ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සංවර්ධන සහ පැසිෆික් කලාපය භාර අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ සංචාරයක

Hon-Concetta-Fierravanti-Wells.jpg

ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සංවර්ධන සහ පැසිෆික් කලාපය භාර අමාත්‍යවරිය සහ සෙනට් සභික ගරු කොන්සෙටා ෆියෙරවන්ටි-වෙල්ස් මැතිණිය අප්‍රේල් මස 04 සිට 07 වන දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය. ජාත්‍යන්තර සංවර්ධනය සහ පැසිෆික් කලාපය භාර අමාත්‍යවරිය ලෙස එතුමියගේ ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය වන්නේ මෙයයි.

ශ්‍රී ලංකාව දිගුකාලීන ආර්ථික සහ සංවර්ධන හවුල්කරුවෙකි . අපි මේ වසරේදීද දෙරට අතර වසර 70 ක රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවය සමරන්නෙමූ.

ඕස්ට්‍රේලියා ඩොලර් මිලියන 80ක සිව් අවූරුදූ ආධාර වැඩසටහන, ශ්‍රී ලංකාවේ නව පරිච්චේදයක් අරඹයි. එය කුසලතා සංවර්ධනය” කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා වෙළඳපල අවස්ථා ඇති කර දීම” ආර්ථික ප්‍රතිසංස්කරණය සඳහා සහාය ලබාදීම සහ ශ්‍රම බලකාය තුළ හා වෙළඳ සහ ආර්ථික අවකාශය තුළ කාන්තාවන් සවිබලගැන්වීම යන කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය.

ශ්‍රී ලාංකික කාන්තාවන්ට වඩා හොඳ හා ඉහළ රැකියා සහ ව්‍යවසායක අවස්ථා බිහි කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ අරමුණින් වසර හතරක දී ඩොලර් මිලියන 15ක ආධාර යෙදවෙන “වැඩබිමේ කාන්තාව” යන වැඩසටහන අමාත්‍යවරිය විසින් කොළඹදී ආරම්භ කරනු ලැබේ.

ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලැබීම සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් ශිෂ්‍යත්ව ලැබු ශිෂ්‍යයන් 1’000ක් පමණ ප්‍රමාණයෙන් සහ ඕස්ට්‍රේලියාවේ ආධාර හරහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් ප්‍රතිලාභ ලැබු පාසල් සිසු් පිරිසක් හමුවීමටද අමාත්‍යවරිය බලාපොරොත්තු වන්නීය.

ශ්‍රී ලංකාව සමග අපගේ දිගුකාලීන සම්බන්ධතාවය සහ අපගේ ශක්තිමත් පුද්ගල සම්බන්ධතා මෙන්ම සංවර්ධන සහයෝගයෙන් ලැබුණු බොහෝ ධනාත්මක ප්‍රතිඵලවල විශේෂ අවස්ථා විදහා දක්වන ඡායාරූප ප්‍රදර්ශනයක් අමාත්‍යවරිය විසින් එතුමියගේ ශ්‍රී ලංකා සංචාරයේදී විවෘත කිරීමට නියමිතය.

2009 වසරේ යූද්ධය නිම වීමෙන් පසූ සංහිඳියාව සහ ප්‍රතිසංස්කරණය වෙනූවෙන් ඕස්ට්‍රේලියාව විිසින් යෙදවූ ඩොලර් මිලියන 250 ක මුල්‍යාධාර යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන් වල ප්‍රතිපල දැක බලා ගැනීමට අමාත්‍යවරිය උතුරු පළාතේ ද සංචාරයක නියැලෙන්නීය.

scroll to top