ඉන්දියාව ත්‍රිකුණාමලයට බැල්ම හෙලන්නේ ඇයි?

Udaya.jpg

2017 ජූනි 19 දින පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්

ඉන්දියාවේ මුහුදු ප්‍රවාහනය මුහුණ දී තිබෙන ලොකුම අභියෝගය තමයි ඉන්දියාව වටා නැව් ගමන් කිරීමට නොහැකි වීම. හනුමා පාලම පැවතීමත් පෝක් සමුද්‍ර සන්ධිය නොගැඹුරු වීමත් ඊට බල පා තිබෙනවා. ඒ නිසා ඉන්දියාවේ නැගෙනහිර වෙරලේ ඇති කල්කටා වැනි වරායන් සහ බටහිර වෙරළේ ඇති මුම්බායි වැනි වරායන් අතර නැව් ගමනාගමනය සිදු වන්නේ ලංකාව වටේ ගිහින්. 1997 දී ඉන්දියාව හනුමා පාලම බිඳ හෙලා පෝක් සමුද්‍ර සන්ධිය හාරා ඉන්දියාව වටා නැව් ගමනාගමනයට අවශ්‍ය පසුබිම හදන්න සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය හරහා උත්සාහ කළා.

හනුමා පාලම බිඳිනවාට හින්දු ජනතාවගෙන් ලොකු විරෝධයක් ආවා. රාම දෙවියන්ගේ නියමයෙන් හනුමා දෙවියන් හදපු පාලම විනාශ කළොත් දේව කෝපයක් සිදු වේවි කියලා හින්දු ජනතාව කිව්වා. ඒ කීම අහන්නේ නැතුව ඒ වගේම පරිසරවේදින්ගේ විරෝධයට ඇහුම් කන් නොදී හනුමා පාලම බිඳීමේ කොන්ත්‍රාත්තුව කොරියානු සමාගමකට දුන්නා. නමුත් හනුමා පාලම කඩනවා වෙනුවට ඊට යොදා ගත් නැව කැඩී ගියා. ඒ අවස්ථාවේ හින්දුන් කිව්වා. ඕක තමයි අපි කිව්වේ. දෙවියොත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා. ඔය වැඩේ වහාම නතර කරන්න කියලා. වසර 2000 දී සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය අත්හැරලා දැම්මා.

දැන් ලංකාව වටා තමයි ඉන්දියාවෙ නැව් ටික යන්නේ. දැන් ඉන්දියාවේ නැගෙනහිර වරායන්ගෙන් ගෙනෙන බහාලුම් නැතිනම් තේරෙන සිංහලෙන් කිව්වොත් කන්ටේනර් කොළඹ වරායට ගෙනැවිත් එතැනින් තමයි බටහිර වෙරළේ ඇති වරායන් අතර බෙදා හරින්නේ. අපි මේකට කියනවා ප්‍රතිඅපනයන නැතිනම් transshipments කියලා. කොළඹ වරායේ ලංකාවට එන බහාලුම් එන්නේ 25%යි. ප්‍රතිඅපනයනයට තමයි බහාලුම් 75%ක් එන්නේ. එයින් 2/3ක් නැතිනම් මුළු බහාලුම් වලින් 50%ක්ම එන්නේ ඉන්දියාවෙන්. ඉතිරිය වෙනත් රටවලින්. මේ හරහා කොළඹ වරාය විශාල ආදායමක් ලබනවා. ඉන්දියාවේ ආර්ථික වර්ධනයත් එක්ක මේ වෙළඳාම ඉදිරි වසර දහය තුල තුන් ගුණයකින් ඉහළ යාවි කියා බලාපොරොත්තු වෙනවා.

කොළඹ වරායේ සිදු වන මේ දැවැන්ත වෙළඳාම තමන්ගේ කර ගැනීමට තමයි ඉන්දියාව ත්‍රිකුණාමලය වරාය ඉල්ලන්නේ. එතකොට ප්‍රතිඅපනයනයන වෙලදාමෙන් ලංකාවට ලැබෙන ආදායම වෙනුවට ඉන්දියාවට පුළුවන් තමන්ගේ ප්‍රතිඅපනයනයන වියදම තමන්ගේම ආදායමක් බවට පත්කරගන්න. මෙන්න මේක තමයි ඉන්දියාව ත්‍රිකුණාමල වරයාය ඉල්ලන්න ප්‍රධානතම හේතුව. ඒ වගේම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි හරහා ශ්‍රී ලංකාව වටේ යන ඉන්දීය නැව්වලටත් සේද මාර්ගයේ යන නැව් වලට තෙල් සැපයීමේ ඒකාධිකාරයක් ගොඩ නගා ගැනීමේ අරමුණක් ඉන්දියාවට තිබෙනවා.

