කොරියාවෙන් වැඩි රැකියා අවස්ථා ප‍්‍රමාණයක් ශ‍්‍රී ලාංකිකයින්ට

lanka-korea-jobs.jpg

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මේ දිනවල දකුණු කොරියාවේ නිළ සංචාරයක නිරත වන අතර පසුගියදා එරට රැකියා හා කම්කරු අමාත්‍ය Lee Ki –Kweon මහතා හමුවිය.

එහිදී ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප‍්‍රමාණයක් ලාංකික ශ‍්‍රමිකයින්ට ලබා දෙන ලෙස අමාත්‍යවරිය මෙහිදී කොරියානු රජයෙන් ඉල්ලා සිටියාය. එසේම කොරියානු රැකියා නිසා වැඩි විදේශ විනිමය ප‍්‍රමාණයක් ලංකාවට ලැබෙන බවත් අමාත්‍යතුමිය මෙහිදී සඳහන් කළාය.

එහිදී එරට රැකියා හා කම්කරු අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම ඉල්ලීම් පිළිබඳව ඉදිරියේදී සලකා බලන බවත් එරට සේවයේ නියුතු ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් ඉතා හොඳින් රැකියාවල නිරත වන බවයි. ඒ පිළිබඳව තම රජය ඉතා සතුටුවන බවද ඔහු පැවසීය.

දැනට ශ‍්‍රී ලාංකිකයින් 28,000 පමණ දකුණු කොරියාවේ රැකියාවල නිරත වන අතර 2014 වසරට සාපේක්‍ෂව 2015 වසරේ කොරියාවේ රැකියා සඳහා පිටත්වන ශ‍්‍රී ලාංකිකයින් ප‍්‍රමාණය 14% න් ඉහළ ගොස් තිබේ.

scroll to top