කැනඩා රැකියා පෙන්වා මුදල් ගැරීමේ ජාවාරමක්…

  • ශ්‍රී ලංකා රජය හා කැනඩාව අතර රැකියා සම්බන්ධ අවබෝධතා ගිවිසුමක් නෑ…
  • කැනඩා රැකියා පෙන්වා මුදල් ගැරීමේ ජාවාරමට අහුවෙන්න එපා…
  • කැනඩා රැකියා පෙන්වා මුදල් ගැරීමේ ජාවාරමේ මහ මොළකාරිණිය අත්අඩංගුවට…
    – ඇමතිනි තලතා අතුකෝරළ කියයි.

ශ්‍රී ලංකා රජය හා කැනඩා රජය අතර, ඇතිකරගත් අවබෝධතා ගිවිසුමක් ම`ගින් රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචාකිරීමේ ජාවාරමක් අනාවරණය කරගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමත් වී තිබේ. විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් මෙම ජාවාරමේ ප්‍රධාන සැකකාරිණිය කොල්ලූපිටිය ලිබර්ටි සාප්පු සංකීරණයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම කාන්තාව ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක වන අතර, ඇය දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට ශ්‍රී ලංකා රජයට කැනඩා රජයෙන් රැකියා ලැබී ඇති බව පවසමින් එක් අයෙකුගෙන් මූලික ගාස්තු ලෙස රුපියල් ලක‍ෂ 4 බැගින් ලබාගෙන තිබේ. මෙසේ පුද්ගලයින් තිදෙනෙකුගෙන් මුදල් ලබාගෙන ඇති අතර, ඔවුන් කාර්යාංශයට කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය මෙහෙයවා තිබේ.

විමර්ශන නිළධාරීන් ප්‍රධාන සැකකාරිණිය සම`ග උපාය දූතයෙකු මාර්ගයෙන් සම්බන්ධතා ගොඩන`ගා ගෙන ඇති අතර, ඒ අනුව සැකකාරිණිය විසින් කැනඩා රැකියා ලබාගැනීමට අවශ්‍ය මූලික ගෙවීම ලෙස ලක‍ෂ 4ක මුදලක්ද රැගෙන කොල්ලූපිටිය ලිබර්ටි සාප්පු සංකීර්ණය වෙත පැමිණෙන ලෙස දන්වා ඇත. එහිදී සැකකාරිණිය හා මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එම අවස්ථාවේදී ඇය සතුව තිබී කැනඩා වීසා බලපත්‍ර දෙකක් හා වෙනත් ව්‍යාජ ලිපි ලේඛන රාශියක්ද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ. මෙම සැකකරුවන් දෙදෙනා ජූනි මස 24 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ, —ශී්‍ර ලංකා රජය හා කැනඩා රජය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමක් ම`ගින් ලාංකිකයින්ට කැනඩාවේ රැකියා අවස්ථා ලැබී තිඛෙන බව කියමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් අනාවරණය කරගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පසුගියදා හැකිවුණා. මට විශේෂයෙන් දැනුම් දෙන්න තියෙන්නේ කිසිම අවබෝධතා ගිවිසුමක් කැනඩා රජය සම`ගින් නෑ. මේ වගේ බොරු දේවල්වලට අහුවෙන්න එපා. මේ වගේ දේවල් ගැන දැනුවත්නම්, විදෙස්ගත ශ්‍රමිකයින් හැටියට යන අය කරුණාකරලා බත්තරමුල්ලේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඇවිත් තොරතුරු දැනගන්න. මේ වගේ විශාල වශයෙන් මුදල් නාස්ති කරගෙන වංචාකරුවන්ට අහුවෙන එක අපිට බරපතල ගැටළුවක් වෙලා තියෙනවා. ඒ නිසා මේ වගේ අයට අහුවෙන්න එපා කියන පණිවිඩය තමයි මට දෙන්න තියෙන්නේ.˜ යනුවෙනි.
මෙම වැටලීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමණාකරු, ප්‍රධාන පොලිස් පරීක‍ෂක සී.ජී.වෙලගෙදර, පොලිස් පරික‍ෂක යූ.ඩබ්.එන්.ෂෙල්ටන්, කාර්යාංශ නිළධාරිනී සන්ධ්‍යා අයිරාංගනී යන නිළධාරින් එක්වූහ.

scroll to top