කොරියානු අයදුම්පත් නිකුත් කිරීමේ අවසන් දිනය මාර්තු 17

අයදුම්පත් නිකුත් කිරීමට මධ්‍යස්ථාන 18ක්…
පළමු දිනයේ අයදුම්පත් 5660ක් නිකුත් කෙරේ…
කලබලයකින් තොරව අයදුම්පත් ලබාගන්න…
– ඇමතිනි තලතා අතුකෝරළ

කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම මාර්තු මස 17 දින සවස 4 දක්වා පමණක් සිදුකෙරේ. අයදුම්පත් නිකුත් කිරීම මාර්තු මස 14 දින ආරම්භ කළ අතර එය මාර්තු 17 දක්වා දින 04 තුලදී දිවයින පුරා පිහිටි කාර්යාංශයේ පළාත් කාර්යාල, දිස්ති්‍රක් පුහුණු මධ්‍යස්ථානවලදී සිදුකෙරේ. මෙම අයදුම්පත් කොරියාවේ නිෂ්පාදන හා ධීවර රැකියා සඳහා පමණක් නිකුත් කෙරේ.

අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, මහනුවර, රත්නපුර, වව්නියාව යන කාර්යාංශයේ පළාත් කාර්යාල හා මතුගම, අම්පාර, මඩකලපුව, හලාවත, දඹුල්ල, ගාල්ල, යාපනය, පොළොන්නරුව, ති්‍රකුණාමලය, තංගල්ල, යන කාර්යාංශ පුහුණු මධ්‍යස්ථානවලදී සහ කටුණායක සහන පියස මධ්‍යස්ථානය හා අතුරුගිරිය ජාතික වැවිලි කළමණාකරණ ආයතනයේදී අයදුම්පත් නිකුත් කෙරේ.

පළමු දිනයේ පමණක් දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 18 ම`ගින් අයදුම්පත් 5660ක් නිකුත් කර තිබේ. ඉන් වැඩිම අයදුම්පත් ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ තංගල්ල විගමණික සම්පත් මධ්‍යස්ථානයෙන් වන අතර එම ප්‍රමාණය 965කි. අතුරුගිරිය මධ්‍යස්ථානයෙන් අයදුම්පත් 693ක් නිකුත් කර ඇත.

මෙම විභාගයට පෙනී සිටීම සඳහා සුදුසුකම් ලෙස වයස අවුරුදු 18ත් 39ත් අතර අය (1977 මාර්තු 15 සිට 1999 මාර්තු 14 දක්වා උපන් අය) විය යුතුය. සිර ද`ඩුවම් නොලද අය විය යුතු අතර කොරියානු රජයෙන් ආපසු හරවා හෝ නෙරපූවන් නොවිය යුතුය. වර්ණ අන්ධ හෝ වර්ණ දුර්වලකම් නැති අය විය යුතු අතර, කොඳු ඇට පෙලේ ආබාධයක් හෝ ඇ`ගිලි ආබාධ ඇති අයට මෙම විභාගයට පෙනී සිටිය නොහැක. මෙම විභාගය අප්‍රේලA මස ආරම්භ වීමට නියමිතය. වැඩිදුර තොරතුරු සඳහා කාර්යාංශයේ අඅඅගිකඉෙැගකන යන වෙබ් අඩවිය පරිශීලනය කරන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඇගයුම් මත ලකුණු ලබා දීමේ ක්‍රමවේදය මත පවත්වන මෙම විභාගය ම`ගින් අපේක්ෂකයින් සතු කොරියානු භාෂා හැකියාව සහ කුසලතාවය, කායික තත්වය සහ වැඩ අත්දැකීම් පිලිබ`දව සොයා බලනු ලැබේ. අදාළ කර්මාන්ත ස`දහා රැකියා අපේක්ෂකයින් තෝරා ගනු ලබන්නේ ඔවුන් ලබා ගන්නා ඉහළ ලකුණු මට්ටම් අනුවයි. පලමු වටය සමත් වීම ස`දහා අපේක්ෂකයින් විසින් අවම ලකුණු මට්ටමට වඩා ඉහලින් සිටිය යුතුය. නිශ්පාදන ස`දහා අවම ලකුණු මට්ටම 40] ක් සහ ධීවර රැකියා ස`දහා අවම ලකුණු මට්ටම 36] වේ. දෙවන වටයේදී කුසලතා පරීක්ෂණයට හා නිපුණතා පරීක්ෂණයට අවස්ථාව ලැබේ. එම පරීක්ෂණ වලදී ලබා ගන්නා ලකූණු වල එකතුවෙන් ඉහළම ලකුණු ලබා ගන්නා අය මෙම ලකුණුු මත ඇගයුම් ක්‍රමවේදය ම`ගින් තෝරා ගනු ලැබේ.

