ඕමානයට සංචාරක වීසා මත පැමිණ රැකියා කරන්නේ බලාගෙනයි

saudi.jpg

විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය පසුගියදා ඕමානයේ සංචාරයක නිරත විය. එහිදී එරට මිනිස්බල අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් නසාර් බින් අබ්දුල්ලා අල් බක්රි මහතා හමුවිය.

එහිදී ඕමානයේ මිනිස්බල අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ, සංචාරක වීසා මත පැමිණ ඕමානයේ රැකියාවල නිරතවීම සම්බන්ධයෙන් ගැටළු ගණනාවක් පවතින බවත්, එතුළින් ඕමානයේ නීත්‍යානුකූල රැකියාවල නිරතවන අයට පවා පසුගිය සමයේ ගැටළු ඇතිවූ බවයි.

එසේම, ඕමානය වීසා නිකුත් කරන්නේ ඕමාන් රෝයල් පොලිසිය ම`ගින් බවත්, ඒ සම්බන්ධව ඉදිරියේදී ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයත් සමග එක්ව තාක්‍ෂණික කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බවත්, එතුළින් මේ පිලිබඳව සොයාබැලීමට කටයුතු කරන බවද කියා සිටියේය.

මෙහිදී අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, එම තාක්‍ෂණික කමිටුව හරහා එරට සිටින ශ‍්‍රී ලාංකිකයින්ගේ ගැටළු පිළිබඳව සොයා බැලීමට හැකි බවයි. මීට අමතරව එරට මිනිස්බල අමාත්‍යවරයා සඳහන් කළේ ලාංකික ශ‍්‍රමිකයින් වඩාත් හොඳින් සේවය කරන බවයි.

scroll to top