ඔබේ දරුවාගේ ජීවිතයෙන් වන්දි ගෙවීමට පෙර ගෙදරින්ම කසළ කලමණාකරණය පටන් ගන්න..

Champika.jpg

කොළඹ අගනගරය ආශ්‍රිතව විධිමත්ව කසල බැහැර කිරීම සහ පසුගිය කාලය පුරාවට එක්රැස් වූ කසළ ඉවත් කිරීම සම්බන්ධයෙන් පවතින වත්මන් තත්වය දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඇමති චම්පික රණවක සඳහන් කර සිටියේ කසළ ගැටළුවෙන් ජයගැනීමට සියළු දෙනා එක්ව කටයුතු කළයුතු බවත්, එය දේශපාලන සටන් පාඨයකින් හෝ රජයේ වැඩපිළිවෙලින්ම පමණක් ජයගත නොහැකි සියළුම දෙනා තමන්ගේ සහ තම පවුලේ වගකීමෙන් ඒ සඳහා දෛනිකව දායක විය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික මහතා, ‘මේ වෙන කොට කොළඹ ගොඩගැසී තිබූ කසළ ටොන් 3,000 කට අධික ප්‍රමාණයක් ඉවත් කර කසල කඳු ගොඩගැසීම සම්පූර්ණයෙන් පාලනය කර තිබෙනවා නමුත් මෙය තාවකාලික පියවරක්. විවිධ අවස්ථාවල අපට පෙනී ගියා පසුගිය දවස්වල කසළ ඉවත් කළ ස්ථානවලට නැවත නැවත කසළ ගෙනත් දැමීමේ ප්‍රවණතාවයක්. ඒ අනුව දෛනික කසළ එකතුවීම් මිස එක දිගට එකතැන පල්වෙන කිසිම කසළ ගොඩක් කොළඹ නගරයේ අද නැහැ. මේ ගැන අපි බොහොම ස්තූතිවන්ත වෙනවා ඒ සියළු ක්ෙෂ්ත්‍රවලට. ඒ වගේම ඉදිරියේදී බොහොම පැහැදිලිව කියන්න ඕනේ නීතිය අපි සෘජුව ක්‍රියාත්මක කරනවා. ඒ නිසා කොළඹ නගර සභාව විධිමත්ව කසළ භාර ගන්න අදාල පුද්ගලික ආයතන එන්න පොරොතුව කසළ අවිධිමත්ව බැහැර කරන අය වෙනුවෙන් දැඩිව අපි නීතිය ක්‍රියාත්මක කරනවා. සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා කසළ ගොඩගැසීමෙන් ඔබ සිදු කරන්නේ ඔබේ ජීවිතත් ඒ වගේම මේ සමාජයේ ජීවතත් නැති කරන ක්‍රියාවලියක්. එය අපේ නිලධාරීන්ටත් වලංගුයි. කොළඹ නගර සභාවේ ක්‍ෂෙත්‍ර 5 භාරව ඉන්න ඉංජිනේරුවන්ට, එසේම කසළ එකතු කරන පුද්ගලික ආයතනවලටත් ඒ දේ වලංගුයි. කොළඹ නගර සභා බලප්‍රදෙශය තුළ අක්‍රමවත්ව කසල බැහැර කරන ඒවා එකතු නොකරණ සියළු පිරිස්වලට විනයානුකූලව ක්‍රියාකරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම සියළු දෙනාගේම සහයෝගය අප බලාපොරොත්තු වෙනවා මේ කොළඹ නගරය හා අවට ප්‍රදෙශය පිරිසිදුව තබාගන්න.

එසේම පෙළපාලි යන්න කලින් තමන්ගේ ගෙදර කසළ විධිමත්ව අපහරණය කළාද කියලා හොයල බලලා පෙළපාලි යන්න කියලා අප ඉල්ලා සිටිනවා. සියළුම ආගමික සංවිධාන, පුද්ගලයින් විහාරස්ථාන, දේවස්ථාන ඒ හැම එකකින්ම අප ඉල්ලා සිටිනවා විධිමත් කසළ අපහරණ වැඩපිළිවෙලකට යොමු වෙන්න කියලා. ඒ වගේම උසාවි ගිහිල්ලා නඩු පවරන අය, ඒ විනිශ්චයකාරවරු ඒ සියලූදෙනාගෙන්ම අප ඉතා කාරුණික ඉල්ලීමක් කරනවා, මේ ගැටළුව විසඳීමට අපට සහය වෙන ආකාරයට මිසක් ඒ ගැටළුව අවුල්වන ආකාරයට කටයුතු කරන්න එපා කියලා. මෙය නීතියට ඔබ්බෙන් ගිය ජනතාවගේ ජන ජීවිත බිලිගන්න රටේ අනාගතය, ආර්ථිකය බිලිගන්න ගැටළුවක් බවට පරිවර්ථනය වෙලා තිබෙන නිසා. ඒ වගේම අපි ලබන මාසේ විධිමත් කසළ වලින් බලශක්තිය නිපදවන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන්න බලාපොරොතතුවනවා. ඒවා ඉදිරි මාස 14 ක් ඇතුළත ඵළදායී තත්වයට පත්වීමට නියමිතයි. ඒ වගේම ප්‍රධාන කසළ අංගනයක්, පුත්තලමේ අරුවක්කාලූ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතයි. එහි කටයුතුත් අපි සැප්තැම්බර් මාසේ ආරම්භ කරනවා. ඒ නිසා මේ කිසිම ආකාරයකට විරෝධතා ව්‍යාපාර, ව්‍යාජ දේශපාලන පෙළපාලි ඒ දේශපාලනය නිසා තමයි මේ කොළඹ නගරය අවලස්සන උනේ. කසළ තත්වය බිඳ වැටුනේ. විහාර මහා දේවී උද්‍යාන ලස්සනට ගස්කොලන් වැවිලා තිබුණට මීතොටමුල්ලේ කුණු කඳු ඇති වුණේ. බ්ලූමෙන්ඩල්වල කුණු කඳු ඇති වුණේ. ඒ නිසා මේ තත්වය හමුවේ අපි සියළුදෙනාගේම සහයෝගය බලාපොරොත්තුවෙනවා.

ඒ වගේම ඉදිකාලයේදී අපි කසළ කළමනාකරණය පිළිබඳව නවීකාරක තත්වයක් ඇති කරන්න කටයුතු කරනවා. පළාත් පාලන අමාත්‍යතුමාගේ කාර්යාලයේ මෙහෙයුම් මන්දිරයක් තිබෙනවා. එයට අපි බලාපොරොත්තු වෙනවා මහජන පැමිණිලි විධිමත්ව ලබාගැනීමේ ක්‍රමවේදයක් ඇති කිරීම මෙන්ම කසළ බැහැර කිරීම, ප්‍රවාහනය පිළිබඳව විධිමත් අධික්‍ෂණයක්ද එමගින් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කසළ පිළිබඳව මේ ගැටලූ ගොඩක් පැනනැගී තිබෙන්නේ මේවා හසුරුවන්න, ප්‍රාදේශීය සභා නගර සභා ආදියට සම්පත් මෙන්ම අරමුදල් නැහැ. ඒ වගේම ජනතාවට මෙහි වේදනාවකුත් නැහැ. තමන් කසළ ජනනය කරලා

scroll to top