චීනය විසින් තායිලන්තයේ ක්‍රා ඇළ කැපීමෙන් පස්සේ ආසියාවේ වැදගත්ම වරාය බවට පත් වන ධන ආකාරයක් වන හම්බන්තොට වරාය චීනයට ලබා දීමේ හානිය මීට කලින් අපි පෙන්නුවා. දැන් ත්‍රිකුණාමලය වරාය විකුණලා දැවැන්ත ප්‍රතිඅපනයන ආදායම අහිමි කර ගන්නයි යන්නේ. මේ විකිණීම් කරන්නේ ණය අර්බූදයක් නිසා බවට කියන්නේ පට්ටපල් බොරුවක්. ණය ගෙවා ගන්න බැරි නිසා විකුණනවා නම් ලැබෙන මුදලින් ණය ගෙවන්න ඕනෑ. හම්බන්තොට වරාය චීනයට දීමෙන් අපට ලැබෙන මුදලින් ණය කපා හරින්නේ නෑ. වරාය විකිණීමෙන් ලැබෙන එක ඩොලරයක් එක ශතයක් ණය ගෙවීමට පාවිච්චි කර්නනේ නෑ. අද මේ ආණ්ඩුවේ නායකයින්ට කෝටි ගණන් වටිනා සැප වාහන ගන්න ලෝකය පුරා සවාරි යන්න රටේ සම්පත් නොරටුන්ට විකුණනවා. ණය ගන්නවා. මේක හරියට ලංසි වත්තේ නැන්සි ෆැන්සි ඇඳුම් ගන්න කිරි හරකා විකුණවා වගේ වැඩක්.

සිංහලයාට පහර ගැසීම එන්ජිඕ මෝස්තරයක්

බුදුන් වහන්සේ වෙනුවෙන් කාල් මාක්ස් සරණ ගිය වකමුල්ලේ උදිත හිමිගේ කතාවක් ඊයේ මාධ්‍ය හරහා විකාශනය වුණා. “මුස්ලිම් මිනිස්සු කපලා කපලා මුහුදට දාන්න ද කියන්නේ. දෙමළ මිනිස්සු කපලා කපලා මුහුදට දාන්න ද කියන්නේ. සිංහල මිනිහා විතර ද මේ රටේ සුද්ද මිනිහා. එහෙම වර්ග කරන්න බෑ අපේ හාමුදුරුවනේ“ යනුවෙන් උන් වහන්සේ ප්‍රකාශ කරනවා. දැන් මුස්ලිම් මිනිහා කපලා කපලා මුහුදට දාන්න කියන්නේ කවුද? එක සිංහලයෙකු එහෙම කියලා තිබෙනවා ද? අඩුම ගණනේ මුස්ලිම් දෙමළ මිනිසුන්ට මේ රටෙන් යන්න කියලා කිසිම සිංහලයෙකු කියා තිබෙනවා ද? අන්තම අන්ත සිංහල අන්තවාදියා විදියට හංවඩු ගහලා තිබෙන ඥාණසාර හාමුදුරුවෝ වත් එහෙම කියා තිබෙනවා ද? නෑ. 1981 කොළඹ නගරයේ 51% නැත්නම් බහුතරය සිංහල ජනතාවයි. අද ඒක 28% බැහැල තියෙනව උතුරෙන් ආපු දෙමළ සහ මුස්ලිම් සංක්‍රමණ නිසා. දැන් යුද්ධය නිම වෙලා වසර 9ක් ගියා. යුද්ධය ඉවරයි කොළඹ අපට දීල හටිය තැන්වලට පලයල්ල කියල එක සිංහලයෙක් කියල තියෙනවද? එහෙම නම් කාට ද මේ හාමුදුරුවෝ උත්තර දෙන්නේ? නැති ප්‍රශ්නයක් නේද මේ හදන්නේ? එහෙම නම් නැති ජාතිවාදි ප්‍රශ්නයක් ඇති කිරීම පිිලබඳ ඥාණසාර හිමියන්ට කලින් උදිත හිමියන් අත්අඩංගුවට ගන්න ඕනෑ නේද ?

