එක්සත් ජාතික පක්ෂයේ 71 වන සංවත්සරය අයහපත් කාලගුණික තත්වය මත කල් දැමේ…

එක්සත් ජාතික පක්ෂයේ 71 වන සංවත්සරය මෙවර රත්නපුරයේදි පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර තිබුණද හදිසි අයහපත් කාලගුණික තත්වය මත එය කල් දැමීමට සිදු වූ බව අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි. අමාත්‍යතුමිය මේ බව ස`දහන් කළේ අද (2017-09-08) දින මාධ්‍යවේදීන් හමුවේ කළ විශේෂ ප්‍රකාශයකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමිය, —එක්සත් ජාතික පක්ෂයේ 71 වන සංවත්සරය උත්කර්ෂවත් විදියට රත්නපුරයේදී සැප්තැම්බර් 10 වෙනිදා පවත්වන්න සියලූ කටයුතු සූදානම් කරලා තිබුණා. නමුත් අපි බලාපොරොත්තු නොවන විදියට කාලගුණය වෙනසක් සිදු වුනු නිසා පුංචි කල් දැමීමක් සිදු කළා. අපේ පක්ෂයේ ගරු නායකතුමා බලාපොරොත්තු වෙනවා මේ මාසය අවසන් දිනය වන විට රත්නපුරයේදී ඒක පවත්වන්න. ඒ පිළිබ`ද යම්කිසි කෙනෙකුට අපහසුතාවයක් ඇති වුනා නම් ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනවා. සියලූ දෙනාම නැවත දන්වන දිනයේදී රත්නපුරයට ඇවිත් අපේ පක්ෂයේ අභිමානය ආරක්ෂා කරන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ˜ස`දහන් කළාය.

scroll to top