කි‍්‍රකට් ක‍්‍රීඩාවට කරන ආයෝජනය අනෙකුත් ක‍්‍රීඩාවලටත් කළ යුතුයි – ඇමති චම්පික

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, මෙම අදහස් පළකර සිටියේ, තායිලන්ත තරඟ සංචාරයකට සහභාගී වීමට නියමිත ශී‍්‍ර ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ පාපන්දු කණ්ඩායම සහ කැරම් කණ්ඩායමට සුභපැතුම් එක්කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, කලා කටයුතු, ක‍්‍රීඩා කටයුතු අනිවාර්යයෙන්ම ආයතන තුළ ඉදිරියට ගෙන යා යුතු බවත්, එමගින් පරිපූර්ණ රාජ්‍ය සේවකයකු බිහිකිරීමට හැකියාව ලැබෙන අතර උදේ 8.00 සවස 4.00 රාජකාරිය මගින් පරිපූර්ණ රාජ්‍ය සේවකයෙකු හෝ පරිපූර්ණ මිනිසෙක් බිහි නොවන බව සඳහන් කරයි. සංස්කෘතික මිනිසෙකු බිහිවීමට නම් කලා කටයුතු සහ ක‍්‍රීඩාවන් හි නිරත විය යුතු බවත්, මෙවැනි අවස්ථා රාජ්‍ය සේවකයන්ට ලබාදීම මගින් එම ඉලක්කයන් සපුරාගත හැකි වනු ඇත. අමාත්‍යධූර දැරූ විදුලිබල මණ්ඩලය, ඛනිජතෙල් නීතිගත සංස්ථාව වැනි සෑම ආයතනයකදීම ලංකාවේ මලල ක‍්‍රීඩාවේ නියැලෙන ඉහළ ගනයේ සියළු ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට ප‍්‍රසිද්ධියකින් තොරව අනුග‍්‍රහය ලබාදීමෙන් විශාල ශක්තියක් වූ බවද සඳහන් කළේ ය.

කොළඹ නගරයේ තිබෙන වටිනා ඉඩම් විශාල වශයෙන් කි‍්‍රකට් ක‍්‍රීඩාංගන සඳහා ලබාදීමටත්, පහසුකම් සැපයීමට විශාල මුදලක් වැය කර තිබෙනවා. මෙරට ලබාගත් එකම ලෝක කුසලානය කි‍්‍රකට් උනත්, එමගින් අනෙක් සියළු ක‍්‍රීඩාවන් කෙරෙහි සැලකිල්ලක් නොදක්වා අතහැර දැමීම කනගාටුවට කරුණක්. එසේම රටේ මෙන්ම ලෝකයේ තිබෙන මතයට අනුව එක් එක් කලාපයන්ට වෙන් වෙන් වශයෙන් ක්‍රීඩාවන් වෙන්ව ඇති බවද, යුරෝපා කලාපයේ පාපන්දු ක‍්‍රීඩාවට දස්කම් දක්වන අතර මලල ක‍්‍රීඩා සඳහා ඇමරිකා එක්සත් ජනපදය කැරිබියානු දූපත් ආශ‍්‍රිතව නියෝජනය කරනවා. දුනු විදීමට බූතානය, මෙන්ම අශ්වයින් පැදවීම සඳහා මොංගෝලියාව ආදී වශයෙන් රටවල් ප‍්‍රකටයි. එනමුත් මෙය වෙනස් කළ රටවල් දෙකක් ලෙස ජර්මනිය සහ චීනය හැඳින්විය අපට හැකියි. එම රටවල් මෙම සෑම ක‍්‍රීඩාවක්ම සමබරව කරගෙන යන අතර ඉහළම ගණයේ මලල ක‍්‍රීඩකයින්ද බිහිකර තිබෙනවා. එමගින් පෙනී යන්නේ පුහුණු වීම් හා තාක්ෂණය නිසිලෙස භාවිත කරනවා නම් ඕනෑම ක‍්‍රීඩාවක් ජයගත හැකි බවයි.

