ශ්‍රී ලංකාවේ කම්කරු අයිතීන් ඇතුලූ මානව හිමිකම් පිළිබඳව වන ප්‍රගතිය පිරික්සීමේ කණ්ඩායමේ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ කම්කරු අයිතීන් ඇතුලූ මානව හිමිකම් පිළිබඳව වන ප්‍රගතිය පිරික්සීම සඳහා මෙරටට පැමිණි යුරෝපා පාර්ලිමේන්තුවේ මන්තී්‍රවරියන් වන ඈන්-මාරි මිනුවෙ සහ ලොලා සන්චෙස් කල්ඩෙන්ටේ සාමාජිකාවන් වූ සමීක්ෂණ කණ්ඩායමේ ප්‍රකාශය

“සාමුහික කේවල් කිරීම සහ වැඩ වර්ජනය කිරීමේ අයිතිය කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් සතු අවියෝජනීය පංගුවකි.” යුරෝපා පාර්ලිමේන්තුවේ මන්තී්‍රවරියක් වන ඈන්-මාරි මිනුවෙ පැවසුවාය.

“ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාවක් දෙන්නට අපි කැමැත්තෙමු. එහෙත් ඒ සඳහා එහි වාසිය කම්කරුවන්ටද ලැඛෙන බවට අපට සහතිකයක් තිබිය යුතුය.” යුරෝපා පාර්ලිමේන්තුවේ මන්තී්‍රවරියක් වන ලොලා සන්චෙස් කල්ඩෙන්ටේ පැවසුවාය.

අප්‍රේල් මස 10 වන දින සහ 12 වන දින අතර කෙරුණු සමීක්ෂණ කාර්යන්හි ප්‍රධාන අවධානය යොමු වූයේ, යුරෝපා සංගමයේ ඇතැම් දේශපාලන කණ්ඩායම් වල ප්‍රධාන විමසිල්ල වන ශ්‍රී ලංකාවේ කම්කරු අයිතීන් සතු තත්ත්වය පිරික්සීමය. තොරතුරු පිරික්සීමේ කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස ඈන්-මාරි මිනුවෙ “කම්කරුවන්ගේ මූලික අයිතීන් සහ ඔවුන්ගේ වෘත්තීය සමිති අයිතීන් සහතික කිරීම, ආණ්ඩුවේ වගකීමකි. සාමුහික කේවල් කිරීම හා වැඩ වර්ජනය කිරීමේ අයිතිය එහි අවියෝජනීය පංගුවකි.” යැයි කීවාය. ඇයගේ පාර්ලිමේන්තු හවුල්කාරිය වන ලොලා සන්චෙස් කල්ඩෙන්ටේ පැවසුවේ විශේෂ සහනය මගින් ලැඛෙන්නාවූ වාසිය ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුගේ සාක්කුවට පමණක් යන්නේ නම්, යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට විශේෂ වෙළඳ තත්ත්වයක් ප්‍රදානය නොකරන බවය.

ජී.එස්.පී අධි සහනය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ඇතිද හෝ නැතිද යන්න ඉදිරි මාසයේ යුරෝපා සංගමය තීන්දු කරනු ඇත. එය මානව හා කම්කරු අයිතීන් සම්බන්ධ මූලික ජාත්‍යන්තර සම්මුතීන් සහ තිරසාර සංවර්ධනය හා යහපාලනය කි්‍රයාවට නගන්නා වූ සංවර්ධනයවන රටවලට යුරෝපා සංගමයේ ප්‍රතිපත්තියක් ලෙස ලබා දෙන වෙළඳ වාසියකි.

තොරතුරු විමර්ෂණය කිරීමේ කමිටුව ලෙස සැදුම් ලත් යුරෝපා පාර්ලිමේන්තු මන්තී්‍රවරියන් වන ඈන්-මාරි මිනුවෙ සහ ලොලා සන්චෙස් කල්ඩෙන්ටේ සමග ෙඩන්මාර්කයේ වෘත්තීය සමිති සම්මේලනය වන තී්‍ර-එෆ් සංවිධානය, ජාත්‍යන්තර ප්‍රවාහන කම්කරු සම්මේලනය සහ ක්ලීන් ක්ලෝත් කැම්පේන් නම් සිවිල් සංවිධානය සඳහා ඇරයුම් කරනු ලැබූයේ ඉන්ඩස්ටි්‍ර-ඕල් නම් ගෝලීය වෘත්තීය සමිති සම්මේලනයේ ශ්‍රී ලාංකීය මණ්ඩලය විසින් ය. එහි පරමාර්ථය වූයේ ශ්‍රී ලංකාව පසුගිය වසරවල කෙතරම් ප්‍රගතියක් ලබා තිබේදැයි ඇගයීමය. “මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධව පරීක්ෂා කිරීම වෙනුවෙන් නීති සම්පාදනය කරන බවට ශ්‍රී ලංකා ආණ්ඩුව 2015 දී දෙන ලද සහතිකය අපි කැමැත්තෙන් බාර ගත්තෙමු. එහෙත් එය කි්‍රයාවට දැමීම ගැන ඇත්තේ බරපතල ප්‍රශ්නකාරී තත්ත්වයකි.” ඈන්-මාරි මිනුවෙ කීවාය.

