ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ 12.8% කවර්ධනයක්… – ඇමති චම්පික

Champika-7.jpg

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක වියත්පුර මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු කෝට්ටාව කුළසෙවනවත්තේදී ආරම්භ කරමින් පැවැති උත්සව අවස්ථාව අමතමිනි. මෙම උත්සවය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. නිවාස 300 කින් සමන්විත මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4,000 ක් වැය කිරීමට නියමිතය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘මේ වියත්පුර වැඩසටහන අපි දියත් කළේ වෘත්තීයවේදීන් සඳහායි. අනාගතයේදී අපි බලාපොරොත්තු වෙනවා හෝමාගම කඩුවෙල ආදී ප්‍රදේශවල තාක්ෂණ නගරයක් ඉදිකරන්න. ඒ නගරයේ වැඩකටයුතු අපි දැන් ආරම්භකර තිබෙනවා.

ඒ නගරයේ දැනටමත් විද්‍යාත්මක ආයතන, තාක්ෂණික විශ්වවිද්‍යාල අතිවිශාල ප්‍රමාණයක් තමන්ගේ කටයුතු ආරම්භකර තිබෙනවා. ඒ කටයුතු ආරම්භ කළේත් අපේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ සුරතින්. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරිකාලයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර රෝහල, මහරගම අපේක්‍ෂා රෝහල ඒවගේම ගොඩනැගෙන තාක්ෂණ නගරය, ඒ වගේම මේ අවට ජීවත්වන වෘත්තීයවේදී උගත් වියත් පිරිස්වලට සාධාරණ යුක්ති සහගත මුදලකට මේ නිවාස සංකීර්ණ ලබාදෙන්න.

මේ අපේ තෙවෙනි වියත්පුර නිවාස සංකීර්ණය. මෙමගින් නිවාස ඒකක 300 ක් අපේ වෘත්තීයවේදීන්ට ලැබෙන්න නියමිතයි. අපි මේ වසරේදී බලාපොරොත්තු වෙනවා මෙවැනි ව්‍යපෘති 05 ක් මේ බස්නාහිර පළාතේ දියත්කරන්න. එහි වටිනාකම මිලියන 28,000 ක්. ඒක රාජ්‍ය අංශයේ මැදිහත්වීමකින් තොරව පෞද්ගලික අංශය නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන් සිදුකරන විශාල ආයෝජනයක්. අපි ඒ ගැන ආඩම්බරවෙනවා අද පෞද්ගලික අංශයේ යෝධ ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයේ යන ඒ ක්‍රියාදාමයත් එක්ක තර`ග කරමින් නාගරික සංවර්ධන අධිකාරියේ පෞද්ගලික අංශයේ ශක්තිය ඇතිව තර`ගකාරී ක්‍රමවේදයක් අනුවමෙය ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත්වීම ගැන.

කොළඹ නගරයේ පැල්පත්වාසීන් වෙනුවෙන් නිවාස වැඩපිළිවෙලක් ආරම්භ කළා. ඒ වැඩපිළිවෙලත් දැන් සාර්ථකව ඉදිරියට යනවා. 2020 වෙන කොට නිවාස 20,000 ක් පැල්පත්වාසීන්ට ලබාදෙන්නත්, ඒ වගේම වෘත්තීය මධ්‍යම පාන්තික නිවාස 5,000 ක් 2020 වෙන කොට ඒ අයට බාර දෙන්නත් අපි කටයුතු කරනවා. ඒ සමගම මේ ප්‍රදේශවල සමාජ ආර්ථික පසුබිම, පදනම වෙනස් වෙනවා.

මේ වසරේ හය මාසය නොයෙකුත් ගැටලූ ගැටුම් මැද අපි 3.9% ක සමස්ථ ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා. ඒ ආර්ථික වර්ධනය අපි අත් පත් කරගෙන තිබෙන්නේ නිය`ගය නිසා රටේ විශාල ප්‍රදේශයක් පීඩා විඳිද්දි කෘෂිකර්මාන්තයේ ඍන 3.1 ක වර්ධන වේගයක්පෙන්වද්දි. තේ වේවා, පොල්වේවා, ආහාර බෝග වේවා, සහල්වේවා මේ සියල්ලටම විශාල බලපෑමක් නිය`ගය නිසා ඇති වෙලා තිබෙනවා. නිය`ගයෙන් ආර්ථිකයට දැඩිබලපෑමක් එල්ල උනාවගේම බස්නාහිර පළාතේ පසුගිය මැයි මාසයේ ගංවතුර නිසා ඇතිවූ වියරු බලපෑමත් සමග ආර්ථික වර්ධන වේගය 3.9 ක පවත්වාගෙන යන්න අපි සමත් වෙලා තිබෙනවා.

