එජාපයේ පොදු අපේක්ෂක ශ්‍රීලනිප මහ ලේකම් මෛත්‍රීපාල

නොවැ 21, 2014 (විමසුම) – එජාපයේ පොදු අපේක්ෂකයා ලෙස ශ්‍රීලනිපයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා තෝරා ගත් බව අකිල විරාජ් කාරියවසම් මහතා “විමසුම” සමඟ පැවසීය.

එජාපයේ මැතිවරණ මෙහෙයුම් කමිටුව වන G20 කමිටුව හා මන්ත්‍රී කණ්ඩායම විසින් මෙම තීරණයට එළඹ ඇති අතර අද සවස 4.00 ට පැවැත්වෙන පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී එම තීරණයට අවසන් එකඟතාවය ලැබීමට නියමිතය.

මේ අතර ශ්‍රීලනිප මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා අද සවස විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතයි.

scroll to top