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ, මාර්තු මස 17 දක්වා දිනයන් තුළ අදාළ මධ්‍යස්ථානවලට ගොස් අයදුම්පත් කලබලයකින් තොර ලබාගන්නා ලෙසත් සියලූම රැකියා අපේක‍ෂිතයින්ට ප්‍රමාණවත් අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී තිඛෙන බවයි. මෙම විභාගය පිළිබඳව අවශ්‍ය තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශය ම`ගින් පමණක් ලබාගන්නා ලෙසත්, ඒ සඳහා තෙවන පාර්ශවයක සහයෝගය ලබා නොගන්නා ලෙසත්, අමාත්‍යතුමිය රැකියා අපේක‍ෂිතයින්ගෙන් ඉල්ලා සිටී. එසේම කිසිවිටෙක කිසිඳු පුද්ගලයෙකුට මුදල් ලබා නොදෙන ලෙසඳ දැනුම්දෙයි. සියළු ගණුදෙනු කාර්යාංශය ම`ගින් පමණක් සිදුකරන ලෙසද ඇය වැඩිදුරටත් ඉල්ලා සිටී.

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය දකුණු කොරියානු රාජ්‍යයේ කම්කරු අමාත්‍යවරයා සම`ග කළ සාකච්ඡාවන්හි ප්‍රතිඵල ලෙස දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලාංකික ශ්‍රමිකයින්ට හිමි විය. එසේම කොරියානු රැකියා නිසා වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාවට ලැඛෙන බවත් අමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.

2015 වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂයේ දකුණු කොරියාවේ රැකියාවන් ස`දහා පිටත්ව ගිය මෙරට ශ්‍රමිකයින් සංඛ්‍යාව වැඩි වී තිඛෙන අතර, ඒ අනුව 2016 වර්ෂයේ දකුණු කොරියාවේ රැකියා ස`දහා පිටතAව ගිය විගමණික ශ්‍රමිකයින් සංඛ්‍යාව 6629 ක් වන අතර, එය 2015 වර්ෂයට වඩා 32] කින් වැඩි වීමකි. 2015 වර්ෂයේ දකුණු කොරියාවේ රැකියා ස`දහා 5007 ක් පිටත්ව ගොස් තිබේ.

2015 වර්ෂයේ ධීවර අංශයේ රැකියා අවස්ථාවන් 1319 ක් ද, නිශ්පාදන අංශයේ 3513 ක්ද, ඉදිකිරීම් අංශයේ 170ක් ද, කෘෂිකර්ම හා පශ= සම්පත් අංශයේ 3ක්, වෛද්‍ය හා අක්ෂි උපකරණ නිශ්පාදන අංශයේ රැකියා අවස්ථාවන් 1 ක් ද හිමි වී තිබේ.

2016 වර්ෂයේ ධීවර අංශයේ රැකියා ස`දහා 2163 ක්ද, නිශ්පාධන අංශයේ රැකියා ස`දහා 4330 ක් ද, ඉදිකිරීම් අංශයේ රැකියා ස`දහා 118 ක්ද, කෘෂිකාර්මික අංශයේ රැකියා ස`දහා 6ක්ද, වගා ක්ෂේත්‍රයේ රැකියා ස`දහා 6ක් ද, ධීවර කර්මාන්තය ස`දහා 5ක් ද, යන්ත්‍රෝපකරණ නිශAපාධන ස`දහා 1 අයෙක්ද දකුණු කොරියාවේ රැකියා ස`දහා පිටත්ව ගොස් තිබේ. මේ වන විට දකුණු කොරියාවේ දළ වශයෙන් 35,000 කට ආසන්න ශී්‍ර ලාංකික ශ්‍රමිකයින් ප්‍රමාණයක් සේවය කරයි.

scroll to top