ඔයා බැඳලා නැද්ද ?

03 අප්‍රේල් 2017 (විමසුම) – පසුගිය දිනක රාවය පුවත්පතේ පල වූ ලිපියක් පිළිබද මගේ අවධානය යොමු උනා .ලිපියෙන් කියා තිබුනේ ඩිජිටල් ලෝකයේ අපේ පෞද්ගලිකත්වය පිලබදවයි .නාලක ගුණවර්දන තමයි ලිපිය ලියල තිබුනේ .කොහම උනත් ලිපියේ එක කොටසක් මගේ සිත තදින්ම කාවැදුනා.එය ඩිජිටල් ලෝකය හා සම්බන්ද නැති එකක් .නාලක එහිදී මතුකර තිබුණේ අපේ සමාජයේ පෞද්ගලිකත්වය කෙතරම් දුරේට රැකේද යන්න පිලිබදවයි .ඔහු ඒ සදහා උදාහරණ විදියට ගෙන තිබුනේ මිනිසුන්ගේ එදිනෙද ජීව්තයේ සිදුවීම් කීපයක්.ඔයා තාම බැඳලා නැද්ද ? තාම බබාල නැද්ද ? විභාග ප්‍රතිපල කොහමද ?

මේ සියල්ල මිනිසුන්ගේ පෞද්ගලික දේවල් නමුත් අපේ සමාජයේ එවැනි දේවල් කිසිදු වග විභාගයකින් තොරව අසන බව නාලක පෙන්වා දී තිබෙනවා.ඇත්තටම ඔහු මතු කරන කාරණය සැබෑවක්.අපි එවැනි දේ පෞද්ගලිකත්වයෙන් තොර දේවල් යයි සිතා ඕනෑම කෙනෙකුගෙන් අසයි .සමහරවිට නොව බොහෝවිට අසයි .පුගලිකව හෝ පිරිසක් ඉදිරියේත් අසයි.එය අපි ජීවත් වූ සමාජ සංස්කෘතිය තුලින් අප වෙත කාන්දු වූ සිරිත් විරිත් ලෙස අපි දකී .නමුත් දැන්වත් මේ දේවල් පිළබඳ සිතිය යුතු කාලය එළඹ ඇත.පසුගියදා නිකුත් වූ සාමානය පෙළ ප්‍රතිපල සමග අපට සිසුන් දෙදෙනෙකුගේ ජීවිත අහිමි උනා .ඒ ඔව්න් දෙවන වරත් අසමත් වූ නිසා යැයි මාධ්‍ය වාර්තා කර තිබුනා .එය එසේ වන්නට පුළුවන්.නමුත් අපේ සමාජය තුල අනුන්ගේ තොරතුරු සෙවීමේ නරක පුරුද්දත් ඊට බලපෑවේ නැතැයි කිව හැක්කේ කාටද ?

ඔය මේ සැරෙත් ෆේල්ද ?අය්යෝ මොකද උනේ ? බොරු අනුකම්පාවක් පෙන්වමින් මානසිකව වැටී සිටින පුද්ගලයා තව දුරටත් වට්ටන වචන පෙළක් අපට අපේ සංස්කෘතියෙන් උරුම කර දී ඇත.දරුවෙකුගේ ජීවිතයේ ඉදිරිය රඳා පවතින්නේ මෙවැනි දේවල් මත නොවන බව කීමට තරම් අපට මානසිකත්වයක් නැද්ද?එසේත් නොමැතිනම අඩු තරමේ අනුන්ගේ පෞද්ගලිකත්වය හාර අවුස්සන්නේ නැතිව හිදීමේ ශක්තියවත් නැද්ද යන්න පිළබඳව සිතීමට කාලයයි මේ.

චමින්ද වික්‍රමරත්න

scroll to top