ඒකාබද්ධ විපක්ෂය කියල කල්ලියක් හදාගත්තේ චෝදනා වලින් බේරෙන්න – ඇමතිනි තලතා අතුකෝරළ

Thalatha2.jpg

ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් කල්ලියක් හදාගත්තේ තමන්ට තියන චෝදනාවලින් බේරෙන්නට බවත් ඉදිරියේදී අනිවාර්යෙන්ම දඩුවම් විඳින්න සිදු වෙන බවත් යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසු මේ රටේ හොරකම, වංචාව, දූෂණය අවසන් වූ බවත් විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ අදහස් දැක්වූයේ පසුගියදා අම්පාර දිස්ති්‍රක්කය ආවරණය කරමින් පැවති ශ්‍රමික සුරැකුම ජංගම සේවය වැඩසටහනට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමිය,—නාමල් රාජපක්ෂ මන්ති්‍රවරයා දැනගන්න ඕනි මේ කාලේ ඇතුළත කොයි වෙලාවේ හරි ඒ දේ කෙරෙනවා කියලා. අපි කිව්වේ නෑ කාටවත් තාජුඩීන් මරන්න කියලා. කාටවත් අයථා විදිහට මුදල් පරිහරණය කරන්න කියලා. අපි කිව්වේ නෑ කොමිස් ගහන්න කියලා. හමුදාවේ නිළධාරීන් දාලා වැලි කොට්ට පුරවලා රජයේ මුදල් වලින් රේස් පදින්න කිව්වේ නෑ. නාමල් රාජපක්ෂ මහත්තයලා දඩයම් කරන්න ඕනි නම් ඕනි තරම් ක්‍රම සහ විධි තියෙනවා. මේක අද හරි ක්‍රමවේදයකට යන්නේ. පරීක්ෂණ පැවැත්වෙනවා. පරීක්ෂණ අවසන් වුනාට පස්සේ නඩු පවරන්න නීතිපති දෙපාර්තමේන්තුවට භාර දෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරලා තියෙනවා.

මමත් අහගෙනයි කෙනෙක් කියනවා මගෙන් සී.අයි.ඩී. එක ප්‍රශ්න කළේ වහලේ ගැන කියලා.මම දන්නේ නැහැ ඒ පවුලේ අයගෙන් මොකද්ද වහලයක් ගැන අහන්න තියෙන්නේ කියලා. ඇතුළට ගිහින් එළියට එනකොට ඕනිම දෙයක් කියන්න පුළුවන්. අද අපිට බය නැතුව කොන්ද කෙලින් තියාගෙන මේ ආණ්ඩුව යහපාලනය ස්ථාපිත කළා. මේ රටේ හොරකම, වංචාව, දූෂණය නතර කළා කියලා මෛති්‍රපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහනයට දායක වුනු සියලූ දෙනාට ආඩම්බර වෙන්න පුළුවන්. ඒ තිබිච්ච හැම එකක් සම්බන්ධයෙන්ම පරීක්ෂණ කෙරෙනකොට රටේ ජනතාව දැනගනියි.
අපි ආඩම්බර වෙන්නේ කරපු පොඩි චෝදනාවකට මේක පැමිණිල්ලක්වත් නැතුව කොමිසමට ඇවිත් කරපු ප්‍රකාශයකට අපේ විදේශ කටයුතු ඇමතිවරයා ඉල්ලා අස්වෙනවා. ඉස්සර අල්ලස් කොමිසමට එන්න කිව්වම නයා කෑවා කියනවා. ඊයේ පෙරේදා ඉදන් රාජපක්ෂ පවුලේ අය ප්‍රශ්න කිරීම්වලට යන්නේ එෆ්.සී.අයි.ඩී එකට කොච්චර කාලෙකට පස්සෙද කියලා රටම දන්නවා. දඩයම් කරන්න අවශ්‍ය නෑ. එයාලා ඒකාබද්ධ විපක්ෂය කියලා කල්ලියක් හදාගෙන රටේ මතයක් හදාගෙන යන්නේ. ඒ අය කටයුතු කරන්නේ ඒ අයට තියෙන චෝදනාවලින් බේරෙන්න. නමුත් ඉදිරියේදී අනිවාර්යෙන්ම දඩුවම් විඳින්න සිද්ධ වෙනවා.

රවි කරුණානායක මහත්තයට සම්බන්ධ වෙන්නේ එතුමාගේ නම සම්බන්ධ කරලා කරපු චෝදනාවක් සම්බන්ධයෙන්. බැඳුම්කරය සම්බන්ධයෙන් නෙවෙයි රවි කරුණානායක මහත්තයා ඉල්ලා අස්වෙන්නේ. බැඳුම්කරය සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙනවා නම් 2008 ඉඳන් අජිත් නිවාඩ් කබ්රාල්, එයාගේ සහෝදරිය, අර්ජුන ඇලෝසියස්ලා, නාමල් බේබිලා, ඔක්කොම එකතතුවෙලා කරපු දේවල් තව මාස දෙකකින් රටම දැනගනියි. බැඳුම්කරය අපි පටන් ගත්ත දෙයක් නෙවෙයි. හැමදාම තිබුණ දෙයක් මහින්ද රාජපක්ෂ මහත්තයගේ කාලේ මේකේ ස්වාධීනත්වය නැතුව ගියා˜යනුවෙන් අමාත්‍යතුමිය වැඩිදුරටත් ස`දහන් කළාය.

scroll to top