කළම්ඹු ෂොපින් ෆෙස්ටිවල් BMICH හීදී

Photo-4.jpg

30 මාර්තු 2017 විමසුම

වඩාත් කතාබහට ලක්වූ “කළම්ඹු ෂොපින් ෆෙස්ටිවල් – (Colombo Shopping Festival)” සුපිරි වෙළඳ සැණකෙළිය මෙවර උත්සව සමය වර්ණවත් කිරීමට සියලු වැඩ කටයුතු සූදානම් කරමින් පවතී.
බොහෝ දේ හොඳම මිලට ලබා දීම අරමුණු කර ගත් “කළම්ඹු ෂොපින් ෆෙස්ටිවල්” ඔබට කිසිදිනෙක අමතක නොවන අත්දැකීමක් ලබා දෙනු නිසැකය. අප්‍රේල් මස 7 වැනිදා සිට 11 දින වනතුරු දින පහක් පුරා පෙරවරු 10.00 සිට පස්වරු 10.00 දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන පරිශ්‍රයේදී (BMICH) පැවැත්වේ . මේ සැණකෙළියට දෙස් විදෙස් අලෙවි ප්‍රදර්ශකයන්ද විවිධ නිෂ්පාදන ඔබට පිරි නමනු ඇත.
ප්‍රදර්ශනයට අලෙවි කුටි 250කට වඩා ප්‍රමාණයක් ඇතුළත්ය.ශ්‍රී ලංකාව පාකිස්තානය, ඉන්දියාව, තායිලන්තය සහ වෙනත් රටවල නිෂ්පාදිත විද්‍යුත් උපකරණ, ඇඟලුම්, සෙල්ලම් භාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ, රූපලාවන්‍ය නිෂ්පාදන , සුවඳ විලවුන්, විලාසිතා උපාංග, ළමා නිෂ්පාදන සහ තවත් නිෂ්පාදන රැසක් මෙහිදී ප්‍රදර්ශනයට එක්කෙරේ.

scroll to top