රටක් ලෙස මලල ක‍්‍රීඩාවලට මෙන්ම අනෙකුත් ක‍්‍රීඩාවලට ද අත දිය යුතු බවත්, 2020 දී පැවැත්වෙන සාෆ් ක‍්‍රීඩා උළෙල සඳහා මුළු රටම ජව සම්පන්න කළ යුතු බව ක‍්‍රීඩා අමාත්‍යවරයාට යෝජනා කළ බවද අමාත්‍ය චම්පික රණවක මැතිතුමා සඳහන් කළහ. මලල ක‍්‍රීඩා ක්‍ෂෙත‍්‍රයත්,පාපන්දු, දැල්පන්දු, අත්පන්දු ආදි සෑම ක‍්‍රීඩාවකින්ම රට ඉදිරියට ගත යුතු බවත්, කි‍්‍රකට් වලට තිබෙන අනවශ්‍ය උනන්දුව, උන්මාදය අනෙක් ක්‍ෂෙත‍්‍රවලට ගමන් කිරීම මගින් අඩුම තරමින් ආසියානු මට්ටමේ හෝ ජයග‍්‍රහණ ලබාගත හැකි බව ද අමාත්‍යවරයා පවසයි. ක‍්‍රිකට් කි‍්‍රීඩාවට කරන ආයෝජන අනෙකුත් ක‍්‍රීඩාවලට ද සිදු කළයුතු බවද අමාත්‍යවරයා යෝජනා කරයි. භූගෝලීය පිහිටීමත් සමග ලංකාවේ ක්‍රීඩාංගන සකස් කළහොත් අන්තර් ජාතික තරඟ, අයි.ඒ.එෆ්. තරඟ ලංකාවට ගෙන ආ හැකි බව පැවසූ අමාත්‍යවරයා දෝහාවල, ෂැන්හයිවල මෙම තරඟ පැවැවෙන බවත්, හුසේන් බෝල්ට්, ඩැෆ්නිස්කිපර්ස් වැනි අය ඒවාට සහභාගී වෙනවා. එම රටවල එවැනි ක‍්‍රීඩකයින් සහභාගී කරමින් තරඟ පැවැත්වීම මගින් සංචාරක ව්‍යාපාරය මෙන්ම ක‍්‍රීඩාවේ උන්නතිය ද ඇතිවීම සිදුවනවා. ලංකාවේ මෙම භූගෝලීය පිහිටීම පාවිච්චි කර අන්තර්ජාතික ක‍්‍රීඩකයින් සහභාගීවන තරඟ පවත්වන රටක් බවට පත් කළ යුතුයි. නමුත් ඒ සඳහා වියදම් කිරීමට අවාසනාවකට අපේ රාජ්‍ය ආයතන මෙන්ම පුද්ගලික අංශද මැලිවන බවද සිහිපත් කළ යුතුයි.

ලෝකයේම ජනප‍්‍රිය ක‍්‍රීඩාව වන පාපන්දු ක‍්‍රීඩාවට උනන්දු වෙමින් ගමන් කළහොත් ආසියානු කලාපයේ විශිෂ්ඨ තැනකට රට ගෙන ඒමට හැකි බවත්, මෙම රට පුංචි රටක් උනත් එමගින් ලෝකයේ අභිසෙස් ලැබීමට හැකි වන බවද සඳහන් කළේ ය. කොළඹ දිස්ත‍්‍රික්කයේ ජනගහනයට සමාන මිලියන තුනක් ජීවත්වන ජැමෙයිකාවෙන් හුසෙන් බෝලට් සහ එලීන් තොම්සන් බිහි වූ අතර 1990 සිට මීටර් 100 ත් 200 ත් තරඟ ජයග‍්‍රහණය වෙන කිසිම රටකට ලබා නොදුන් බව සිහිපත් කළ අමාත්‍යවරයා ඒ අතින් බලන කල මෙරට සම්පත් සහිත පොහොසත් ජාන සම්පතක් තිබෙන රටක් ලෙස අපටද එම ඉලක්කයන් කරා ලඟා විය හැකි බව ද සඳහන් කළේ ය.

scroll to top