උන් වහන්සේ යම් ගෙවීමකට මේ ප්‍රකාශය කළා ද කියා මම දන්නේ නෑ. නමුත් දෙමළ බෙදුම්වාදින්ගෙන් හොඳ මිළක් ලබා ගන්න පුළුවන් ප්‍රකාශයක්. දෙමළ බෙදුම්වාදින්ට මේ ප්‍රකාශය ජාත්‍යන්තරයට පෙන්වන්න පුළුවන්. හාමුදුරුවරුම ප්‍රශ්න කරනවා දෙමළ මිනිස්සු කපලා කපලා මුහුදට දාන්න ද කියන්නේ කියලා. ඕක නිසා තමයි අපිට එකට ඉන්න බෑ වෙනම රටක් ඕනෑ කියන්නේ කියා ප්‍රකාශ කරන්න පුළුවන්.

සිංහල බහුතරය සහනශීලි ප්‍රතිපත්තිය නිසා හැමෝම ටොකු අනින්නේ සිංහලයාට. ඔය ඥාණසාර හිමිට බැන වදින එන්ජිඕ රැලේ එක්කෙනෙකු විග්නේශ්වරන්ගේ ශිවාජිලිංගම්ගේ අසාද් සාලිගේ අන්තවාදි ප්‍රකාශ පිලිබඳ විවේචනය කර තිබෙනවා ද? මේ අය තමයි සැබෑම ජාතිවාදීන්. ඔවුන්ට එක්පාර්ෂවයක වැරදි වාතරක් පේනවනම් අනික් පාර්ෂවය කෙතරම් වැරදි කළත් පේන් නැත්නම් ඔවුන් ජාතිවාදී කෝනයකින් තමයි සමාජය දෙස බලන්නේ. මේ රටේ ඩොලර්වලින් යැපෙන එන්ජීයෝ නඩය තරම් ජාතිවාදී අන්තවාදී පිරිසක් තවත් නැහැ. අපි විග්නේශ්වරන්ට විරුද්ධව පැමිණිලි කළා. අද වෙනතුරු නීතිය ක්‍රියාත්මක වී තිබෙනවා ද? නෑ. සිවාජිලිංගම්ය අසාද්සාලිට විරුද්ධව විවිධ සන්විධාන පැමිණිලිකලා. ඒ වගේම පැමිණිලි කරන්න දෙයකුත් නෑ මාධ්‍ය හරහා අන්තවාදී ප්‍රකාශ කරනවා හැමෝම දකිනවා. ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවද? නැහැ. සිංහලයට විරුද්ධව විතරයි සියල්ල සිදු වෙන්නේ.

ඥානසාර හිමියන්ගේ භාෂාව පැත්තකින් තියමු. නැගෙනහිර පුරාවස්තු විනාශයක් වෙනවද නැද්ද? දෙවනගල කූරගල කියන ඓතිහාසික බෞද්ධ සිද්ධස්තාන අන්‍යාගමිකයන් විසින් අත්පත්කරගෙනද නැද්ද? මේව මහ පොළවේ සිදුවෙන තිත්ත ඇත්ත. මේවා ප්‍රකාශ කිරීම නෙවෙයි ජාතිවාදය. එම බෞද්ධ පුරාවස්තු විනාෂ කරන පිරිසයි ජාතිවාදය අවුස්සන අන්තවාදය වපුරන අය විදිහට අත්අඩංගුවට ගත යුත්තේ.

හැමෝම සිංහලයාට ටොකු අනින්න හේතුවක් තිබෙනවා. මේ රටේ සිංහල කියා ඡන්ද බැංකුවක් නෑ. මේ රටේ දෙමළ මිනිස්සු ඉන්නවා. මුස්ලිම් මිනිස්සු ඉන්නවා. ඊට පස්සේ ඉන්නේ යූඑන්පි කාරයෝ ශ්‍රී ලංකා කාරයෝ ජේවීපි කාරයෝ මිසක් සිංහලයින් නොවේ. අන්න එ් නිසයි පදනම් විරහිතව හැමෝගෙන්ම නින්දා පරිභව විදින තත්වයට විවේචනයට ලක්වෙන තත්වයට සිංහල ජනතාව පත්ව සිටින්නේ.

ඒම අවස්ථාවේ මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු සැපයූ උදය ගම්මන්පිල මහතා

ප්‍රශ්නය – පසුගිය දා බොදුබලසේනා සංවිධානය චෝදනා කළා ඥානසාර හාමුදුරුවො ප්‍රචණ්ඩත්වයට යොමුකළා නම් උන්වහන්සේට යම් යම් කොන්ත්‍රාතු බාරදුන්නනම් එ් බාරදුන්නේ චම්පිකලා ඔවුන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් කියලා. ඔබතුමත් ජාතික හෙළ උරුමයේ සිටි කෙනෙක් වදිහට එම ප්‍රකාශය ගැන මොකද කියන්නේ?

