කොරියාවේ රැකියාවෙන් පසු මෙරටට පැමිණෙන ලාංකිකයින්ට විශේෂ පහසුකම්

දකුණු කොරියාවේ රැකියාවේ නියුතු ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් සිය රැුකියා කාලසීමාව අවසානයේදී මෙරටට පැමිණි පසු ඔවුන් වෙනුවෙන් අවශ්‍ය කරන පහසුකම් ලබාදීමට ශ‍්‍රී ලංකා රජය ඉදිරියේදී ඉදිරිපත් වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ඇය පසුගිය දිනවල කොරියාවේ කල සංචාරයේදී එරට සේවය කරන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් මුණගැසුණු අවස්ථාවේදී අමාත්‍යතුමිය මේ බව ප‍්‍රකාශ කළාය.

තලතා අතුකෝරළ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ, වසර 5ක් සේවය කර දිවයිනට පැමිණෙන ඒ ශ‍්‍රමිකයින් උපයාගෙන එන මුදල් නිසි ලෙස ආයෝජනය කරන්නේ කෙසේද, ආයෝජනය සඳහා අවස්ථා ලබාගන්නේ කෙසේද යන්න පිළිබඳවත් ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම්වලට සරිලන මෙරට ව්‍යාපාරික අවස්ථාවන් හා උපරිම පහසුකම් ලබාදීමට ඉදිරියේදී රජයක් ලෙස විදේශ රැුකියා අමාත්‍යංශය මැදිහත් වී මුදල් අමාත්‍යංශය හා විදේශ අමාත්‍යංශය එක්ව ඉදිරියේදී සැලසුම් සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි.

විශේෂයෙන් පසුගිය කාලයේ කොරියාවේ රැකියාවේ නියුතු ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන් දිවයිනට පැමිණ ඔවුන් රැගෙන එන මුදල් විධිමත් ලෙස ආයෝජනය නොකල නිසා ඔවුන්ට නැවතත් ආර්ථිකමය ගැටළු පැනනැගුණු අවස්ථා තමන් දුටු බව අමාත්‍යවරිය ප‍්‍රකාශ කළාය.

මෙම අවස්ථාවේදී එරට රැකියාවේ නියුතු ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් අමාත්‍යතුමියගෙන් ඉල්ලා සිටියේ දිවයිනට පැමිණ තමන්ගේම ව්‍යාපාර අවස්ථා ආරම්භ කිරීමට තමන් කොරියාවේදී භාවිතාකල යන්ත‍්‍ර සූත‍්‍ර පහසු මිළකට ලංකාවට ගෙන යෑමට අවස්ථාවක් උදා කර දෙන ලෙසයි.

එසේම තම ගැටළු සොයාබැලීම සඳහා තමන්ගේ වැඩබිම් වෙත විදේශ රැකියා අමාත්‍යවරිය පැමිණීම සම්බන්ධව සතුට පලකල අතර, තමන් ශ‍්‍රී ලංකා ආර්ථිකයට ලබාදෙන සහයෝගය පිළිබඳව සතුටුවන බවද කීහ.

දින 6ක නිළ සංචාරය අවසන් කිරීමෙන් පසු අමාත්‍යතුමිය අද උදෑසන දිවයිනට පැමිණි අතර, එම සංචාරයේදී එරට රැකියා හා කම්කරු අමාත්‍ය Lee Ki –Kweon, ඉඩම්, යටිතල පහසුකම් හා ප‍්‍රවාහන අමාත්‍ය Kang Ho විදේශ අමාත්‍ය Yun Byung – Se යන මහත්වරුන් හමුවිය.

ඊට අමතරව සෝල්, උල්සාන්, අන්සාන් යන ප‍්‍රදේශවල හා ජේජු දූපතේ සංචාරයේ නිරත වූවාය.

දැනට ශ‍්‍රී ලාංකිකයින් 28,000 පමණ දකුණු කොරියාවේ රැකියාවල නිරත වන අතර 2014 වසරට සාපේක්‍ෂව 2015 වසරේ කොරියාවේ රැකියා සඳහා පිටත්වන ශ‍්‍රී ලාංකිකයින් ප‍්‍රමාණය 14% න් ඉහළ ගොස් තිබේ.

1012705_790611451070713_112063576456815432_n

1936528_789555461176312_7172840680834292898_n

scroll to top