තොරතුරු විමර්ෂණය කිරීමේ කමිටුවේ සාමාජිකයින්ට නිදහස් වෙළඳ කලාප තුල කම්කරු අයිතීන් උල්ලංඝණය කිරීම නිසා අගතියට පත් කම්කරුවන්ද, වෘත්තීය සමිති හේතුවෙන් හිංසනයට පත් වූවන්, නීති විරෝධී ලෙස සේවයෙන් පහ කෙරුණු සමිති නායකයින්, ලිංගික හිංසනයට හා කම්කරු අයිතීන් උල්ලංඝණයට ගොදුරු වූවන්ද හමු විය. කම්ටු සාමාජිකයින් සහභාගි වූ දහයකට වැඩි සේවක හමුවීම් වලින් පසු ලොලා සන්චෙස් කල්ඩෙන්ටේ ගේ නිගමනය වූයේ, ” යුරෝපා සංගමයේ පාරිභෝගිකයින් ඔවුන් මිල දී ගන්නා රෙදි කාන්තාවන් විසින් නිෂ්පාදනය කරන තත්ත්වය ගැන දන්නේ නම්, ඔවුන්ට ලජ්ජා හිතෙනු ඇත.” යන්නයි. එයට එකතුවක් කරමින් ඈන්-මාරි මිනුවෙ කියුවේ, “වෘත්තීය සමිති ලෙස සංවිධානයවීමට ඔවුන්ට ඇති අයිතිය ආණ්ඩුව විසින් තහවුරු කළ යුතුයි. නොඑසේ නම්, ඔවුන් දිගටම සූරාකෑමට ගොදුරු වනු ඇත” කියා ය. එවගේම වැඩ පැවරීමේදී මෑන්පවර් කොන්ත්‍රාත් ශ්‍රමය යොදා ගැනීම ගැන කමිටු සාමාජිකයින් ඔවුන්ගේ කණස්සල්ල නොමදව ප්‍රකාශ කළහ. එමගින් සංවිධානයවීමේ අයිතිය සහ සාමුහිකව කේවල් කිරීමේ හැකියාව යටපත් කෙරෙන්නේ යැයි ඔවුහු පිළිගන්නාහ. එළෙසින්ම, වෘත්තීය සමිති කි්‍රයාකාරිත්වයට අහිතකර ලෙස, කම්කරු ආරවුල් සහ සාමුහික කේවල් කිරීම් සම්බන්ධයෙන් අධිකරණ බලපෑම් ඉහළ යෑමද කණස්සල්ලට තවත් හේතුවකි.

මෙම තොරතුරු පිරික්සීමේ කණ්ඩායමේ සාමාජිකයින් අනෙකුත් නිලධාරීන්ට අමතරව, කම්කරු ඇමති ඩබ්ලියු. ඩී. ජෝන් සෙනෙවිරත්න හමුවූහ. කම්කරු අයිතීන් සම්බන්ධයෙන්වන ඔවුන්ගේ බරපතල කණස්සල්ල ඔවුන් ඇමතිවරයා හමුවේ තැබූහ. යුරෝපා ජී.එස්.පී. අධි සහනයේ වාසියෙන් සියයට 50 ක් කම්කරුවන්ට ලැඛෙන්නට සළස්වන බවට ඇමතිවරයා එහිදී ප්‍රකාශ කළේය. “අපි සැබවින්ම මේ මැදිහත්වීම අගය කරමු. නමුත් අප තවමත් නොදන්නා කාරණය වන්නේ ඒ පොරොන්දුව ආණ්ඩුව කි්‍රයාවට දමන්නේ කෙසේද යන්නයි. එනිසා අපි එය ඉතා හොඳින් අධීක්ෂණය කරන්නෙමු. අපගේ තේරුම් ගැනීමට අනුව, කම්කරුවන්ට මේ වාසි බුක්ති විඳින්නට නම් ප්‍රථමයෙන්ම කළ යුත්තේ, සාධාරණ වැටුපක් ලැඛෙන බවට සහතික කිරීම සමග ඔවුන්ට සංවිධානය වීමට සහ සාමුහිකව කේවල් කිරීමට ඇති අයිතිය තහවුරු කිරීමය. සම්මුතීන් අත්සන් කිරීම ආරම්භයක් පමණි. ඇත්ත අභියෝගය වන්නේ එය කි්‍රයාවට නැගීමය. න්‍යායිකව කම්කරුවන්ට සංවිධානය වීමේ අයිතීන් පිළිගැනීම පමණක් නොව, ප්‍රායෝගිකව කම්කරුවන්ට සංවිධානය වන්නට හාම්පුතුන්ගේ හිංසනයන් නොතිඛෙණ තත්ත්වයක් සහතික කිරීමයි.” කියා පිරික්සීමේ කණ්ඩායමේ සාමාජිකයෝ පවසන්නාහ. ඒ සමග ඔවුහු වෘත්තීය සමිති විසින් යුරෝපා ජී.එස්.පී අධි සහන වාසි සේවකයින්ටද ලැබිය හැකි ලෙස ඉදිරිපත් කළ මාර්ග සිතියම පිළිගනු ලැබූහ.

යුරෝපා පාර්ලිමේන්තු මන්තී්‍රවරියන් වන ඈන්-මාරි මිනුවෙ සහ ලොලා සන්චෙස් කල්ඩෙන්ටේ සමග ඩෙන්මාර්කයේ වෘත්තීය සමිති සම්මේලනය වන තී්‍ර-එෆ් සංවිධානය, ජාත්‍යන්තර ප්‍රවාහන කම්කරු සම්මේලනය සහ ක්ලීන් ක්ලෝත් කැම්පේන් නම් සිවිල් සංවිධානය

scroll to top