පිළිතුර – ජාතික හෙළ උරුමය සහ බොදු බල සේනා සංවිධානය අතර සමීප සම්බන්ධයක් තිබුණු බව රහසක් නෙවෙයි. ජාතික හෙළ උරුමය සහ බොදු බල සේනා සංවීදානය මහරග එක්ව රැස්වීම් පවා කළා. ඥානසාර හිමියන් සිහල උරුමයේත් හිටියා. ඒ වගේම ජාතික හෙළ උරුමයේ හිටපු නියෝජ්‍ය ජාතික සංවිධායක. උන්වහන්සේ 2004 කොළඹින් මැතිවරණයට ඉදිරිපත්වුනා. බොදු බල සේනාව ඒකාබද්ධව දේශපාලන රැස්වීමක් පවත්වා තිබෙන්නේ ජාතික හෙළ උරුමය සමග පමණයි. ඒ වගේම බොදු බල සේනාව පවත්වපු දැවැන්තම සංඝ සම්මේලනයට රණවක ඇමතිතුමන් ආරාධිතයෙක් ලෙස සම්බන්ධ වුනා. එහෙම සම්බන්ධ වූ එකම දේශපාලකයා එතුමයි මට මතක විදිහට.

උන් වහන්සේ බොදු බල සේනාව ආරම්භ කලාට පස්සෙත්, බේරුවල රැස්වීම මෙහෙයවන්නේ අද ජාතික හෙළ උරුමයේ සම සභාපතීත්වය දරන හැඩිගල්ලේ විමසාර හමියන්.බොදුබල සේනාවේ මාධ්‍ය හමුවල වීඩියෝ පට නැරඹුවොත් ඔබට පෙනේවී ඥානසාර හිමියන් කතා පවත්වන අතරේ ඥානසාර හිමි ලගට වරින් වර පැමින කනට කෙදිරීමේ වගකීම දැරුවෙත් අද ජාතික හෙළ උරුමයේ සම සභාපතීත්වය දරන හැඩිගල්ලේ විමසාර හිමියන්.

විවිධ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට උපදෙස් දුන්නාද නැද්ද කියන එක මම අද කතා කරන්නේ නෑ. ඒ වෙනුවට මම චම්පික රණවක ඇමතිතුමන්ට කියනවා බොරුවට බොදු බල සේනාවට ගහන්න හදලා අපි දන්න දේවල් එළියට දාන්න පසුබිම හදා ගන්න එපා කියලා.

බොදු බල සේනා හා ජාකිත හෙළ උරුමය අතර ඇතිවෙලා තියෙන ගැටුමේ මැදට මම එන්නේ නෑ. නමුත් මම චම්පික රණවක ඇමතිතුමන්ට අනවතුරු ඇගවීමක් කරණවා බොදු බල සේනා ගැන බොරු ප්‍රකාෂ කරලා අපි දන්න දේවල් ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කරන මට්ටමට අපිව තල්ළු කරන්න එපා කියලා.

ඥානසාර හිමියන් මෙහෙව්වාද නැද්ද කියන එක ගැන මට දින වකවාණු සිදුවීම් සහිතව කතා කරන්න පුළුවන්. නමුත් මම එතනට යන්නේ නෑ. මොකට එකට ඉදල වෙච්ච දේවල් ගැන මම එහෙම ප්‍රසිද්ධායේ ප්‍රකාෂ කරණ එක හරි නෑ.

තමුන්නාන්සේලාට මතක ඇති 2014 දෙසැම්බර් 11 මම ජාතික හෙළ උරුමයෙන් එළියට ආව කියල මාධ්‍ය හමුව තිබ්බට පස්සේ මාධ්‍ය වේදීන් රණවක ඇමිතතුමන්ගේ සිංගප්පූරු ගමන ගැන රතන හමිගේ යම්යම් ප්‍රකාෂ ගැන මගෙන් අදහස් ගන්නට හැදුවා. ඒ අවෂ්ථාවෙත් මම කි්වවේ මම දැන් හෙළ උරුමයෙන් එළියට ඇවිත් ඉන්නේ මින් ඉදිරියට මම ඒ ගැන කතා කරන් නෑ කියලයි. අපිට ඉතාම පදනම් විරහිත චෝදනා නගමින් නඩු දමමින් අපට කළ විනාශය නිසා අපිට ඒ ගොල්ලන්ගේ ක්‍රියාකාරකම් වලට ප්‍රතිචාර දක්වන්නට වුනා.

මේ සිදු වීමෙදි මම අනතුරු ඇගවීමක් විතරක් කරල ඉන්නවා. අපි බලමු ඉදිරියේදී අපිට මීට වඩා විවෘතව මේ ප්‍රශ්නය කතා කරන්නට වේවිද කියලා.

scroll to top