ඒ වගේම අපි කියන්න ඕනේ ඉතාම ආඩම්බරයෙන් ඉදිකිරීම් ක්ෂෙත්‍රෙය් වර්ධනය මේ වසරේ පළවෙනි 6 මාසය ඇතුළත 12.8% ක්. 2015 වසරේ නව රජය පත්වීමත් සමග විශාල කුණු කුණුවක් තිබුණා වැඩනැහැ, රට ඉදිරියට යන්නේ නැහැ, කොන්ත්‍රාත්කරුවෝ නිකං, රට ආපස්සට යනවාය කියලා මතයක්. නමුත් ඒ පසුගිය දශකයේ තිබුණට වඩාසීග්‍ර බලගතු ඉදිරි ගමනක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම අපි කැණීම් ක්‍ෂෙත්‍රයේ, ගල්, වැලි ආදී ක්‍ෂෙත්‍රවල අපි ලබා තිබෙන වර්ධනය 18% ක් තරම් විශාල එකක්. ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම වගකියන්න ඕනේ අපේ අමාත්‍යාංශය යටතේ තිබෙන වරාය නගර ව්‍යපෘතිය, ඒවගේම මහාමාර්ග අමාත්‍යාංශය යටතේ තිබෙන මාර්ග ව්‍යාපෘති සහ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පසුගිය කාලයේ ලබාදුන් අනුමැතීන් සමග රටතුළ අද ඩොලර් බිලියන 10 කට අධික ආයෝජනයක් පසුගිය වසර තුළ ගෙනඒමට හැකිවෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය අපිබාරගන්න වෙලාවේ බිලියන 39 ක, එහෙම නැත්නම් මිලියන 39,000 ක ණය බරක් තිබුණා, නමුත් අද අපි නාගරික සංවර්ධන අධිකාරිය ණයනැති, ලාභ උපයන ආයතනයක් බවට පරිවර්ථනය කර තිබෙනවා. ඒ වගේම අපේ සංවර්ධනය අපි විවෘත කර තිබෙනවා. හිතවතුන්ට ඉඩම් බෙදපු යුගය අවසන් කර තර`ගකාරී පදනමෙන් ඉඩම් විකුණන්න අපි කටයුතුකර තිබෙනවා. ඒ නිසා අපි නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය කාලයේ සංවර්ධනය සඳහා මුදාහැරපු ඉඩම් වලින් ප්‍රධාන තක්සේරුකරුගේ ඒ තක්සේරුවට වඩා 30% ක අධික ප්‍රමාණයක මුදලකට එම ඉඩම් ලබාදෙන්න අපට හැකිවුණා. ඥාතීන්ට, හිතවතුන්ට, විදේශිකයන්ට සින්නක්කරව රටේ වැදගත් ඉඩම් බෙදාදුන් යුගය අවසන් කර තර`ගකාරී පදනමෙන් ඉදිරියට යන්න අපි අවස්ථාව ලබාදුන්නා.

ඒ වගේම අපි පසු ගිය කාලයේ තිබූ අක්‍රමිකවත් විදිහට ගොඩනැගිලි ඉදිකිරීමට බලපත්‍ර ලබාදීමේ ක්‍රමය වෙනස් කළා. මේ ගැන සමහර අය ගොඩක් මුණු මුණු ගෑවා. විරෝධතා පැවැත්වුවා. පළාත් සභාව, බලය නාගරික සංවර්ධන අධිකාරිය අත්පත් කරගත්තා කිව්වා. උසාවිගියා. උසාවියත් පිළිගෙන තිබෙනවා නාගරික සංවර්ධන අධිකාරිය කළ ක්‍රියාවලිය හරි බව, යුක්තිසහගත බව. ඕනෙම කෙනෙකුට අතර මැදියන්ගෙන්, ¥ෂිතයන්ගේන් තොරව විධිමත්ව පරිගණකය මගින් ගොඩනැගිලි බලපත්‍ර අයදුම් කර අනුමැතිය ලබාගන්න අද පුළුවන්.

නගර සභා, ප්‍රාදේශීය සභා මැතිවරණ ලබන ජනවාරි මාසයේ පැවැත්වෙනවා. රස්තියාදුකාර, පගාගහපු, දූෂිත නායකත්වය වෙනුවට පිරිසිදු, උගත් වියත් නව දේශපාලන නායකත්වයක් එම මැතිවරණයේදී ලැබෙන බව මේ අවස්ථාවේදී සහතික කරනවා.

ඒ වගේම මේ නාගරික සංවර්ධනයේ ලබා ගත් ආර්ථික බලය රටේ සෙසු ක්‍ෂෙත්‍රවලත් සිදුකර ගෙන ගියා නම් 2020 දී රටේ ආර්ථික වර්ධනය මේ නාගරික සංවර්ධනයේ තිබෙනවා වගේ 12.8 ට රටේ ආර්ථිකයෙත් කෙරුණා නම් 2023 දී ආර්ථිකය දෙගුණයක් වෙන්න නියමිතයි. ඒ වගේම එම සංවර්ධන වේගය ඒක පුද්ගල ආදායමේ ගියා නම් 2020 වන විට ඩොලර් 5.600 ක ඒක පුද්ගල ආදායමක් ලැබෙන රටක් වෙන්න නියමිතයි. ඒ නිසා අපි හැමෝගෙම ඉලක්කය විය යුත්තේ නාගරික සංවර්ධන ක්‍ෂෙත්‍රයේ පෙන්වූ ප්‍රගතිය ප්‍රගමනය යුක්ති සහගත ක්‍රියාදාමය රටේ සෑම ක්‍ෂෙත්‍රයකම ගෙන ගොස් දැනට මේ තිබෙන 3.9% ආර්ථිකවර්ධන වේගය 6%7% ඉක්මවපු ආර්ථික වර්ධන වේගයක් බවට පරිවර්ථනය කර ගැනීම, ඒ සඳහා අපි එම පදනම දමා තිබෙනවා. ඒ පදනමත් සමග ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා යයි පැවසීය.

scroll to top