එක්රෝමා සහ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසල එක්වී ‘පිග්මේලියන්’ නාට්‍යය වේදිකාවට රැගෙන එය

The-Cast-of-Pygmalion.jpg

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිත ප්‍රමුඛ පෙළේ දේපළ වෙළඳාම් සමාගමක් වන එක්රෝමා රියල්ටර්ස් (Ekroma Realtors) සමාගම, බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසල (British School of Colombo) හි නිර්මාණයක් ලෙස වේදිකාවට පැමිණි බර්නාඩ් ෂෝ නාට්‍යවේදියාගේ සුප්‍රකට ‘පිග්මේලියන්’ වේදිකා නාට්‍යය සඳහා ප්ලැටිනම් අනුග්‍රාහක දායකත්වය ලබාදීමට ඉදිරිපත් විය. පාසලේ ජ්‍යෙෂ්ඨ අංශය විසින් ඉදිරිපත් කරන ලද මෙම නාට්‍යය මාර්තු 30 දින සිට අප්‍රේල් 01 දින දක්වා එම පාසලේ ශ්‍රවණාගාරයේදී පැවැත්විර්‍ණ.

‘පිග්මේලියන්’ වේදිකා නාට්‍යයෙන් කියැවෙන්නේ තානාපතිවරයෙකුගේ සාදයක් සඳහා ආදිපාදවරියක ලෙස වෙස්ගන්වා යැවීම සඳහා ‘කොක්නි’ හෙවත් පහළ ශ්‍රේණියේ දැරියකට නියම ඉංග්‍රීසි උච්ඡාරණය ඉගැන්විය හැකි බවට ඔට්ටුවක් අල්ලන වික්ටෝරියානු යුගයේ මහාචාර්යවරයෙකු ගැන කතාවකි. දැරියට ඉංග්‍රීසි ඉගැන්වීමේ අවස්ථාවලදී නාට්‍යයේ හාස්‍යය මතුවන අතර එය ව්‍යංගයෙන් එකල සමාජය උපහාසයට ලක්කිරීමක්ද වේ.

මෙම අනුග්‍රහකත්වය පිළිබඳව අදහස් දක්වමින් එක්රෝමා රියල්ටර්ස් සමාගමේ ව්‍යාපාර සහයෝගීතා කළමනාකාරිනී යෝගි ලොකුමාන්න මහත්මිය පැවසුවේ මෙම වැඩසටහන සඳහා බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසල සමග අත්වැල් බැඳගැනීමට ලැබීම ගැන තමන් ඛෙහෙවින් සතුටු වන බවයි. නාට්‍යයේ අධ්‍යක්ෂණය හා රංගනය ඉතාමත් ඉහළ මට්ටමක පැවතුණු බවත්, මුළු නාට්‍ය කණ්ඩායමම විශිෂ්ට ලෙස තම භූමිකාවන් ඉටුකළ බව ඇය පැවසුවා ය.

‘එක්රෝමා සමාගමේ Eelegant 16 ව්‍යාපෘතිය බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසල ඉදිරිපසම පිහිටා තිඛෙනවා. එම නිසා මෙය පාසලේ දරුවන්ගේ දෙමාපියන් අතරට අපගේ සමාගම සහ එහි ව්‍යාපෘති පිළිබඳව තොරතුරු රැගෙන යාමට මහඟු අවස්ථාවක් බව අප කල්පනා කළා. ඒ වගේම උසස් තත්ත්වයේ නිෂ්පාදන හා සේවාවන් ලබාදෙන සමාගම් හා ආයතන සමග සමීප සම්බන්ධතා ගොඩනංවා ගැනීමටත් අප කවදත් උනන්දුයි. බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසල යනු ජාත්‍යන්තර තලයේ අධ්‍යාපනයක් සිසුන්ට ලබාදෙන පාසලක් බව අප විශ්වාස කරනවා.’ ඇය වැඩිදුරටත් කියා සිටියා ය.

මෙරට දේපළ ක්ෂේත්‍රයේ නවතම නිර්මාණය වන Elegant 16 මෙරටට ‘බුටීක් අපාට්මන්ට්’ (Boutique Apartment) සංකල්පය හඳුන්වා දීමටද පුරෝගාමී වී තිබේ. වර්ග අඩි 870 සිට 1,900 දක්වා පමණ පරාසයක විහිදෙන මෙම නිවාස පවුලේ සාමාජිකයන්ට වඩාත් සොඳුරු නිවසක අත්දැකීම තිළිණ කිරීම සඳහා විශාල ප්‍රමාණයේ කාමර සහිත සැලසුම් අනුව සකසා ඇත. අලංකාර නිමාව, උසස්ම වර්ගයේ උපාංග මෙන්ම බැල්කනි සහ ස්වභාවික ආලෝකය මනාව ගලා එන සේ ස්ථානගත කළ ජනෙල් වැනි අංග නිසා මෙහි අගය තවත් වැඩිවී තිබේ. තරුණ විධායක නිලධාරීන්, පවුල් මෙන්ම නගරයේ සුවපහසුව සොයන ඕනෑම කෙනෙකුට Elegant 16 නිවාස ඉතාමත් හොඳ තෝරාගැනීමක් වනු නිසැක ය.

කොළඹ නගරයේ පාසල්, රෝහල්, සුපිරි සාප්පු සංකීර්ණ ඇතුළු සියලූ පහසුකම්වලට සමීපව කොළඹ 5, ඇල්විටිගල මාවතේ Elegant 16 ව්‍යාපෘතිය ඉදි වේ. එම නිසා මෙය නාගරික ජීවන රටාවට සමීපව, එහෙත් කලබලකාරී පරිසරයෙන් දුරස් වී ජීවත් වීමට කැමති කාටත් ඉතාමත් හොඳින් ගැළපෙන නිවාස ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැක. සුවිශේෂී බිම් සැලසුම් වර්ග 6 කට අනුව සැකසූ සුඛෝපභෝගී නිවාස 6 කින් Elegant 16 නිවාස එකතුව සමන්විත වේ. සියලූම කාමර වායුසමීකරණය කර ඇති අතර ඒවා ප්‍රධාන නිදන කාමරයක්, විස්ත්ත කාමරයක් සහ නවීන උපාංග සහිත නාන කාමරයක් ඇතුළු පහසුකම්වලින් සමන්විත ය. එමෙන්ම මෙහි පිහිනුම් තටාකයක්, කාය වර්ධන මධ්‍යස්ථානයක්, විනෝදාස්වාද කටයුතු සඳහා Rooftop කොටසක් සහ BBQ area එකක්, ඇවිදීමේ මංතීරුවක්, දරුවන්ට කෙළිසෙල්ලම්වල යෙදීම සඳහා වෙන්කළ කොටසක් ඇතුළු විශේෂාංග රැසක් ඇතුළත් වී තිබේ.

scroll to top