ඕනෑම වෙලාවක අපි ඡන්දයට ලෑස්තියි – ඇමතිනි තලතා අතුකෝරළ

අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ තලවතුගොඩ Grand Monarch හෝටලයේදී ආරම්භ වු ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍ය විද්‍යාලයේ අධිකරණ වෛද්‍යවරුන්ගේ 16 වන වාර්ෂික සැසිවාරයේ ආරම්භක අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිලිතුරු ලබා දෙමිනි .

මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට ද අමාත්‍යවරිය මෙලෙස පිලිතුරු ලබා දුන්නාය.

මාධ්‍ය -පලාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර ඡන්දයෙන් සම්මත කර ගෙන පවත්වනවා කියලා මාධ්‍ය වාර්තා කරනවා
අමාත්‍යතුමිය පිළිතුර -ඒ සම්බන්ධව අපිව දැන්වත් නැහැ.

මාධ්‍ය -මහින්ද අමරවීර අමාත්‍යතුමා කියලා තිබෙනවා දෙසැම්බර් 04 අධිකරණයෙන් ඉල්ලීමක් කරනවා කියලා ඡන්දය පවත්වන්න කියලා
අමාත්‍යතුමිය පිළිතුර -අපි කොයි වෙලාවෙත් ඡන්දයට ලෑස්තියි. ඡන්දය තියෙන වෙලාවට අපි ඡන්දය කරනවා.

මාධ්‍ය -නමුත් අධිකරණයෙන් එහෙම ඉල්ලීමක් කරන්න පුළුවන් ද
අමාත්‍යතුමිය පිළිතුර-ඒක එතුමගේ මතය.ඒ පිලිබදව එතුමාගෙන් තමයි අහන්න ඕන.

scroll to top