ගංවතුරින් හානි වූ නිවිතිගල, පාතකඩ විද්‍යාලය අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ මැදිහත් වීමෙන් ප්‍රතිසංස්කරණය කෙරේ…

House.jpg

රත්නපුර දිස්ති්‍රක්කයේ පසුගියදා හදිසි ගංවතුර සහ නායයාම් තත්වයෙන් දැඩි ලෙස හානියට පත් නිවිතිගල, පාතකඩ විද්‍යාලය අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මියගේ මැදිහත්වීමෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරිණි. ඒ අනුව නිවිතිගල පාතකඩ විද්‍යාලයේ සිසු දරු දැරියන් මුණ ගැසීමට අමාත්‍යතුමිය පසුගියදා එක් වුනි.

මේ වන විට සිසුන් 40 කට ආසන්න පිරිසක් පමණක් අධ්‍යාපනය ලබන මෙම පාසල අතීතයේදී දරුවන් 500 ගණනක් අධ්‍යාපනය ලැබූ ද්විතීයික පාසලකි. අධ්‍යාපනයට සහයෝගය ලබා දීම තම එකම කැමැත්ත කොට සලකන ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය මෙම පාසල යළි ප්‍රතිනිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු පෞද්ගලිකව ඉටු කරනු ලබයි. ඒ අනුව ගරු අමාත්‍යතුමියට ලෙබනන් රටේ සේවය කරන හිතවතුන්ගෙන් ලැබුණු ආධාර මත රුපියල් 250,000$- ක මුල්‍ය වියදමින් පාතකඩ විද්‍යාලයේ ගොඩනැ`ගිලි, විදුලි පද්ධතිය සහ පානීය ජලය ලබා ගන්නා ළි`ද ප්‍රතිසංස්කරණය කරන ලදි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමිය මෙසේ ප්‍රකාශ කළාය. —ආණ්ඩුව මොකක් වුනත් අධ්‍යාපනය මොන විදියට සංවර්ධනය කරන්න උත්සාහ කළත් සමහර දෙමව්පියන්ගේ ආකල්පමය වැරදි නිසා මේ පුංචි අඩුපාඩුකම් ඇති වෙලා තියනවා. ගමේ පාසලට ඇතුලූ වීම මදිකමක්. ඉගෙන ගන්න දරුවන්ට පාසල මොකද්ද, ගුරුවරයා කවුද කියලා වැදගත් නැහැ.දරුවාට ඉගෙනගන්න අවශ්‍ය පරිසරය ගෙදරක තිබිය යුතුයි. දරුවන්ට නිරවුල් මනසකින් ඉගෙන ගන්න හැකි වෙන්නේ එවිටයි.

මේ පාසල වෙනත් දෙයකට යොදවා ගන්න රජයට පත් කරගන්න තත්වයට පත් කරගන්න එපා. ඉදිරියේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ දරුවෙක් ඇතුලත් විය යුතු පාසල ජන්ද ලයිස්තුව සහ ග්‍රාම සේවක පදිංචිය අනුව තීරණය කරනවා. ඒ අනුව මේ පාසල් වැහෙන්නේ නැහැ. ගමේ පාසල, ගමේ පන්සල හො`ද වුනොත් සමාජයේ සිදුවන දේවල් සම්බන්ධයෙන් ඇ`ගිල්ල දිගුකරන්න කාටවත් සිදු වෙන්නේ නැහැ.

ඉදිරියේදී පළමු වසර සිට දහතුන වසර දක්වා අධ්‍යාපනය අනිවාර්ය කරනවා. ගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් මැදිහත් වීමෙන් අධ්‍යාපනයට විශ්ෂ්ඨ ස්ථානයක් දිය යුතුය යන මතයේ සිට අකිල විරාජ් මැතිති=මා ල`ගම පාසල හො`දම පාසල ව්‍යාපෘතිය යටතේ විශාල මුදලක් වැය කරමින් පළාත් සභාව, අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගේ නිර්දේශය මත පාසල් තෝරා ගෙන කුමණ හෝ පහසුකමක් ලබා දෙනවා. 2018 ජනවාරි සිට සෑම පාසල් දරුවෙකුටම ලක්ෂ දෙකක රක්ෂණාවරණයක් ලැඛෙනවා. යනුවෙන් ස`දහන් කළාය.

ඕනිම කෙනෙකුට අධ්‍යාපනයට අවශ්‍ය සහයෝගය, පහසුකම සැලසීම තම ජීවිතයේ එකම කැමැත්ත බවත් හො`දම දේ දරුවන්ට ලබා දීමේ අරමුණින් තම පෞද්ගලික මැදිහත් වීමෙන් මෙම පාසල යථා තත්වයට පත් කිරීමට හැකි වීම පිළිබ`දව අතිශයින් සතුටු වන බවත්, මේ ස`දහා උපකාර කළ ලෙබනන්හි හිත්වතුන්ට ස්තුතිය පල කරන බවත් අමාත්‍යතුමිය වැඩිදුරටත් ස`දහන් කළාය.

මෙම අවස්ථාවට නිවිතිගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුවිනීතා මැණිකේ මහත්මිය ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.

scroll to top