ඉන්වෝක් සමාගම පරිපූර්ණ සේවාවන් සමගින් දේපළ ක්ෂේත්‍රයේ පෙරළියක් ඇතිකරයි

දැනුම, පළපුරුද්ද, නව්‍යකරණය හා කැපවීම වැනි ගුණාංග රාශියක් මත පදනම් වී දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට පුරෝගාමී හා පරිපූර්ණ විසඳුම් රාශියක් හඳුන්වා දෙමින් එම ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කිරීමට ඉන්වෝක් (පුද්.) සමාගම [Invoke (Pvt) Ltd.] මේ වනවිට සමත් වී සිටී.
ඉන්වෝක් හි ප්‍රධානතම ලක්ෂණය වන්නේ අවදානම් අවම කරගනිමින් උපරිම සාර්ථකත්වය ළඟා කරගැනීම සඳහා දේපළ හා ඉදිකිරීම් සමාගම්වලට මගපෙන්වීමයි. මේ සඳහා ව්‍යාපෘතියක ආරම්භක අදියරවල සිටම අදාළ සමාගම සමග සමීපව කටයුතු කරන ඉන්වෝක් කණ්ඩායම අදාළ ව්‍යාපෘතියේ ස්වභාවය, මිලගණන්, අලෙවිකරණ ක්‍රමවේද ආදී සියල්ල ඊට අදාළ පාරිභෝගික කාණ්ඩවලට ගැළපෙන බව තහවුරු කරගනී. ශක්‍යතා අධ්‍යයනයේ හා සංකල්ප නිර්මාණයේ සිට අලෙවිකරණය දක්වා පරිපූර්ණ විසඳුම් සපයන ඉන්වෝක් හි දායකත්වය හිමිවූ ව්‍යාපෘති රටේ ඛෙහෙවින් කැපීපෙනෙන දේපළ ව්‍යාපෘති බවට පත්වී ඇත.

ක්ෂේත්‍රයේ සෙසු සමාගම් අතර තම සුවිශේෂත්වය පිළිබඳව අදහස් දක්වමින් සමාගම පවසන්නේ ව්‍යාපෘතියකදී තම මූලිකම අවධානය යොමුවන්නේ නව්‍යකරණය කෙරෙහි බවයි. “අද වනවිට වෙළඳපොළේ සාමාන්‍ය පහසුකම් ඇති මහල් නිවාස පවා අධික මිලගණන්වලට මිල නියම කර තිඛෙනු දකින්නට පුළුවන්. එසේ කිරීමෙන් වැළකී මේ ගැටලූව වාසි සහගත ලෙස භාවිතා කිරීමේ හැකියාව අපට තිඛෙනවා. ගෘහ නිර්මාණ ශිල්පීන් සමග එක්වී අප උත්සාහ කරන්නේ පාරිභෝගිකයන්ට ගෙවන මිලට වැඩි වටිනාකම් ලබාදීමටයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අපගේ මහල් නිවාස අලෙවි කිරීම පහසු වෙනවා වගේම සමාගම ජනප්‍රිය වන නිසා ඉදිරි ව්‍යාපෘති සඳහාත් එය ඛෙහෙවින් වාසිදායක තත්ත්වයක් බවට පත්වෙනවා.” සමාගමේ නියෝජිතයෙකු වැඩිදුරටත් පැවසී ය.

වෙළඳපොළේ ඇති ඉල්ලූම අනුව භූමි සැලසුම්, නිවාස සැලසුම් හා පහසුකම් යෝජනා කිරීමට අමතර ත්‍රිමාණ සැලසුම් හා ඡායාරූප සැකසීම, විස්තර පොත් නිර්මාණය, වෙබ් අඩවි නිර්මාණය හා දැන්වීම්කරණය වැනි සේවාවන් රැසක් ලබාදීමට ඉන්වෝක් සමාගම කටයුතු කරයි. මේ ආකාරයට දේපළ ක්ෂේත්‍රය තුළ අසීමිත සේවා පරාසයක් ආවරණය කිරීමට සමාගම සමත් වී ඇත.

