ඉන්වෝක් සහ ගේට්වේ හෝම්ස් වෙතින් Avenue 9

Gateway-Homes.jpg

වර්තමානයේ නිවාස සොයන කාගේත් පාහේ උනන්දුව යොමුවී ඇත්තේ නාගරික පහසුකම්වලට ආසන්න, එහෙත් නගරයේ කලබලවලින් තොර ස්ථානයක පිහිටි නිවාස හෝ දේපළ වෙත ය. ඉන්වෝක් සහ ගේට්වේ හෝම්ස් හඳුන්වා දෙන Avenue 9 යනු එබඳු නිවාස එකතුවකි. ගල්කිස්සේ zමවුන්ට් ඇවනියුZ හි අංක 3 දරන ස්ථානයේ, සුප්‍රකට ගල්කිස්ස හෝටලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය ඇතුළු තවත් කැපීපෙනෙන ස්ථාන සහ පහසුකම් රැසකට නුදුරින් මෙය පිහිටා ඇත.

ගේට්වේ හෝම්ස් (පුද්.) සමාගමේ [Gateway Homes (Pvt) Ltd.] නවතම ව්‍යාපෘතිය වන Avenue 9 නිදන කාමර 3 බැගින් යුත් නිවාස 8 කින් සහ Penthouse වර්ගයේ අධි සුඛෝපභෝගී නිවාසයකින් සමන්විත වේ. අතීත ප්‍රෞඪත්වය සහ නවීන පහසුකම් මනාව මුසුකරමින් ඉදිකෙරෙන මෙම නිවාස ව්‍යාපෘතිය පවතින ඉඩකඩින් ඉතාමත් කාර්යක්ෂම ලෙස ප්‍රයෝජන ගන්නා ආකාරයෙන් නිමකෙරේ. මෙම නිවාසවල පොළොව වර්ග අඩි 1,350 (සඳලූතලයද සමග) කින් සමන්විත වන අතර සියලූම නිවාස ආලින්දයක්, කෑම කාමරයක්, පැන්ටි්‍රයක්, නිදන කාමර 3 ක්, නාන කාමර දෙකක් සහ වෙනම නේවාසික කොටසක් යන අංගවලින් සමන්විත වී ඇත. මෙම සෑම නිවසකටම කේබල් ටීවී පහසුකම් ඇතුළුව නවීන ගෘහ විදුලි උපාංග ආදිය සවිකෙරේ. නිවාස සංකීරණය සඳහා පැය 24 පුරා ආරක්ෂාව සැපයෙන අතර ගිනි ආරක්ෂණ පද්ධතියක්, අකුණු සන්නායකයක් සහ සූර්ය බලශක්ති පද්ධතියක්ද යොදා ඇත. සෑම නිවසක් සඳහාම වාහන නැවැත්වීමේ ස්ථාන වෙන්කර ඇති අතර සාගරය දෙස නෙත් යොමා විනෝද වීමට හෝ හිතමිතුරන් හමුවීමට වෙනම ස්ථානයක් ගොඩනැගිල්ල මුදුනේ වෙන්කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය ඉහළම මට්ටමේ පවතින ගල්කිස්ස ප්‍රදේශයේ ඉදිවන Avenue 9 නිවාස කෙනෙකුට අගනා අනාගත ආයෝජනයක් ලෙසද හැඳින්විය හැක. මනරම් වෙරළ තීරයකින් මෙන්ම සංචාරකයන් සඳහා විශේෂ පහසුකම් රැසකින් සමන්විත මෙම ප්‍රදේශය දැනටමත් සංචාරකයන්ගේ පාරාදීසයකි. එම නිසා අනාගතයේදී මෙම ප්‍රදේශයේ නිවාස හා දේපළ සඳහා ඇති ඉල්ලූම තවතවත් ඉහළ යනු ඇත.

වර්තමානය වනවිට මෙරට දේපළ හා ඉඩකඩම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් බවට විකාශනය වීමට ගේට්වේ හෝම්ස් (පුද්.) සමාගම සමත් වී ඇත. 2014 වසරේදී ආරම්භ වූ එම සමාගම වර්තමානය වනවිට දෙහිවල, ගල්කිස්ස හා රත්මලාන වැනි ප්‍රදේශවල නිවාස ඒකක 40 කට වැඩි සංඛ්‍යාවක් අලෙවි කර තිබේ. උසස් ප්‍රමිතිය හා නවීන පහසුකම්වලට මුල්තැන දෙමින් නවීන සැලසුම්වලට අනුව හා සුඛෝපභෝගී ලෙස ඉදිකර ඇති මෙම නිවාස පාරිභෝගිකයන්ගේ දැඩි ප්‍රසාදයට හා ප්‍රශංසාවට ලක්වී ඇත.

Avenue 9 ව්‍යාපෘතිය සඳහා විකුණුම් හා අලෙවි සේවාවන් පිරිනමනු ලබන්නේ ඉන්වෝක් (පුද්.) සමාගම [Invoke (Pvt) Ltd.] විසිනි. දේපළ සංවර්ධන, සැලසුම් සහ අලෙවිකරණය සම්බන්ධ පරිපූර්ණ විසඳුම් ලබාදෙන එම සමාගම ශක්‍යතා අධ්‍යයන, සංකල්ප නිර්මාණය, විකුණුම් හා අලෙවි සේවා ඇතුළුව ව්‍යාපෘතියක සියලූම අදියර සඳහා අවශ්‍ය වන සේවාවන් පිරිනමයි. ව්‍යාපෘතිය සඳහා ස්ථානයක් තෝරාගැනීමේදී මෙන්ම ආරම්භක අදියරේ පටන්ම සැලසුම් ශිල්පීන් සමග සමීපව කටයුතු කරමින් ව්‍යාපෘතියේ ප්‍රමිතිය, මිල නියම කිරීම හා අලෙවි ක්‍රමෝපායන් වැනි සියලූම කටයුතු සඳහා සිය දායකත්වය ලබාදීමට එම සමාගම කටයුතු කිරීම විශේෂත්වයකි.

scroll to top