එක්රෝමා රියල්ටර්ස් සමාගම තවත් සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියක් දියත් කරයි

The-Exterior-@-Elegant-16.jpg

2018 මාර්තු මාසය වනවිට “එක්රෝමා රියල්ටර්ස්” (Ekroma Realtors)- සමාගමේ “එලිගන්ට් 16” (Elegant 16) ව්‍යාපෘතිය කොළඹ නගරයේ සුඛෝපභෝගී මහල් නිවාස අතරට එක්වන නවතම මහල් නිවාස පෙළ බවට පත්වීමට නියමිත ය. සුඛෝපභෝගී Concept Living සංකල්පය පදනම් කරගත් මෙම අතිනවීන මහල් නිවාස සංකීර්ණය කොළඹ 05 ඇල්විටිගල මාවතේ ඉදිවන අතර එය නිදන කාමර දෙකේ හා තුනේ නිවස 16 කින් සමන්විත වනු ඇත.

නවීන සමාජයේ ජීවන විලාසිතාවන් හා අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයේ නිවාස ඉදිකිරීමේ අරමුණ මූලික කරගත් එක්රෝමා රියල්ටර්ස් සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත දේපළ හා ඉදිකිරීම් සමාගමකි. සියලූ පහසුකම් සහිත, එහෙත් නගරයේ කලබලකාරී බවින් මිදී පිහිටි ස්ථානවල සිතේ සැහැල්ලූවෙන් යුතුව ජීවත් වීමේ අවස්ථාව සිය පාරිභෝගිකයන්ට සලසා දීමට එම සමාගම සෑම විටම උත්සහ කරයි. සමාගමේ ව්‍යාපෘති මෙරට තුළ මෙතරම් ජනප්‍රිය වීමට මෙම සාධකය ඛෙහෙවින් හේතු වී තිබේ.

Elegant 16 සමග දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතාව වන ‘Boutique Apartments’ සංකල්පය මෙරටට හඳුන්වා දීම එක්රෝමා රියල්ටර්ස් සමාගමේ අපේක්ෂාව වේ. “බුටීක්” යන්නෙන් සාමාන්‍යයෙන් සුවිශේෂී පාරිභෝගික කණ්ඩායමකට සේවා සලසන ව්‍යාපාරයක් අදහස් වන අතර ඊට සමගාමීව “බුටීක් අපාට්මන්ට්” යන්නෙන් සාපේක්ෂව කුඩා එහෙත් සුඛෝපභෝගී නිවාස අදහස් වේ. බුටීක් වර්ගයේ හෝටල් ශ්‍රී ලංකාවට හුරුපුරුදු වන නමුත් “බුටීක් නිවාස” තවමත් මෙරටට ආගන්තුක ය. වර්ග අඩි 900 සිට 1,900 දක්වා පමණ පරාසයක විහිදෙන මේවා පවුලේ සාමාජිකයන්ට වඩාත් සොඳුරු නිවසක අත්දැකීම තිළිණ කිරීම සඳහා විශාල ප්‍රමාණයේ කාමර සහිත සැලසුම් අනුව සකසා තිබේ. අලංකාර නිමාව, උසස්ම වර්ගයේ උපාංග මෙන්ම බැල්කනි සහ ස්වභාවික ආලෝකය මනාව ගලා එන සේ ස්ථානගත කළ ජනෙල් වැනි අංග නිසා මෙහි අගය තවත් වැඩිවී ඇත. තරුණ විධායක නිලධාරීන්, පවුල් මෙන්ම නගරයේ සුවපහසුව සොයන ඕනෑම කෙනෙකුට Elegant 16 නිවාස ඉතාමත් හොඳ තෝරාගැනීමක් වනු නිසැක ය.

කොළඹ නගරයේ පාසල්, රෝහල්, සුපිරි සාප්පු සංකීර්ණ ඇතුළු සියලූ පහසුකම්වලට සමීපව කොළඹ 5, ඇල්විටිගල මාවතේ Elegant 16 ව්‍යාපෘතිය ඉදි වේ. එම නිසා මෙය නාගරික ජීවන රටාවට සමීපව, එහෙත් කලබලකාරී පරිසරයෙන් දුරස් වී ජීවත් වීමට කැමති කාටත් ඉතාමත් හොඳින් ගැළපෙන නිවාස ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැක.

සුවිශේෂී බිම් සැලසුම් වර්ග 6 කට අනුව සැකසූ සුඛෝපභෝගී නිවාස 6 කින් ෑකැට්බඑ 16 නිවාස එකතුව සමන්විත වේ. සියලූම කාමර වායුසමීකරණය කර ඇති අතර ඒවා ප්‍රධාන නිදන කාමරයක්, විස්ත්ත කාමරයක් සහ නවීන උපාංග සහිත නාන කාමරයක් ඇතුළු පහසුකම්වලින් සමන්විත ය. එමෙන්ම මෙහි පිහිනුම් තටාකයක්, කාය වර්ධන මධ්‍යස්ථානයක්, විනෝදාස්වාද කටයුතු සඳහා Rooftop කොටසක් සහ BBQ area එකක්, ඇවිදීමේ මංතීරුවක්, දරුවන්ට කෙළිසෙල්ලම්වල යෙදීම සඳහා වෙන්කළ කොටසක් ඇතුළු විශේෂාංග රැසක් ඇතුළත් වී තිබේ. සියලූ පහසුකම් සහිතව, නගරයට ආසන්නයෙන්, උසස් ප්‍රමිතියෙන් යුක්තව, පරිසර හිතකාමී ලෙස සහ ආරක්ෂාවද සහිතව ඉදිවන Elegant 16 මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩඉමක් බවට පත්වනු නොඅනුමාන ය.

වැඩි විස්තර සඳහා 0777 917123, 0777 955431 හෝ 0772 444422 අංක අමතන්න. නැතිනම් www.ekromarealtors.com වෙබ් අඩවියට පිවිසෙන්න.

scroll to top