කළේ ඊයේ (29) දෙහිඕවිට ජාතික පාසලේදී හා තල්දූව මුස්ලිම් දේවස්ථානයේදි තල්දූව, දෙහිඕවිට, පනාවල, දැරණියගල ප්‍රදේශවල ආපදාවට ලක් වු ජනතාවට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සහ පානීය ජලය ලබා දීමේ අවස්ථාවට එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය කබීර් හෂිම් මහතා කියා සිටියේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි රැස්වු අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපති, මුදල් අමාත්‍යාංශ ලේකම්, රාජ්‍ය හා පෞද්ගලික බැංකු වල උසස් නිලධාරීන් මෙන්ම පෞද්ගලික මුල්‍ය ආයතන හා එක්ව සාකච්ඡා කොට ගංවතුරෙන් හානියට පත්වු දේපල සහ ව්‍යපාර නගා සිටුවීමට කඩිනමින් සහන ලබාදිමට රජය තිරණය කල බවයි.

මෙම ආධාර ලබා දීම සදහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, හලාවල වැවිලි සමාගම යන ආයතන විසින් මුල්‍ය දායකත්වය ලබා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රිනි වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය ඇතුළු දේශපාලන නියෝජිත මහත්ම මහත්මියන් සහභාගි විය.

scroll to top