කොලොන්නාව නාය යෑමෙන් විපතට පත් ජනතාවට දින අටක් ඇතුළත නිවාස ලබා දීමට අපට හැකි වුණා

Champika-3.jpg

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ මීතොටමුල්ල කුණු කන්දෙන් විපතට පත්ව නිවාස අහිමිවූ ජනතාවට නිවාස ලබා දීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියේ කොලොන්නාව, සාලමුල්ල ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයෙන් විපතට පත්වූ ජනතාව වෙත නිවාස ලබා දීම සිදුවිය. ලබාදුන් එක් නිවසක වටිනාකම රැපියල් මිලියන 4කි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘‘මීරියබැද්දේ නාය යාමක් සිදුවුණා, අරණායක නාය යාමක් වුණා, ඉතින් ඇත්තටම තාමත් ඒ අයට නිවාස ලැබිලා නැහැ. ඉතින් අපිට පුළුවන් වුණා දවස් අටක කාලයක් ඇතුළත මේ ව්‍යසනයෙන් අනතුරට පත්වුණු සෑම නිවසකටම නිවසක් ලබා දෙන බව ප‍්‍රකාශ කරන්නට. එයට කැමති වුණු පිරිස්වලට නිවාස ලැබුණා.

අරණායක හෝ වෙනැත් ස්ථානයක වසර ගණනාවකට කරන්න බැරි වුණු දේ අපි කළා. ඒ අනුව දවස් අටක් ඇතුළත ආපදාවට පත්වුණු අයට නිවාස ලබා දුන්නා. කෙසේ නමුත් අපි මේ ලබා දෙන නිවාස ගැනීම හෝ නොගැනීම ඒ ජනතාවගේ තීරණයක්.

කුණු කන්ද තවමත් අස්ථාවර බවත් පැවසිය යුතුයි. එහි පැලූම් තිබෙනවා. එම පැලූම් තවමත් විවර වෙමින් තිබෙනවා, ඉදිරි මැයි මාසයේදී අපි වර්ෂාව බලාපොරොත්තු වෙන තත්ත්වයක් යටතේ විද්‍යාඥයින් කුණු කන්ද අවට ප‍්‍රකාශයට පත්කර තිබෙන ඒ සීමාව තුළ පදිංචි වී සිටීම අතිශය අනතුරුදායක කාරණයක් බවට පත්ව තිබෙනවා. එනිසා වගකිවයුතු රජයක් හැටියට එම ස්ථානවල අපේ ජනතාවට පදිංචිවන්නට ඉඩදීමට නොහැකියි.

ඒ වගේම සදහන් කළ යුතුයි මේ නිවාස අපි ලබා දී තිබෙන්නේ විශාල කැපවීමකින් බව. කොළඹ නාගරික ව්‍යාපෘතියේ ඇලමාර්ග අවට පදිංචිව සිටින පිරිස්වෙත ලබාදීමට තැනූ නිවාස තමයි අපි මේ ව්‍යසනයට ලක්වූ ජනතාවට ලබා දුන්නේ. විපතට පත් ජනතාවගේ මුල් නිවාසයන්ගේ වටිනාකම් පිළිබ`ද තක්සේරුවක් තක්සේරු දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීමට නියමිතයි. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඉන් පසු ඒ පිළිබ`ද ඉදිරි පියවර ගනු ලබනු ඇති.

විවිධ දේශපාලන කල්ලි මෙම සිද්ධිය හා ජනයාගේ ජීවිත යොදාගෙන නොයෙක් නොයෙක් ඉල්ලීම් කර ඒ ජනතාව අපහසුතාවයට පත් කරවනවා. ඒ කෙසේ නමුත් මේ අලූත් නිවාසවල පදිංචියට ගොස් අලූත් ජීවිත ගොඩනගාගන්න කියන පණිවුඩය තමයි විපතට පත් අපේ ජනතාව අපට දීමට තිබෙන්නේ.

මෙහිදී සදහන් කළ යුතු තවත් කරුණු කිහිපයක් තිබෙනවා, 1999 වර්ෂයේදී කරූ ජයසූරිය මැතිතුමා දියත් කිරීමට උත්සහ කළා වැඩපිළිවෙලක් විද්‍යාත්මක කසල රදවනයක් සෑදීමට ඒ අවස්ථාවේදී ඊට එරෙහිව උද්ඝෝෂණ කරලා එය වැළැක්වූවා. පසුකාලීනව මම සිදු කිරීමට උත්සහ කළා වග ප‍්‍රදේශයේ වැඩපිළිවෙලක්, එයත් උද්ඝෝෂණ කර වළක්වනු ලැබුවා එහිදී නාගරික සංවර්ධන ඇමතිවරයා එම ප‍්‍රදේශය නාගරික ප‍්‍රදේශයක් හැටියට නම් කර එය වළක්වනු ලැබුවා. ඔවුන් එදා උද්ඝෝෂණ කළා දොම්පේ විද්‍යාත්මක කසළ රදවනය සෑදීමට විරුද්ධව නමුත් අද වනවිට ඔවුන් එය රැුකගැනීමටයි පෙනී හිටින්නේ. එය දෛවයේ සරදමක්. ඉතින් මට කීමට ඇත්තේ විද්‍යාත්මක විස`දුම්වලට බාධා එල්ල නොකරන ලෙසයි.

හැමෝම මතක තබාගත යුතුයි කොළඹ කියන්නේ කාගේත් පොදු දේපලක් බව. කොලොන්නාව කසළ කන්ද බැලූවිට එහි කොළඹ කසල පමණක් නොවෙයි බියගම හා කඩුවෙල ආදී ප‍්‍රදේශවල කසලත් එහි බැහැරකොට තිබෙනවා. එනිසා යමෙක් කුණුවලට විරුද්ධව අපේ ගමට කොළඹ කුණු එපා කියනවා නම් කොළඹට ඒමට අයිතියකුත් නැහැ ඔවුන්ට.

රජය මේ අවස්ථාවේදී මෙම අසාධාරණ විරෝධතා මර්ධනයකර විද්‍යාත්මක විසදුමකට යා යුතුයි යන්න ප‍්‍රකාශ කළ යුතුයි.

scroll to top