පාරිභෝගික උනන්දුව වැඩිකිරීම සහ අලෙවිය ඉහළ නංවාගැනීම සඳහා ව්‍යාපෘතියේ සෑම අදියරකදීම නිර්මාණශීලී විසඳුම් සැපයීමට සමාගම කටයුතු කරයි. දේපළ සංවර්ධන සමාගමේ දැක්ම හා මෙහෙවර, ප්‍රමිතිය, හැකියාවන්, හවුල්කරුවන්, අනන්‍යතාව හා කීර්තිය වැනි සියලූ අංග මනාව ජනතාවට සන්නිවේදනය කිරීම ඔස්සේ ගැනුම්කරුවන් හා ආයෝජකයන් තුළ විශ්වාසය තහවුරු කිරීම එහි මූලික ඉලක්කය වේ.

ව්‍යාපෘතියක් එහි අවසාන අදායර කරා ළඟා වනවිට එම ව්‍යාපෘතියේ අලෙවි කටයුතු සඳහා ඉතාමත් විධිමත් පදනමක් නිර්මාණය කිරීමට සමාගම පියවර ගනී. ගැනුම්කරුවන් ව්‍යාපෘතිය පිළිබඳව කරන විමසීම්වල සිට විකුණුම් කටයුතු සම්පූර්ණ වීම දක්වා සියලූ කටයුතු මෙම පදනම ඔස්සේ ඉතාමත් කාර්යක්ෂම ආකාරයට සිදුවේ.

එමෙන්ම සියලූ පහසුකම් සහිත විකුණුම් කාර්යාලයක් ස්ථාපිත කර, මනා පුහුණුව ලත් කණ්ඩායමක් සේවයේ යොදවා, ගැනුම්කරුවන්ගේ විමසුම් ඔස්සේ අලෙවිය වැඩිකර ගැනීම සඳහා ඉන්වෝක් සමාගම මගපෙන්වීම් ලබා දෙයි. එමෙන්ම ගැනුම්කරුවන්ගේ විමසීම් පිළිබඳව වාර්තා පවත්වාගැනීමටද සමාගම කටයුතු කරන අතර එය ඉදිරි ව්‍යාපෘති සඳහා ඛෙහෙවින් ප්‍රයෝජනවත් වේ. ඊට අමතරව පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය විශිෂ්ට ප්‍රමිතියකින් යුතුව පවත්වා ගැනීම සඳහා සමාගම සිය සේවාදායකයන් වෙනුවෙන් නෛතික සම්බන්ධීකරණ සේවාවන් ලබාදීම තවත් විශේෂත්වයකි.
සිය සේවාදායකයාගේ ව්‍යාපෘතිය රටේ දේපළ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන, නවීන පහසුකම්වලින් අනූන, පුරෝගාමී ව්‍යාපෘතියක් වන බවට තහුවුරු කරගැනීම තම මූලික වගකීමක් ලෙස ඉන්වෝක් සමාගම සලකයි.

සිය නවතම ව්‍යාපෘතිය වන Elegant 16 සමග ශ්‍රී ලංකාවට ‘බුටීක් ලිවින්’ (Boutique Living) – සංකල්පය හඳුන්වා දීමටද ඉන්වෝක් කටයුතු කළේ ය. එමෙන්ම Signature 12 සහ Avenue 9 වැනි ව්‍යාපෘති සමග පුරෝගාමී අංග කිහිපයක්ම මෙරටට හඳුන්වා දීමට සමාගම සමත් විය. සෑම නිවාසයකටම සූර්ය බලශක්තිය සැපයීම, සෑම රථවාහන නැවතුම් ස්ථානයකම විදුලි මෝටර් රථ ආරෝපණය කිරීමේ ස්ථානයක් යෙදීම, නිවාස සඳහා පරිපූර්ණ German-made Hacker පැන්ටි්‍ර සවිකිරීම ආදිය මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නා අතර මේ සියල්ල නිසා මෙම නිවාස අලෙවි කිරීම වඩාත් පහසු වී තිබේ.

කලින් කලට මේ ආකාරයෙන් ක්ෂේත්‍රයට පෙරළිකාරී හඳුන්වා දීම් සිදුකරමින් තමන්ගේ මෙන්ම තම සේවාදායකයන්ගේ කීර්ති නාමය රට පුරා ව්‍යාප්ත කිරීමට ඉන්වෝක් (පුද්.) සමාගමට හැකියාව ලැබී ඇත.

scroll to top