කෝ මාර්ක් නෝ මාර්ක් හාස්‍යජනක චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය

නොවැ 29, 2014 (විමසුම) – අතිශය ජනප්‍රිය වූ “එතුමා” ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ ප්‍රවීණ සිනමාවේදී ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ නවතම අධ්‍යක්ෂණය, කෝ මාර්ක් නෝ මාර්ක් හාස්‍යජනක චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය “විමසුම” පාඨක සහෘද ඔබ වෙත මෙසේ පිළිගැන්වෙයි.

ko mark no mark hd movie still big

ලබන දෙසැම්බරයේ සිට දිවයින පුරා තිරගතවීම ඇරඹෙන මෙම සිනමා පටය විජය නන්දසිරිගේ ද්විත්ව චරිත නිරූපණයෙන් සැරසෙන අතර ගිරිරාජ් කෞශල්‍ය, ගිහාන් ප්‍රනාන්දු, දිල්හානි අශෝකමාලා, සේමිණී ඉද්දමල්ගොඩ, පියුමි බොතේජු හා මිහිර සිරිතිලක ඇතුළු රංගන ශිල්පීන් රැසකගේ දායකත්වයෙන් හැඩ වේ.

මෙම සිනමා පටයේ එන එක් ජවනිකාවක ඇමතිතුමා ලෙසින් විජය නන්දසිරි සභාව අමතමින් සිටී.

ඇමතිතුමා: දැන් හැමෝම බලනවා ඇති මෙතන විවෘත කරන්න තියන වැව කෝ කියලා…

රැස්වීමට සහභාගි වූවෙක්: ඇමතිතුමා, අපි හිතුවේ අර පූට්ටු පාලං හදනවා වගේ කොළඹ හදලා වැව මෙහෙ ගෙනල්ලා හයි කරයි කියලා…

scroll to top