ඉදිරි දින කිහිපයේදී දිවයිනේ පවතින වැසි තත්වය වර්ධනය වීමක්…

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ පවතින වැසි තත්වය වර්ධනය වීමක් අපේක්ෂා කල හැක.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර, බස්නාහිර සහ දකුණු පළාත්වල උදැසන කාලයේදීත් වැසි ඇති විය හැක.

ඇතැම් ස්ථානවල, විශේෂයෙන් බස්නාහිර, වයඹ, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වල (මි.මි.100ක පමන) තද වැසි බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

scroll to top