ඊශ්‍රායල රාජ්‍යයේ කෘෂිකාර්මික අංශයේ රැකියා අවස්ථා හිමි 22 කුට ගුවන් ටිකට්පත් ප්‍රදානය කෙරේ….

Thalatha-13.jpg

ඊශ්‍රායල රාජ්‍යයේ කෘෂිකාර්මික අංශයේ රැකියා අවස්ථා හිමි ශ්‍රමිකයින් 22 කුට ගුවන් ටිකට්පත් ප්‍රදානය 2017-09-25 වන දින විදේශ රැකියා අමාත්‍යංශයේදී අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අතින් සිදු වුනි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමිය සඳහන් කළේ, ඊශ්‍රායල් රැකියා සඳහා යන ශ්‍රමිකයින් සිය කාල සීමාව ඉක්මවා නීතිවිරෝධී අයුරින් එරට රැඳී සිටීම හේතුවෙන් ඊශ්‍රායෙල් රැකියා අවස්ථා අහිමිවීමේ අවදානමක් ඇතිවී තිඛෙන බවයි. එරටට පිටත්ව යන ශ්‍රමිකයින් සිය කාල සීමාව ඉක්මවූ පසු නැවත දිවයිනට පැමිණීමට වගබලා ගතයුතු බවත් එසේ රැඳී සිටීමට කටයුතු කිරීම හරහා අප රටට අගෞරවයක් සිදුවන බැවින් සියළු ශ්‍රමිකයින් තම මව්රටේ ගෞරවය ආරක්ෂා කිරීම තම යුතුකමක් ලෙස කටයුතු කිරීමට වග බලා ගතයුතු බවයි.

නව රජය ඊශ්‍රායලය සමග ඇති කරගත් සහයෝගිතාවය මත මේ වන විට ගතවූ වර්ෂ දෙක තුළ ශ්‍රමිකයින් 763 දෙනෙකු ඊශ්‍රායෙල් කෘෂිකාර්මික රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

මෙම අවස්ථාවට විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සාමාන්‍යාධිකාරී තරංග හෙට්ටිආරච්චි මහතා ඇතුලූ පිරිසක් එක්වී සිටියහ.

scroll to top