එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට රාජ්‍ය නායකයින්ට ආරාධනා

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 14 වන වෙසක් දින උළෙල මැයි මස 12,13,14 යන දිනවල කොළඹ හා මහනුවර දී පැවැත්වෙන අතර, මෙහි ප්‍රධාන ආරධිතයා වශයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදී මහතා සහභාගීවන අතර, මේ සඳහා සහභාගී වීමට නියමිත කාම්බෝජය, වියට්නාමය, නේපාලය, ලාඕසය සහ මියන්මාර් යන රටවල රාජ්‍ය නායකයින්ට ආරාධනා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විශේෂ පණිවිඩයක් රැගෙන අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ දිනවල මෙම රටවල සංචාරයක යෙදී සිටින බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යංශය පවසයි.

කාම්බෝජය, වියට්නාමය, නේපාලය, ලාඕසය සහ මියන්මාර් යන රටවල රාජ්‍ය නායකයින් සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යවරුන්, විදේශ කටයුතු අමාත්‍යවරුන් හා ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් හමුවී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල සාර්ථක කර ගැනීම සඳහා මෙම රටවල සහයෝගය ලබා ගැනීම සහ ශ්‍රී ලංකාවේ බුදු දහම ජාත්‍යන්තර මට්මින් ව්‍යාප්ත කරවීම සඳහා මෙම රටවල් සමඟ ඉදිරියේදි ද්වීපාර්ශික වශයෙන් වැඩපිළිවෙළක් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම මෙම සංචාරයේ අරමුණ බවද අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යංශය පවසයි.

scroll to top