කලාකරුවන්ට සාම විනිසුරු පත්වීම් පිරිනැමීම

dayan.jpg

ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය පෝෂණය කිරීමට මහත් දායකත්වයක් ලබා දුන් සිනමා, ටෙලිනාට්‍ය ක්ෂේත්‍රවල අධ්‍යක්ෂකරුන්, නළුනිලියන් කාර්මික ශිල්පීන්,ගායක ගායිකාවන්ගේ හා ජනමාධ්‍යවේදීන්ගේ සේවය ඇගයීම වෙනුවෙන් සාම විනිසුරු පදවි පිරිනැමීමේ උළෙලක් අධිකරණ අමාත්‍යාංශයේදී ගරු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ බර්ට්‍රම් නිහාල්, ප්‍රවීණ සිනමාකරු මොහාන් නියාස්,ප්‍රවීණ ගායන ශිල්පී කීරීති පැස්කුවෙල් හා දයාන් විතාරණ යන මහත්ම මහත්මීන් රැසකට අධිරණ අමාත්‍යාංශය විසින් සාම විනිසුරු පදවි පිරිනැමූහ.

එම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න ඇතුළු අධිකරණ අමාත්‍යාංශයේ ජේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.

keerthi

nihal

niyas

scroll to top