ගංවතුරින් සිදු වූ හානි සඳහා නව ජීවයක් සිංගර් “සුරක්‍ෂා” වෙතින්

Singer.jpg

ශ්‍රී ලංකාවේ මෑතකදී සිදුවූ ජල ගැල්මෙන් දහස් ගණනකට නිවාස මෙන්ම ජීවිත ද අහිමි කළ බව කාටත් අමතක කළ නොහැකි කරුණකි. එවැනි දුෂ්කර කාල වකවානුවකදී ජාති ආගම් කුල මල නොසලකා සියලු දෙනා එකාමෙන් ක්‍රියා කළ ආකාරය ශ්‍රී ලාංකික ජනතාවගේ එකමුතුකම හා ශක්තිය මනාවට පිළිබිඹු කරන්නකි.

වසර 15 ක සිටම විශ්වසනීය ගෘහස්ථ නාමයක් වන සිංගර් ශ්‍රී ලංකා (පී එල් සී) පාරිභෝගික සේවා සැපයීමෙහි ලා ඉදිරියෙන්ම සිටින ආයතනයක් වන අතර අලෙවියෙන් පසු පාරිභෝගිකයින්ට අමතර සේවා ද සැපයීමෙහි ලා ඉදිරියෙන් සිටින ආයතනයකි. හදිසි අවස්ථාවලදී නිෂ්පාදන ආවරණ මගින් දහස් ගණනක් පාරිභෝගිකයින් ප්‍රතිලාභ ලබා ඇති අතර මෑත කාලීනව සිදු වූ ගංවතුර හේතුවෙන් විනාශ වූ සියලුම විද්‍යුත් උපකරණ ආදේශක සඳහා 100 කට අධික පාරිභෝගිකයන්ට “සුරක්‍ෂා” නිෂ්පාදන ප්‍රතිස්ථාපන වැඩසටහන මගින් සියලුම විදුලි සහ ගෘහ උපකරණ නැවත ලබා දෙන ලදී.

සිංගර් ශ්‍රී ලංකා තම සියලුම නිෂ්පාදන සඳහා “සැනසුම” සහ “සැනසුම Plus” යනුවෙන් තවත් පුරෝගාමී වගකීම් සහ රක්‍ෂණ සැලැසුම් මීට ඉහතදී හඳුන්වා දෙන ලදී. දිවයින පුරා ඕනෑම සිංගර් අලෙවිසැලකින් මිලදී ගත් නිෂ්පාදන සඳහා “සැනසුම” යෝජනා ක්‍රමය මගින් නිෂ්පාදන වගකීම් ආවරණය කරයි.
වගකියුතු ආයතනයක් ලෙස ජාතියක් වශයෙන් අනෝන්‍ය අවශ්‍යතා සඳහා මේ වන විට ජනතාවට සහය වීමට එක්විය යුතු බව සිංගර් ශ්‍රී ලංකා (පී එල් සී) විශ්වාස කරන අතර “සුරක්‍ෂා” හරහා ප්‍රජාව යලි ගොඩ නැගීමට ඔවුන්ගේ දායකත්වය දීමට සූදානම් බවද ඔවුන් සඳහන් කරයි.

ගංවතුරින් පීඩාවට පත් ජනතාවට සිංගර් ශ්‍රී ලංකා ආයතනය දුන් සහයෝගය සැබවින්ම අගය කරන බවත්, කාර්යමණ්ඩලය විසින් මනාව කළමනාකරණය කරගනිමින් සිදුකල කඩිනම් සේවය අගනා සේවයක් බවද රත්නපුර දිස්ත්‍රික්කයෙහි ගංවතුරට ගොදුරු වූ රොහාන් පෙරේරා පැවසීය. එසේම ගංවතුරින් සෑම දෙයක්ම අහිමි වූ අයගේ ජීවිත නගා සිටුවීමට සිංගර් සමග අත්වැල් බැඳ ගැනීමට ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

රත්නපුර බටුගෙදර ප්‍රදේශයේ පදිංචි එම්. එම්. කුලරත්න මහතා සිංගර් ශ්‍රී ලංකා සමාගමට ස්තූතිය පල කරමින් කියා සිටියේ අවශ්‍යම වේලාවකදී ඒ වෙනුවෙන් ඉදිරිපත්වීම ඉතා අගනා කාර්යයක් බව පවසමින්ය.

නිවර්තන කාලගුණික තත්වයන් තුළ නාය යෑම, සුළි කුනාටු, සහ අකුණු සැර වැදීම වැනි ස්වාභාවික විපත් වලට සීමා නොකර නිවෙස්වලින් හෝ ව්‍යාපාර වලින් හොරකම් කෙරෙනු ලබන උපකරණ වලටද “සුරක්‍ෂා” වගකීම් ආවරණ ව්‍යාප්ත වේ. මිලදී ගැනීමෙන් පළමු වසර තුළදී ගැනුම්කරු අකල් මරණයකට ගොදුරු වුවහොත් ඔහුගේ හෝ ඇයගේ පවුලටද මෙම සහනය හිමි වේ.

පාරිභෝගිකයෙකු භාණ්ඩ මිලදී ගන්නා සෑම අවස්ථාවකදීම මෙම ආවරණ 3 තමන්ට අවශ්‍ය ආකාරයකින් ලබා ගත හැකිය. වැඩි විස්තර සඳහා 0112 316316 අංකයෙන් සම්බන්ධ විය හැකිය.

scroll to top